සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 2කොටස

සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට

2 කොටස

දැක්කොත් පද්මාවතී
ප්‍රැක්ටිකල් නොකරා බැරී..

“ප්‍රින්සිපල් ගාවට යනකොටවත් කට වහගෙන යමන්කො බන්”

ප්‍රැක්ටිකල් දවසට තිවංකයාගෙ කටේ තියෙන්නම ඕක.පද්මාවතී මිස් වද කර කර හරි අපිව ගෙන්න ගන්නෙ ප්‍රැක්ටිකල් නැතුව එක්සෑම් එකට ෂුවර් ඇන්ඩ් ෂොට් කෙළවෙන හින්දා …මොන මගඩියකට ප්‍රින්සිපල් අපිට එන්න කිව්වද කියල හිත හිත දන්නෙම නැතුව ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ගාවටම ඇවිත්……

අපි කොහොමත් බය නැති වෙව්ලන් නැති එළකිරි කොල්ලෝ…

“හිරුෂයා අර බලහන් ප්‍රින්සිපල්ගෙන් ගුටි කනවට වඩා නවනිංගිරාවයි අරූ දැක්කොත් ….”

“අඩේ හෙඩා.. මොඩර්න් චීත්තේ”

අපි ඌට මොඩර්න් චීත්තෙ කිව්වෙ පොර ලැන්වේජස් පන්තියෙ නිසා.ෆ්‍රෙන්ච්,ලිට් අනං මනං පොශ් පොශ් සබ්ජෙක්‍ට් ටිකක් කරේ.කතා කරන්නෙ සාගල රත්නායකගෙ ටයිප් එකට.ඉතින් මවා ගනින්කෝ කොහොමට ඇද්ද කියල …

මගෙ තාත්තගෙ වෝඩ් එකේම හිටපු දොස්තර කෙනෙක් ගෙ එකම පුතා ඌ.මොන්ටිසෝරි ගියෙත් ලන්ඩන් වලද මන්දා.දැන් ඕකා මේක තාත්තගෙ කනේ තියන්නේ…..

“ආනකල්ල් ආන්කල්ල් හිරුෂව ඊයෙ පනිෂ් කරා.. අයි ඩෝන්ට් නෝ හව් ටූ හව් චූ…….”

ඔන්න ඔහොම පල් හෑල්ලක් කියල …ඔන්න එනව ගෝත කරුමේ..

“මොකද හිරූෂ මෙතන..ප්‍රශ්නයක් ද.මොබයිල් එකක් අහු වුණාද”

“නෑ නෑ බන් ප්‍රශ්නයක් නෑ මේ මේ තිවංකයාට කෙමිස්ට්‍රි අයින් කරල ICT කරන්න පුළුවන් ද අහන්න ආවෙ 😁”

ඒක කිව්වම ඌ පාඩුවෙ යන්න ගියා.ඌට අධ්‍යාපනික කරුණු හෙන සංවේදී.

“මොකද්ද බන් ඒ කිව්ව හරුපෙ..ටක් ටික් ටුක් ගහල හරි mcq 30,35 ක් ගොඩ දාගන්න පුළුවන් මට තාම කෙමිස්ට්‍රි වල. ICT කරන්න ගිහින් මං කොම්පියුටර් ගේම් ගහන්ඩයැ…”

“හරි හරි යකො අරු තාත්තට කිව්වොත් මං බේරෙන්නත් එපැයි ……..

ප්‍රින්සිපල් ගාව මිස් කෙනෙක් ඉන්නව.අපි දෙන්නා බෙල්ල හරව හරව අටදිසා නමස්කාරෙ කර කර වටපිට බල බල හිටියා මිස් යනකන්…

ඔෆිස් එක ගාවට ග්‍රවුන්ඩ් එක හොඳට පේනව. නෙට්බෝල් වසන්තෙ ළං වෙලාද කොහෙද කෙල්ලො කොටට කොටේ ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට බැහැලා.ඕකුන් හැමදාම ප්‍රැක්ට්‍රිස් නම් කරනව ඒත් දින්න මැච් එකකුත් නෑ හත් අවුරුද්දකින් විතර .

“යමං යමං අන්න මිස් ගියා”

******************************************

“තමුසෙලා දෙන්නා මොකක්ද අද උදේ කරපු නොහොබිනා වැඩේ….”

“අපි අපි එහෙම මුකුත් ……”

“අපි අපි නෙවෙයි අයිසේ …. උපාලි සර් කියන්නකො මුන් උදේ කරපු හපන්කම …මුන් මේ එහෙම කරේ නෑයි කියන්න ද කොහෙද තටමන්නෙ..”

නෙදකින් එහෙනම් කොහෙ හරි පඳුරක් අස්සෙ හැංගිලා විනෙයා උදේ අපි අර කෙල්ලව මඩවනව දකින්න ඇති .එහා පැත්තෙ කැබින් එකේ ඉඳලා විනයත් ආපි.

“ආ තමුන්ලා දෙන්නා..උදේ කෙල්ලෙක් කියල රැවටිලා රැග් කරන්න හැදුවා නේද අලුතින් ආව නෙට්බෝල් මිස්ට…”

හුටා.. මට නිකමටවත් හිතුණෙ නෑ නෙ මේකි නෙට්බෝල් මිස් කියල .ටීම් එකක ඉන්න ඊයෙ පෙරේදා ඉස්කෝලේ අවුට් වුණ කෙල්ලෙක් ටෙම්පරි ගන්න ඇති .හත්වලාමේ ඉතින් කොල්ලො නෙට්බෝල් ගහනවයැ අලුතින් මිස් කෙනෙක් ගත්තා කියල දන්න…

මට කලින් තිවංකයා ඉස්සර වුණා.පොරට හොඳට රඟපාන්න පුළුවන් .

“අනේ සර් අපිට සමා වෙන්න…12 වසරට අලුතින් ආව නංගි කෙනෙක් කියල හිතුවෙ..”

“නංගි? පුහ්.. කාට උණත් ඔහොම රැග් කරනවද…. උපාලි …ඒ මිස් නම් තාම මට මේ ගැන කම්ප්ලේන් කරල නෑ.ඉන්ටවල් එකේ ඒ මිස්ට එන්න කියල පණිවිඩයක් යවන්න.මේකෙ ඉන්න කොල්ලො ගැන කියල තියන්න ඕනි…”

“දැන් අපි මුන් දෙන්නට මොකක්ද කරන්නෙ සර්”

“බයෝ පන්තියේ නේද..උපාලි දන්නවද ඩොක්ට ධම්මික සුරවීරගෙ පුතා මේ..
හා හා ගිහින් පිස්සු කෙලින්නෙ නැතුව ඉගනගන්නවලා අම්ම තාත්තගෙ නම්බුව තියල.ආයෙ අහු වෙන් නෑ මට තේරුණාද ..හුම්.. දැන් යනවා “

ඒ මොනා උණත් ලොකු සර් ඉස්සරහට විනයා නෝන්ඩි උනානේ හිරුෂයො..

“ඔව් යකෝ ඌ හිතන්න ඇති අපිව දඬුකඳේ ගහලා රජකාලෙ වගේ දිමිගොටු දායි කියල ..දාපන් පහක් ” 😂

“අනික බන් අර අවතාරෙ මිස් කෙනෙක් කියල දන්නවයැ ඒකි බෝඩ් එකක් ගහන් හිටියෙ නෑ නෙ මම නෙට්බෝල් මිස් වෙමි ” කියල ..

මොනා උණත් ඒකි කම්ප්ලේන් කරලා නෑ බන් තිවංකයො හිත හොද අක්කි බබෙක් 😌

හා හා උඹට අක්කි බබෙක් විතරයි අඩු. ඉක්මනට ගිහින් කාල ඉම්මු උලමෝ දැන් 3 වෙනි පීරියඩ් එකත් වෙලා. ඉන්ටවල් එනකන් ඉන්න බෑ මං උදේට කාලත් නෑ.

හරි හරි කැන්ටිම බලා ගමනේහ් යං ලෙෆ්ට් රයිට් ලෙෆ්ට්

අනෙ තෝ ස්පෝට්ස් මීට් කාලෙට වල බහිනව දැන් උඹයි මායි දන්න ගමනේ යෑම යංයං..

කැන්ටිම තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ කොණක.අපෙ පන්තියෙ කෙල්ලෙ දෙතුන් දෙනෙකුත් ග්‍රවුන්ඩ් එකේ හිටියා.උන් ඔක්කොම පොල් ගස් වගේ උසට උසේ ඉන්න එවුන්..උන්ගෙ උස දැක්කම මෙලෝ යකෙක්ට ලයින් කරන්න හිතෙන්නෙ නෑ.උන්ට හොයන්න වෙන්නෙ ජැමයිකාවෙන් තමයි .ඉතින් අපෙ තිබ්බෙ වරෙන් පලයන් ෆිට් එකක් විතරයි .

“භාෂියෝ අද ප්‍රැක්ටිකල් එකට ආවෙ නැද්ද බන් මේ අවුවෙ කර වෙවි ඉන්නෙ..”

“මිස් ඒ ටික මැත්ස් පන්තියේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්න අයටයි අපිටයි වෙන දවසක කරන්නම් කිව්වා..අපිට මැචස් ළඟයි බන්…”

සිරාවට ඒකි කැප්ටන් අනිත් එකී වයිස් කැප්ටන් උන් නැතුව මොන මැච් ද. දහතුන වසරෙ වුණා කියල බෑ කියන්න යැ.

“මොකද තිවංකයො අනින්නේ තොට පිස්සු ද අසහනේද…”

අර අර බලපිය

තිවංකයා මට ඇහෙන් පෙන්නනේ කැන්ටිමේ ඉඳලා වතුර බෝතලේකුත් උස්සන් එන උදේ දැක්ක ලලනාව…

මට නම් හිතුනෙම නෙට්බෝල් මිස් කියල දන් නෑ වගේ තව ටිකක් ටෝක් කරන්න .ඒත් මේ ගෑනු ගිහින් කිව්වොත් මල කෙලියයි නෙ .අපෙ එවුන් වගෙ නෙවෙයි දහය එකොළහෙ පොඩි කෙල්ලොත් ඉන්නව මෙතන.

බොටමක් ගහලා නෙට්බෝල් ජර්සියක් දාන් හිටියත් ඒකි නිකන් ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්න ජිම් සෙල්ෆි දාන කෙල්ලෙක් වගේ..හොඳට මේන්ටේන් කරපු ඇඟක් තිබ්බා.. ඈත ඉඳන් එනකොට බලන් ඉඳලා ළඟට එනකොට ඇස් අහකට ගන්න අමතක වුණා……….

“මොනාද බලන් ඉන්නෙ ආ…..”

මතු සම්බන්ධයි


පෙර කොටස්

    facebook මගින් කමෙන්ට් කරන්න

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *