සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 10 කොටස

සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට
10 වෙනි කොටස

😨 නෙදකින් ඒක හත් අවුරුද්දකින් අප්ඩේට් නෑ…

අන්තිම පෝස්ට් එක අප්ඩේට් කරල තියෙන්නේ මාස හයකට කලින්. එහෙනම් මූ වැඩිය ෆේස්බුක් එන්නෙ නැතුව ඇති .අයියල දාන ගෲප් ෆොටෝ තුන හතරකත් බැලුවා භාෂිත අයියගෙ කමෙන්ට් මොනාත් නෑ..

ඔහොම රවුමක් දදා ඉන්නකොට මැසෙන්ජරේ ටං ටං ගාන්න ගත්තා.

“දානෙ ගෙදරක් තිබ්බා හිරූෂ ඒ හින්දා එන්න බැරි වුණා..”

යකෝ මේකි දෙපාරක් ෆේල් වෙන එක අහන්නත් දෙයක්‍ යැ.විභාගෙට තව මාස කීයද

“දානෙ ගෙදර වගේද අද පාඩම් දෙකක්ම රිවිෂන් කරා…සෙල්ලං කියල ද හිතන්නේ මේ පාරත් ෆේල් වෙන්නද යන්නෙ. 😡ං”

මං සිරාවටම සද්භාවයෙන් ඒක යැව්වේ.ඒ පාර නම් යවන පමාවට රිප්ලයි ආවා.

“ඔයා මට ආෆ්ට ස්කූල් ඉඳල කියල දෙනවද එහෙනම් 😍 …..”

යකෝ මේකි…ඉමොජිය දැක්ක ගමන් මාව හක්ක පටස් කෑව වගේ වුණා.

“හ්ම් කියල දෙන්න නම් බැරිකමක් නෑ.මට ක්ලාස් නැත්තෙ සඳුදා හවසයි අඟහරුවාදා හවසයි බ්‍රහස්පතින්දා හවසයි විතරයි .”

“සඳුදා හොඳයි..”

“Ok.good night “

පටස් ගාලා චැට් එක ඉවර කරල කෝල් එකක් අරන් මං තිවංකයට සීන් එක කිව්වා….

“ඕහ් හෝ වැඩිමල් ඔබේ සිතට මං ළං වෙලා….. සීන් එකක් යයි වගේ…”

“තොටත් හවස ඉම්මු කිව්වෙ ඒක තමයි නැත්තන් ප්‍රින්සිපල් අපි කාමයේ වරදවා හැසිරෙන්න හිටියා කියල අල්ල ගනී…”

“අනේ ද බන් හිරූෂයෝ මං හිටියයි කියල අල්ල නොගෙන ඉඳීද …කේප්ප වස්සා……ඊට පස්සෙ වැටෙන්නෙ රේප් කේස් එකක්…”

“හරි හරි කොහොම හරි තෝ වරෙන්කෝ..මං කියන්නම් ඒකිට නෙට්බෝල් ළමයිවත් ආෆ්ට ස්කූල් ප්‍රැක්ට්‍රිස් තියාගන්න කියල ..කේස් එක ක්ලෝස් නේ…”

“අන්න එහෙම වරෙන්…”

***************

“අනේ මැට්ටි… ඔය ගාණ ඔහොම හදන්න බෑ මුලින්ම පින්තූරයක් ඇඳගෙන ඉන්නවා…”

ලස්සනේ අහිංසකකමේ අඩුවක් නැති වුණාට මේකි ගොන් ගහක්.ඇයි සයන්ස් කරන්න ආවෙ කිව්වම කිව්වෙ කටපාඩම් කරන්න කම්මැලී කියල ආට්ස් කොමස් වගේ ඒවා.

තිවංකයා අඹ ගහකට පොලු ගගහා උන්නා මිස මට උදව්වට ආවෙ නෑ.ආව නම් ඌ මේකිට ටොකු ඇනලා මරනවා.
අපි ඉඳගෙන හිටියේ ග්‍රවුන්ඩ් එක වටේට හදල තියන කොන්ක්‍රීට් බැමි උඩ. ගීත්මා පහළ පඩියක මං උඩ එකක.
මං කරන්නෙ ළඟට ගිහින් ගාණක් කියල දීලා උඩ ඉඳන් ගාණ හදනවද බලන එක.

මේකි කොච්චර කිව්වත් රූපසටහන අඳින්නෙ වැරදියට .දැන් මේ තුන්වෙනි පාර.මං ම ඇඳල දීල හොඳින් කියන්න ඕනි අන්තිම පාරට..

“මේ අහන්න.කෝ පැන්සලයි රූලයි මට දෙන්න….”

මං නැහීගෙන කියල දෙනවා මේකි මෙච්චර වෙලා පැන්සල හපාගෙන වෙන ලෝකෙක ඉඳල තියෙන්නේ ..මං කතා කරනව ඇහිලා එකපාර ගැස්සුණා.

“මො..මොකක්ද කිව්වෙ…”

“මේ ලෝකෙ නෙවෙයි නේද ඉන්නෙ..පැන්සලයි රූලයි දීලා මෙහාට මං අදින හැටි බලන් ඉන්න හරි ද….”

මං සිංසිං ගාල රූපෙ අඳින ගමන් උඩ බැලුවේ වැස්සක්වත් සෙට් වෙයිද කියලා..

ඒ අහිංසක ඇස් බය වුණ මුව පැටියෙක් වගේ මගේ දිහාම බලන් ඉන්නවා..ටික වෙලාවක් දෙන්නට දෙන්නා එහෙමම බලාගෙන හිටියා .

මට ඒ ඇස් වලින් එයාගෙ හිතේ තියෙන්නේ මොනාද කියල කියවගන්න පුළුවන් වුණා නම්..මං දන් නෑ ඒ ඇස් පුරුදුයි පුරුදුයි වගේ දැනෙන්නේ ඇයි කියල ..

“හා හා පාඩම පාඩම අපි වැස්සක් එන්න කලින් මේක ඉවර කරන්න ඕනි…”

මං බොරුව සැර වෙලා වැඩේ පටන් ගත්තා. තිවංකයට නම් ආතල් ඌ ඈත නෙට්බෝල් නංගිලා එක්ක කයිවාරු ගගහ ඉන්නව පේනවා.

“ආ පැන්සල ..දැන් තනියම අඳින්න..”

මං කෙල්ලට පැන්සල දික් කරාම මේකි පැන්සලයි මගෙ අතයි දෙකම අල්ල ගත්තා කියහන්කෝ!

“හිරුෂ ඔයා උඩට යන් නැතුව මෙතනින් ඉඳගන්නකෝ”

හෑ…..වෙඩිමට මොකටද පොල්සම්බෝල කිව්වලු…ඔන්න ඔහෙ කමක් නෑ ටොක්කක්වත් අනින්න බැරියැ කියල මං ගීත්මගෙ එහා පැත්තෙන්ම ඉඳ ගත්තා.

මේකි පොතට බර වෙලා ඒ පාර නම් උනන්දුවෙන් රූපෙ අඳිනවා.අඳිනවට වඩා මකනවා.මං බලන් හිටියෙ හුළඟට කොණ්ඩකෑලි මූණට වැටෙන හැටි…

“මේ හරිද….”

අන්තිමට ඒකි පොත උස්සල මගෙන් අහන්නේ මොට්‍ටසෝරි පොඩි එකෙක් වගේ..

“ඔය තියෙන්නේ …”

ඇඟ හිරිගඩු පිපීගෙන එනවා..මං පොත අතට ගන්න යනකොට පට්ට හුළඟක් ඇවිල්ලා කොළ ටික පෙරළිගෙන පෙරළිගෙන ගියා.නෙට්බෝල් රූම් එක විතරයි අපිට මේ වෙලාවෙ වහලක් තියන තැනකට තියෙන්නේ .එතනට පංච ප්‍රයාමයවත් කර කර දුවන්ඩෝන කැන්ටිමත් පහු කරන්.

ගීත්මා පොත් ටික බෑග් එකට දා ගන්නව ලාවට දැක්කා.

“තෙමිල මැරෙන්නද යන්නෙ එනව මෙන්න මෙහෙ යන්න…”

නෙට්බෝලේ කුඩේකුත් අටවන් මගෙ අතින් අල්ල ගත්තා.ඒත් ඒක ඒ මහ වැස්සෙන් දෙන්නෙක්ට බේරෙන්න මදි.ශර්ට් එක ඔක්කොම තෙමිලා.දණිස්ස ගාවට කලිසම තෙමිලා.මේකි මාවත් ඇදන් ග්‍රවුන්ඩ් එක මැදින් දිව්වා..

මතු සම්බන්ධයි

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 10 කොටස

  • September 6, 2018 at 10:56 am
    Permalink

    ඇත්තටම පට්ට ලස්සන කතාවක්. ආසයි දිගටම කියවන්න. හැමදාම ලියන්න. ඊලග එපිසෝඩ් එක එනකං බලන් ඉන්නව. මේ වගේ ලස්සන කතා තව ලියන්න. good luck & wish u all the best.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *