සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 12 කොටස

සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට
12 වෙනි කොටස

“හා හා හා චිස්…”

පහුවදා දවසම ඉස්කෝලේදි මායි තිවංකයයි හචිං ඇරිය එක කරේ.අද නෙට්බෝල් පේන්න හිටියෙත් නෑ උදේ.මට එන් නෑ කියල මැසේජ් එකක්වත් දාල තිබ්බෙ නෑ.

වැඩේ කියන්නෙ මං තිවංකයටවත් ඊයෙ සීන් එක කිව්වෙ නෑ.ඒ වුණාට කෙල්ල ගැන පොඩ්ඩක් වටෙන් ගොඩෙන් හොයා ගන්න ඕනි.

“තිවා…ගීත්මගෙ ඉස්කෝලේ අඳුරන අක්කල නැද්ද …”

“ම්ම්ම්ම් කොන්වට් එකේ නේද…ඇයි බන් හර්ෂයගෙ අක්කා..මං හිතන්නෙ ඒකිගෙ වයසෙ…”

“අප්පටසිරි එහෙම ද එල එල..හවස යං උන්ගෙ ගෙවල් පැත්තෙ..”

“ඇයි උඹ ගීත්මව කසාද බැඳගන්නද විස්තර හොයන්නේ”

“ඇයි නරකද ආ ආ..”

“ආව් ආව් ..මට ඇත්ත කියහන් තොපි මොනාද මේ මැයි ගහ යට දවසක් දා වැස්සෙ කරේ…”

මට පොරව ෂුවර් හින්දා සීන් එක හෙමීට කිව්වා..

“නෑහ් ? එතන ඩිස්ටිඩිඩිං සීන් එකක් යනවද අපි ආවෙ නැත්තන් “

“අනෙ මේ පල පල මට එහෙම අසහනයක් නෑ..”

“තොට නැතුවට අරකිට තියනව ද දන්නෙ නෑ නේ…”

“දෙන්නෙ උඹට මං ඒකිට මොනාත් කියාගෙන ආවොත් …”

“අප්ප ද බොල මූ බලකො චීත්තයක් ලොකු කරන්…. හා හා උඹට ඔය ඉඳල ඉඳලනෙ කෙල්ලෙක්ට හිත ගියේ හොද එකක් නම් හොයල බලලා කරල දෙන එක අපෙ යුතුකමනේ….”

තිවංකය මගෙ පිටට තට්ටුවක් දාල කිව්වා.දැන් හවස හර්ෂයගෙ ගෙදර යන එක තමයි ප්ලෑන.

*******************************************

අක්ක කිව්ව හැටියට කෙල්ලගෙ තාත්තා සෙපරේට්.වෙන කසාදයක් කරන් ඉන්නවලු.අම්මට පරම්පරාවෙ ලොකු බූදලයක් තියනවලු.තාත්තත් මාසෙට ලොකු ගාණක් කෙල්ලට එවනවලු.

මට දැන ගන්න ඕන ඒකිගෙ අයවැය වාර්තා නෙවෙයි කිව්වම අක්කට හිනා ගියා.එහෙනම් හිරූෂ මල්ලිට ඕනි වෛද්‍ය වාර්තාද අහපි මේකි.

අපි වගේම ඇට්ටර අක්ක කෙනෙක් .කොහොම කොහොම හරි ඉස්කෝලේ කාලෙ පොඩි පොඩි හුටපටත් තිබ්බලු.ඒත් අක්කට චරිත සහතික දෙන්න බෑ ඒව ඒකිගෙන්ම අහ ගන්න කිව්වා..

කොහොම හරි නෙට්බෝලෙ බැඳල නැත්තන් එච්චරනේ!
තිවංකයා එක්ක එහෙම කිය කිය ඩබල පයින්ම ගෙදර ආවා.

ඌව ගෙදර අඬහන් ආවෙ පාඩම් කරන්නමත් නෙවෙයි .මේක ගැන කතා කරන්න ගෙදර කවුරුත් නැති හින්දා.තනියම මනෝ ගගහ ඉන්නවට වඩා කයියක් ගගහ මොන මොනා හරි පාඩම් කරතෑකිනෙ.

*******************************************

හෙන සරලව තිබ්බ මගෙ ජන ජීවිතේ තව මාසයක් විතර යනකොට මරදානේ රේල් පාරවල් වගේ වුණා කියහන්කෝ!

*උදේ පාන්දර ඉස්කෝලේ යන්න පුරුදු උනා
* නෙට්බෝලෙ සුදු මැණික උනා
*ටියුෂන් ඇරිලා පාක් එකේ වල බහින්න පුරුදු උනා
*කෙල්ලට එක්ක බත් ගෙනියන්න වුණා
* හද්දා මොට්ට ගෝලෙක්ට උගන්නන උනා…

ඔව්..මගෙ ලොකුම ටාගට් එක වුණෙ කෙල්ලව විභාගෙන් ගොඩ දාන එක.ලොකූ බර ලව් ටෝක්ස් නුදුන්නත් අපි ආදරෙන් කතා බහ කරා.

හැබැයි මං කසාද බඳින කතා බබ්බුන්ට නම් දාන ලව් ටෝක්ස් තව ටිකක් පස්සෙ කියන්න ඉතුරු කරගත්තා.නැත්තන් ඕවගෙන් ඔලුව පිරුණම මේකි මනෝ ගගහ ඉඳී..

“බබා ඔයාට දැන් ක්ලාස් එකේ පේපර්ස් වලට mcq කීයක්ද තියෙන්නේ ?මං ඇහුවෙ ගෙදර ඒවගෙ?

“34 ක් 35 ක් වගේ..”

ඒ ගාණ ok.ඒත් තව මාස 4 ක් විතර තියනව නෙ.ඒ වෙනකොට එන්න එන්න අඩු උනොත් තමයි කේස් එක..”

“ඔයා දොස්තර කෙනෙක් වෙලා කන්න අඳින්න දීල මාව බලා ගනී නෙ එහෙම උනොත් “

එහෙම කියල කෙල්ල මට තුරුල් වුණා.අපි හිටියෙ පාක් එකේ පොඩි ළමයි සෙල්ලං කරන හරියෙ.
ඔව් ඔව් බන් අර ඔංචිල්ලා ගැජමැටික් තියන ප්ලේස් එකේ.මං හිතලම ඒ හරියෙ නවතින්නෙ ඈතට ගිහින් මේකි මොන ගිනි විජ්ජුම්බරයක් කරයිද දන් නැති හින්දා.ඕව කරන්න ගිහිල්ලා විභාගෙ කට ළඟ තියාගෙන ඉස්කෝලෙයි තාත්තල ගාවයි නෝන්ඩි වෙන්න බෑ.

“හා හා ඒව හරි යන් නෑ .මං කියල නෙ තියෙන්නේ විභාගෙ ගොඩ දා ගත්තෙ නැත්තන් නොකවුට්”

ඒකට නම් කෙල්ල නෝක්කාඩුවට වගේ බැලුවා.මං එයාගෙ පරණ සීන් හර්ෂගෙ අක්ක කිව්වම අහන්න ගියෙ නැති උනාට එයාම මට ටිකක් ටිකක් කිව්වා.
කොල්ලෙක් එක්ක නුවරඑළියේ ගිහින් තියනව කිව්වා.ඒ උනාට අවුල් දේවල් කරේ නෑ කිව්වා..

ඒ උනාට ඉතින් ඌ සිල් ගන්ඩ ගියායැ නුවරඑළියේ !බරපතල මොන මොනා හරි කරන්න ඇති භයානකම එක නැතත්!
තව කොල්ලෙක් එක්ක බීල තියනව කිව්වා..

ඕකා බීල බදාගෙන නටන්න ඇති වැඩිම වුණොත් .ඌත් මුකුත් කරේ නැහැයි කිව්වා.

දැන් ඉතින් කරන්න දෙයක් නෑ හිත ගිය තැන මාළිගාව මට පරණ එව්ව වැඩක් නෑ. හැබැයි ආයෙ බීල අහු වෙන්න එපා එහෙම උනොත් බේබද්දි කියල ඉස්කෝලෙම කියනව කියල මං පොඩ්ඩක් බය කරා…

“හිරූෂ…ඔයා ෂෝයි පැන්ඩ බබෙක් වගේ…”

අප්පේ මේකිගෙ හුරතලේ…

“උඹ නම් මොකෝ මාව පරිවාසෙ දායි යං ගෙදර ” කියල මං කෙල්ලව අරන් එළියට එන්න ලෑස්ති වුණා

“බූරු මැට්ටා වයස 19 යි නේද එහෙම පරිවාසෙ දාන් නෑ…”

“හා හා පණ්ඩිතී මොකක් හරි මං තාම ඉස්කෝලේ ළමෙක්…”

******************************************

විභාගෙට තව මාසයයි….මේ අන්තිම මාසෙ..ඉස්කෝලේ යන් නැති හින්දා ක්ලාස් වලදි විතරයි මට කෙල්ලව හම්බෙන්නේ….

ඒකත් සෙනසුරාදා බදාදා විතරයි .අනිත් ඔක්කොම දවස් වල තියන ඒවට එයා එන් නෑ.එයාට ඉන්ඩිවිජුවල් …

“අඩෙ දවසක අපිත් යන්ද උන්ගෙ ගෙදර ඔය ඉන්ඩිවිජුවල් දෙක තුනකට..සර් කාරයගෙන් ළඟටම වෙලා අහගත්තෑකිනේ .”

“ඒකත් සිරා තමයි බන්..නොදන්න සමහර තැන් තියනව .අපෙ සර්ලට ඉතින් ඊ ළඟ ක්ලාස් එක පටන් ගන්න හදිසියනෙ ඕවට වෙලා නෑ නේ..”

ං”ලබන සතියෙන් ක්ලාස් ඉව‍රනෙ..ඉරිදා යන් ද…”

“හරි මං කෙල්ලගෙන් අහන්නම්…

“ඒක නෙවෙයි බන් මං උඹට කියන්න හිටියෙ වැරදියට හිතන්න එපා. “

“මොකක්ද තිවා… “

“ඒකි ටිකක් අමුතුයි නේ බන් සමහර දවස් වලට සෙනසුරාදා ක්ලාස් එකේදි.. අදීෂ දැකල තියනව උගන්නනකොටත් ෆෝන් එකේ ඉන්නව…..තෝ මෙතන ඉද්දි අහවල් එකටද ෆෝන් ඔබන්නෙ..”

“ගේම් ගහනව වෙන්නැති…බන්..”

“නෑ නෑ කෝල් එකක ඉන්නව දැකල තියෙන්නේ ..පැය භාගයක් විතර..දැන් දවස් දෙක තුනක්ම. දවසක් මූට ඇහිලා බබා කියනවා..”

“හ්ම්ම් ඒකත් එහෙම ද අපි බලමුකෝ..”

එහෙම කිව්වට මගෙ ඔලුව ගිනි අරන් තිබ්බෙ ඒ අහපු දෙයින්.

මතු සම්බන්ධයි

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 12 කොටස

  • September 11, 2018 at 8:06 pm
    Permalink

    koo anee ithuru tika? ikmanata daannakoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *