සිත තාම නුඹ ලගයි…. හතලිස් දෙවන හමුව

ජිවිතේ තනිකමත්, අහිමිවිමත් පමණක්ම උරුම කරගෙන තමා උපන්නේ යැයි බිනරට සිතුනි..පුංචි පුතාවත් අතගිල්ලෙන් අල්ලාගෙන කැළණිය රජමහා විහාරය වෙත ගියේය.. අසල මල් කඩයකින් රතු නෙළුම් මල් වට්ටියක් දෝතට ගත් බිනර නතර වුයේ චෛත්‍ය අසලය.. පුංචි පුතාත් සමගින් මල් අසුන මත මල් එකින් එක තබා පසෙකට ගොස් බිම වාඩි වි වන්දනා කරන්නට විය. අවසන දෑස් පියාගෙන මද වෙිලාවක් භාවනා කරන්නට විය..ඒ සියල්ල පුංචි පුතාද අනුකරණය කරමින් බිනර කරන සියල්ල ඔහුද නිහඩව සිදුකරන්නට විය.

කැළණිය පන්සලින් නගරයට පැමිනි ඔහු නැවත බසයකට ගොඩවි කිරිබත්ගොඩින් බැස තිලකවර්ධන එක ලගින් බැස ගත්තේය..

” පුතාට ඕනිම දෙයක් ගන්න..”

” මට ඕනි..රිමොර්ට් කාර් එකක්..”

බිනරට සිනහවක් නැගුනි..

” හ්ම්..යමු ඇදුම් ටිකක් අරන් කාර් එකකුත් අරන් දෙන්නම්..”

පුංචි පුතාගේ මුව පුරා කිරි සිනහාවක් නැගුනි..තමාට මෙන්ම ඔහුටද ජිවිතේ තනිකමක්, පාළුවක් දැනෙනවා ඇත..ඇතැම් අවස්ථාවන්වල තනිවම පාරදෙස බලා කල්පනා කරන අවස්ථාවන්ද බොහො විට බිනරගෙ දෑසින් දැක ඇත..

” එහෙනම් ඩෙනිමකුයි..ටිෂර්ට් එකකුයි….තව සපත්තුයි..කැප් එකකුයි…..

පුංචි එකාට අවශ්‍ය දෑ ගැන ලිස්ට් එකක් කියමින් ගියේය .

” හ්ම්..එන්නකො බලන්න..”

ඔහු පුංචි පුතුගේ අතින් අල්වාගෙන තිලකවර්ධන එකට ගොඩවි ඔහුට ගැලපෙන අවශ්‍ය බොහෝ දෑ මිළදි ගත්තේය..

” අපි යමුද පුතා දැන් ”

ඔහුගේ දෑත් පුරා බඩු මලුවලින් පිරි තිබුනි ..පුංචි පුතාගේ උපන්දිනය ඔහුට අමතක නොවන දිනයක් කිරිමට තමන්ට හැකි වුවායැයි බිනරට සිතුනි..

සාරාන්‍යාගේ සිතට බරක් දැනුනි..බිනර සර් ගියේ සිත සතුටින් නොවෙි..අමිමා කුමක් හෝ ඔහුට පවසන්නට ඇත.. ඉවසා සිටිමට බැරිම තැන ඇය ඔහුගේ අංකයට ඇමතුමක් ලබාගන්නට උත්සහ කලද එයද ක්‍රියා කලේ නැත.

” හදිසියකට කොල් එකක්වත් ගන්න ෆොන් වැඩ කරපංකො..ඒකත් නැහැ..මහ මැටි සර් කෙනෙක්…ඇයි අප්පා..”

ඇය ඇයටම කියා ගත්තාය..ඇය උන්නේ ඇදේ හාන්සි වි ගෙනය. අම්මා කාමරයට පැමිනියේ එවිටය.

” මට දුවත් එක්ක ටිකක් කතා කරන්න ඕන.”

ඇයගෙ ඇද අසල කොනක අමිමා වාඩිවිය.දැන් ඇයගේ සිතට බියක් දැනුනි..මෙි කතා කරන්නට යන්නේ බිනර සර් ගැනයයි ඇයට ඉවකින් මෙන් දැනුනි.ඇය කොට්ටය ගෙන ඇද විට්ටමට තබා එයට හේත්තුවිය.

” හරි..කියන්න බලන්න අම්මා…”

ඇය කිසිවක් නොදන්නා ගානට හැසුරුනි..

” අර බිනර සර් ගැන..”

” ඔව් ඉතිං මොකද්ද අම්මෙි..”

” ඒ සර් ඔයා ගැන මාත් එක්ක කතා කලා ”

අම්මා මුල පුරන්ට යන්නේ කුමකටදැයි ඇයට හොදින් වැටහුනි..

” මං ගැන මොනවා කියලා කතාකරන්නද අම්මෙි..”

” මට ඇත්ත කියන්න දුව…”

” ඒ මොකද්ද අම්මෙි , මම ඉතිං කොහොමත් අම්මට බොරු කියන් නැහැනි..”

” ඔය බිනර සර්රුයි ඔයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නේද? ”

එසේ අසද්ද නම් ඇයගේ මුව ගොළුවිනි.ඇයට බොරු කිමට නොහැක..ඒත් අමිමා මෙසේ ඔනෑවටත් වඩා කාරුණික විම පිළිබද ඇයගේ සිතට කුතුහලයක් ඇතිකරවිය .

” ඇයි අම්මෙි එහෙම අහන්නේ..දන්නවනි ඉතිං අපි හොද යාළුවන් කියලා..”

” ඉන් එහාට ගිය සම්බන්ධයක් තියෙනවද”

” අර මැට්ටා මොනවා අම්මගෙ කණට දාා ගිහිංද මන්දා මුකුත් අහගන්නත් බැරි වුනා.” ඇය තනිව සිතත් එක්ක සංවාද කරන්නට විය..අම්මා ඇයගේ මුහුණ ⁣දෙස බලන් උන්නාය ඇයගේ මුවෙහි ඉරියව් වෙනස්වි යන බවක් ඇයගේ මව දුටුවාය..

” මං හිතුවා හරි…”

අම්මා එසේ කියමින් ඇදෙන් නැගිටින්නට විය..

” ඇයි අම්මෙි…”

” ගින්නක් නැතුව දුමක් නගින් නැහැනි..”

” ඒ මොන කතාවක්ද ..”

” දන්නෙම නැද්ද..එහෙනම් අහගන්න..”

අම්මාගේ මුව එකවර වෙනස් වි තිබුනි..ඇයට බියක් සිතුනි.

” බැදලා ළමයෙක් ඉන්න එකෙක්ට උඹව දෙන්න අපි හීන මැව්වෙ නැහැ..ඒ බිනර මහත්තයා එක්ක උඹ මගුල් කන්න හිතාගෙන ඉන්නවනම් ඒ හීනය අමතක කරපං ..මං ජිවත් වෙලා ඉන්නකම් ඒවා වෙන්න දෙන්නැ..”

අම්මා එසේ කියමින් කාමරයෙන් පිටවිය . සාරාන්‍යාගේ දෑස් මතින් කඳුළු බිදු ගලා හැළුනේ ඉකිබිදුමත් සමගින්මය..

තවත් හමුවකින් හමුවෙමු.


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “සිත තාම නුඹ ලගයි…. හතලිස් දෙවන හමුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *