සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 1 කොටස

“ඩිස්ටි ඩිස්ටිඩිඩිං ඩිං
ඩිස්ටිඩිඩිං ඩිං “

මොකද යකෝ හිරූෂයා උඹ ඔය කෑ ගහන ටෝන් එක…

ටෝන් එක නෙවෙයි හරකෝ බෙල් එක වැදෙන සද්දෙ ලාවට අනුකරණය කරා…සෙනිකව දුවමු .පරක්කු පෝළිමට අහු වුණොත් විනෙයා මගෙ කොණ්ඩෙත් අල්ලලා කලිසමත් අල්ලලා ෆෝන් එකත් අරන් නවතින්නේ…

විනෙයා කිව්වෙ?විනෙයා කිව්වෙ නේද ..ඒ අපේ විනයභාර සර්ට ආදරේට කියන නම .තිවංකයයි මායි වෙනදට නම් එන්නෙ ශරීර සුවතා කරලා කොළ ඇහිඳලා කෙල්ලො ඒවා පුච්චලත් ඉවර උනාට පස්සේ….අද කරුමෙට ඩිංගිත්තක් කලින් …දෙන්නත් එක්ක පණ කඩාගෙන දිව්වා දිවිල්ලක්….

“ඌයි…………….”

තිවංකයා නම් නෙවෙයි ඒ බෙරිහන් දුන්නේ..හෙන සුකුමාලයිනෙ අඩේ.සයිඩ් එකට හැරිලා බලනකොට තිවංකයා හිටියේ ඇහේ කළු බෝලෙ අමාවක හඳ විතර ලොකු කරන්…මාත් ඌ බලන් ඉන්න දිහාවම බලපි….

සංසාරේ ….කවුද ඒ සකලංසමාලේ…
සකලංසමාලේ කිව්වෙ ඉතින් මිස්ලා ඒකි ඇඳන් ඉන්නව වගේ ප්‍රැක්ට්‍රිස් කිට් ඇඳන් ඉස්කෝලේ එන්නෙ නැති හින්දා .ශුවර් එකටම කැඩෙටින් කරන කෙල්ලෙක් වෙන්න ඇති 12 වසරට අළුතෙන් ආව.
දෙන්නං හොද රැග් එකක් ඇඟේ හැප්පුණාට..

“ඌයි නෙවෙයි…මොකද මී වැස්සියෙක් වගේ දුවන්නේ…ඇස් කටේ දාන් ද ඉන්නේ ආ…..දන්නවද අපි 13 වසර බයෝ පන්තියේ අයියලා…අපිට ගොඩක් වැඩ තියනව මෙතන ගෑණුත් එක්ක හුරතල් වෙවී ඉන්න වෙලා නෑ…”

මේකිට ගාණක්වත් නෑ හිකි හිකි ගාල හිනා වෙනවා…අඩේ විද්‍යාපීඨ ප්‍රැක්ට්‍රිස් එන මිස් කෙනෙක් උදේ ජොගින් කර කර ඉඳලා ඉස්කෝලේ ඇවිල්ලද දන් නෑ..

ඒවා කොහෙද විනෙයා එක්ක..

යමං යමං හිරූෂයා .. හැප්පුණා කියල ඕකිට මුකුත් වුන් නෑ නේ…නළලෙ ගෙඩි ඇවිල්ලා නැත්තන් එච්චරයි… අද ප්‍රැක්ටිකල් යකෝ…ප්‍රැක්ටිකල් මොකද ටියුෂන් එකේ කරනව කියල යැ

තිවංකයා මාවත් ඇදගෙන දිව්වා…මට තියන අවුල මෙච්චර ඒව කියලත් මොකද මේකි හිනා වෙන්නෙ කියල .

13 B ..බී කියන්නෙ බයෝ කියල හිතන් හිටියට මැත්ස් පන්තියේ අගට M කියල තිබ්බෙ නෑ.හැබැයි ඇග්‍රි පන්තිය තමයි ඒ පන්තිය.දෙන්නත් එක්ක බෑග් දෙක දඩ බඩං ගාල ඩෙස්ක් උඩට වීසි කරලා ජීවිත කාලෙටම පිළිවෙලකට ලිව්ව එකම පොත වෙච්ච ක්‍රෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් පොත් දෙකත් අරන් පණ කඩාගෙන ලැබ් එකට ගියා.

***************

හිරූෂ,තිවංක තමුසෙල දෙන්න ලැබ් එකට එන්නෙ වීදුරු බඩු ටික හෝදලා වේලුණාටත් පස්සෙද..එනව එනව මේක ඇගයීමක් ඔය ගෲප් එකකට ජොයින් වෙනවා..

මං පැන්න ගමන් සශිනිලගෙ ගෲප් එකට සෙට් වුණා..ඒ කියන්නෙ තිවංකයත් ඒකෙම තමයි බොල නැත්තන් ඌ වෙන එකකට යාවියැ මාව දාලා.. සශිනිගෙ කිරුම් මිනුම් තිතට.. ඉතින් ප්‍රැක්ටිකල් වරදින්නෙ නෑ..ඕකි ගෙදර තේ හදනව ඇත්තෙත් මවුල ගාණට මැනලද දන්නෙ ෂුවර් නෑ..

“ඒ ගෑණියේ පොඩ්ඩක් එහාට වෙයන්…”

මොකද තිවංක මේ වීදුරු බඩු ටිකත් එක්ක පෙරළෙනව තව පොඩ්ඩෙන්.

“ඇයි වදේ මට පේන්නෙ නෑ නෙ ..යන්තන් පේන්නෙ බීකර්,එකේ ස්ටෑන්ඩ් එක විතරයි ..”

“ඔයා කොට වුණාට අපි පළිද ඉතින් … මේ කට්ටියම හරියට බලා ගන්න මං කරන එක. පස්සෙ මිස්ට කියන්න එපා දැක්කෙ නෑ කියල එහෙම හරි ද.. “

සශිනියා හරි හරියට වැඩ.අපි දෙන්නත් බකන් නිලාගෙන උන්නා…තාත්තා මං දොස්තර කෙනෙක් වෙයි කියල හිතන් හිටියට තාත්තගෙ නළාව හොරෙන් දාගෙන සෙල්ලං ගෙදර දොස්තර වුණා මිසක් මට ලොකුවට ආසාවක් තිබ්බෙ නෑ ඒ ගැන..සශිනි ඒලෙවල් වලට අපෙ ඉස්කෝලෙට ආවෙ හද්දා පිටිසර ඉස්කෝලෙකින්..ඒත් ඉතින් පට්ට ටැලන්ට් එක..කෙමිස්ට්‍රි එහෙම ඇඟේම තියනව ..

මිස් හැමදාම ප්‍රැක්ටිකල් කරන්නෙ මාකර් පෙන් එකෙන්නෙ ඉතින් …සුපුරුදු විදිහට මිස් මාකර් පෙන් එකෙන් මොනාද ඇඳ ඇඳ ඉන්නකොට කොමස් පන්තියේ කොල්ලෙක් දොර ගාව හොර ගල් ඇහිඳ ඇහිද ඉන්නව දැක්කා..

“මොකද ඔය ළමයා ඔතන.”

“මිස් මේ 13 B පන්තියේ ලැබ් පීරියඩ් එක ද…”

“ඔව් ඒක තමයි “

“මිස් මේ පන්තියේ හිරුෂ කියල කෙනෙක්ටයි එයාගෙ කොට යාලුවටයි ප්‍රින්සිපල් සර් එන්න කියන්න කිව්වා”

මේ මොන මරලයක්ද යකෝ.අනික මගෙ නම දන්න එකෙක් මගෙ කොට යාලුවා තිවංකයා කියල නොදන්න විදියක් නෑ..මිස්ටත් හිනා….

“හා හා..එයාලට ඇගයීමක් කියන්න .ඒක ඉවර වෙලා එවන්නම් කියන්න …..

තමුන්ලා දෙන්න මොනා හරි මගඩියක් කරන්න ඇති ..දවසක් මතකනෙ බයෝ ප්‍රැක්ටිකල් එකකට ඉස්ගෙඩියෙක් අල්ලන් එන්න කිව්වම ප්‍රින්සිපල්ගේ ක්වාටස් එකේ පොන්ඩ් එකෙන් සාරිගප්පි ගෙනල්ල තිබ්බා..ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් එහෙම ගේන්න කිව්ව නම් තල්මහෙක් උස්සන් එයි……..
හා දැන් ඔය වැඩේ ඉවර කරනවලා..

මතු සම්බන්ධයි…


පෙර කොටස්

    facebook මගින් කමෙන්ට් කරන්න

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *