සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 11 කොටස

සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට
11 වෙනි කොටස

දිව්වා දිව්වා මේකි මාව ඇදගෙන දිව්වා…දුවනව කියන්නෙ රේස් අස්පයෙක් වගේ දිව්ව දිවිල්ලක් මට හිතුණෙම කොහෙ හරි තියන ගහක කොළක මලක ඇළක දොළට පැටලිලා මං වැටෙයි කියල .

“අනෙ අම්මේහ්..”

දිවිල්ල ඉවර වෙලා හති ඇර ඇර ගීත්මා කුඩේ බෑවා.

යකෝ මේකි මාව ඇදන් ඇවිත් තියෙන්නේ නෙට්බෝල් රූම් එකට නෙවෙයි තේ වත්ත අයිනෙ තිබ්බ හට් එකට.මං ඒත් බැලුවා පඩිපෙල් නැග්ගෙ නැත්තෙ මොකෝ කියල …

මේකි අත් දෙකම බැඳගෙන ඇඹරී ඇඹරී ඉන්නවා…නෙට්බෝල් ජර්සිය ඇඳලා අත් දිග ජැකට් එකත් උඩින් දාන් ඉන්න මේකිට එච්චර සීතල නම් මට කොහොම වෙන්න ඕනිද…

ඉස්කෝලේ මේ පැත්තට ආවෙ පොඩි කාලෙ සෙල්ලං කරන්න ආවට පස්සෙ.මෙහෙට එන්නෙ හොරෙන් සිගරට් අදින එවුන් විතරයි .

“ඔයා කොහොමද මෙතන දන්නේ..”

ඉස්කෝලෙට ඇවිල්ලා මාස එක හමාරක් විතර යනකොට මේකි දැනන් තියන දේවල් කියල හිත හිත වෙව්ල වෙව්ලම මං ඇහුවා.

“ම්ම්ම්ම් අපි සියඹලා කඩන්න එනවනෙ..”

“හෑ…යක්ස කෙල්ලොනෙ මුන්. සිගරට් බොන ඇට්ටර කොල්ලොයි එහා ගමේ කුඩ්ඩොයි ඔක්කොම සෙට් වෙන්නෙ මේ හරියට ..අද පේන්න නෑ වැස්සනෙ..වත්තෙ ලයිමටවත් කුදලන් ගියොත් කැවෙයි සියඹලා…”

දැන් ආයෙ බයටවත් නොයා ඉඳීනේ.

“මට මේ කෙල්ලො එහෙම වගක් කිව්වෙ නෑ නෙ හිරූෂ “

නෙට්බෝලේ ඇස් දෙක ලොකු කරන් අහනව කට උල් කරගෙන.

“අනේ උන් දන්න ඉටිගෙඩිය.උන්ට ඉතින් ඉස්කෝලේ කොල්ලො එක්ක ලව් කරන්න මෙහෙ රිංගලා පුරුදු ඇති “

කටට ආව එක කියාගෙන කියාගෙන ගියා.ශික් යකෝ මං මේ ලයින් දාන කෙල්ලත් එක්ක නේද අහවල් එකක් කියන්න ගියේ.පොළව හාරල පස් කන්න හිතෙනව ගැඩවිලෙක් වගේ.

හැබැයි ඒකට කෙල්ලට ආවෙ මනමාල හිනාවක්.

“එයාල ඇයි ඉතින් මෙහෙට එන්නේ..”

අනේ අම්මේහ් මේකි නොදන්න තාලෙට අහන හැටි…

“අනේ අනේ අහන හැටි…ඇත්තටම ගීත්මා ඔයාට කොල්ලෙක් ඉඳලම නැද්ද “

චාන්ස් එකක් ආව වෙලාවෙ මොන මොනා හරි දැනුවත් වෙන්න බැරියැ.අපෝ ඒ උනාට ඕකි මේන් කියල ඇත්තම කියයි!

හට් එකේ එහෙට මෙහෙට සක්මන් පාරක් දාලා නෙට්බෝලෙ කතාව පටන් ගත්තා.මං හිතුවෙ සීරියස් කතාවක් පටන් ගන්න යන්නෙ කියල .

“ඉඳල තියනව අනේ..ඒ උනාට කැළවල් අස්සෙ රිංගන්නෙ කවුද “

” ආ එහෙනම් පොෂ් පොෂ් තැංවල රිංගන්න ඇති නේද…”

නෙදකින් කට ඉවසපාං කිව්වට කටට බ්‍රේක් නෑ..

“අනේ හිරූෂ මට ඒව මතක් කරන්න එපා…”

එකපාරටම මූණ අඳුරු කරගත්ත මේකි ගරිල්ලා හමුදාවෙන් පනිනව වගෙ පැනල මගෙ බෙල්ලෙ එල්ලුණා කියහන්කෝ…

අඩේ මගෙ නොඉඳුල් බෙල්ල…ඒ උනාට ආපහු මට කුච් කුච් හෝතාහේ..ගීත්මා මට සිරාවටම ලව් ද දන් නෑ.. ඒ උනාට මට සත්‍ය ප්‍රේම බෘංග මෙව්වා ෆීලින් එකක් ඒ වෙලාවෙ ආවෙ නෑ මෙයා මොකාට එනවද හිතා ගන්න බැරි හින්දා.
ඒ උනාට මං කැමති කෙල්ල මෙච්චර ළඟට ආව එකේ කරන්ට් වැදුණා වගේ මෙව්වා එක දැණුනා..

“මොකද මේ..”

“දන් නෑ හිරූෂ ඔයා දැක්ක දවසෙ ඉඳන් මට මොකදෝ මොකදෝ දැණුනා..අර මුලින්ම ඇඟේ හැප්පුණ දවසෙ ඉඳන්….ඒත් ඔයාගෙ එක්සෑම් එක අවුල් කරන්න මට ඕනි වුණේ නෑ…අනික අක්ක කෙනෙක් හින්දා ඔයා මොනා හිතයිද හිතුණා…”

අප්පටහුඩු මේ පනින්නේ හොරාට කලින් කෙසෙල් කැන වැටෙන්..එතකොට අර කොල්ලෙක් ගැන කිය කිය මොන උලව්වක් ද කරේ…

“එතකොට භාෂිත අයියට කැමති කිව්වෙ..”

ආයෙ ඒ ගැන කතා කරන්න ඕනි නෑ හිරුෂ….ඔයා මොන උත්තරේ දුන්නත් මං භාර ගන්නම්..මං හිතේ තිබ්බ ටික කිව්වා ..”

දැන් හෙන මගඩියක් වෙන්න යන්නෙ..මට බය මේකි විභාගෙ අවුල් කරගනීද දන් නෑ ගොන් ගහ වගේ මං දැන් මේකට බෑ කිව්වොත්…මට බෑ කියන්න උවමනාවකුත් නෑ ඒත් නන්නාදුනන කෙල්ලෙක්ට එහෙම එකපාර කියන්නත් බෑ.මේකි බැඳලද කියන්න මොන දෙයියොද දන්නේ…

මං දෙන්න ඕනි හොඳම උත්තරේ දුන්නා…

“තව මාස 6 යි.. ඒ ලෙවල් ඉවර වෙනකන් ඉම්මුද…. එතකන් ඔයාගෙ වැඩ වලට උදව් කරන් ඔයත් එක්ක ඉන්න මං පොරොන්දු වෙනව….

හිරූෂයෝඕඕඕඕඕඕ තොපි කොහෙදෝ……

හම්බෝ..අරුන් ටික අපිව නැති හින්දා හොයනව වගේ ..මං කෙල්ලව මගෙ ගාවින් අයින් කරලා ඔලුව අතගාලා පොඩ්ඩක් ශේප් කරා…දැන් ඔය වසවාරතියො එන්න කලින් ග්‍රවුන්ඩ් එකට යන එක හොදයි වැස්සත් පායල තියන එකේ..

අපි කලින් ඉඳන්ම මැයි ගහ යට උන්නා වගෙ කුඩෙත් අටවන් ග්‍රවුන්ඩ් එක ළඟ මැයි ගහ ගාවට සෙට් වුණා.

මතු සම්බන්ධයි

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *