සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 3 කොටස

“නෑ නෑ මිස් මං බැලුවේ වතුර බෝතලේ පණුවො ඉන්නවද කියල ..කැන්ටිමේ වතුරනෙ ඉතින් ෂුවර් නෑ නේ.

එවෙලෙ කටට ආව බොරුව මං ඔහේ කියල දැම්මා.

“දෙන්නටම පණු ගාය කියල නම් පේනව පණුවො කෙසේ වෙතත්.”..

තිවංකයා,ඔලුව කස කසා කතාව පටන් ගත්තා.

“මේ මේ මිස් උදේ…”

මේ ගොන්තයා කෙල්ලො ටික ඉස්සරහ අපේ කාඩ් කුඩු කරයිද දන්නෙ නෑ. මං ඌට ඇනලා ඇහැක් ගැහුවා.කරුමෙට අරකිත් ඒක දැක්ක කියහන්කො.

“ළමයි ඔයාල ප්‍රැක්ට්‍රිස් පටන් ගන්නකො මං එන්නම්”

ඒකිට අපෙ ආත්ම ගෞරවය ගැන හැඟීමක් තියනව අර ගොන් ගහට වඩා.

“උදේ උදේ තමයි …මට තේරුණා ළමයෙක් කියල රැවටිලා කියල .මාත් ඉතින් ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු දෙකකට වැඩි නෑ නෙ…..”

සාමාන්‍යයෙන් ස්පෝට්ස් මිස්ලා කතා කරන්නෙ ටිකක් සද්දෙට වුණාට මේකි කතා කරන්නෙ නැළවි නැළවි…

“හානේ මිස් අවුරුදු දෙකද බාල .කියන්නවත් බෑ දොළහ වසරෙ නංගි කෙනෙක් වගේ.” මූට කට,නිකන් තියන් ඉන්න බෑ.ප්‍රින්සිපල්ගේ වයිෆ් ආවත් දාගෙන ටෝක් කරයි.

“අනේ අනේ බටර් ගාන්න ඕනි නෑ.මං ඉතින් නෙට්බෝල් කෝච් කරන්න ආව නිසා ඉස්කොලෙදි කොල්ලො හම්බෙයි කියල වැඩිය හිතුවෙ නෑ..”

“ඒකනෙ මිස් නේද…”

අරූ මෙතන නාන්න කලින් මං කතාවට බහින්න හිතුවා.දැන් ප්‍රින්සිපල් මෙයාට ඉන්න කිව්වම මොනා කියයිද දන්නෑනෙ.

“මිස් මිස් ඒක නෙවෙයි …උදේ සීන් එක විනෙයා දැකල….සොරි විනයභාර උපාලි සර් දැකලා අපිට ගේමක් ඇද්දා …”

“ආහ් ඒ මොකද ..ඔන්න මං නම් කිව්වෙ නෑ…”

“හරි හරි මිස් නෙවෙයි කියල දන්නව..අර විනෙයා පඳුරු අස්සෙ හැංගිලා බලන් ඉඳලනෙ…පොඩ්ඩක් ෂේප් කරන්න ඈ ප්‍රින්සිපල් සර් ඇහුවොත් එහෙම ….”

“දන් නැද්ද ඉතින් මිස් අපි අපි නෙ..ගමේනේ කොල්ලොනේ ආතල් නේ…”

තිවංකයා වාචාල කටෙන් තව මොනා හරි කියන්න කලින් මං ෂර්ට් එකෙන් ඇද්දා.

නෙට්බෝල් ගහන කෙල්ලො ඔලුවට බෑන්ඩ් එකක් දැම්මට මිස් දාල හිටියෙ නෑ.ග්‍රවුන්ඩ් එකේ සැර හුළඟට කොණ්ඩ කෑලි කෙල්ලගෙ එහෙ මෙහෙ නටනවා.
මං ඒ දිහා කට ඇරගෙන බලං හිටියා.කුචු කුචු හෝතාහේ වගේ.ඒ උනාට මේ නෙට්බෝලෙකට පුළුවන් ද මගෙ හිත හොරකං කරන්න.

අනෙ පයලං කෙල්ලෙ යන්න.මං වොච් එක දිහා බැලුවා.තිවංකට ළං වුණා.

“මිස් අපි යන්නද එහෙනම් ඉන්ග්ලිෂ් පීරියඩ් එකේ කන්න ආවෙ..”

මේකි හා හා බෙල්ල දෙපැත්තට වන්නනෙත් අර ටැමිල් ෆිල්ම් වල වගේ මනමාල සීන් එකෙන්.

“අඩේ අරකි කොහොමද දන් නෑ ප්‍රැක්ට්‍රිස් කරවන්නෙ ළමයින්ට..අරෙහෙම සුකුමාල විදිහට ගැස්සිලා පැද්දිලාද දන් නැ”

“තොට බලා ගන්නම ඕනි නම් කන්න මොනා හරි අරන් ඇවිල්ලා අර බැම්මට වෙලා කකා බලපිය මට බඩගිනී..”

***************
“පුතා කොහොමද දැන් පාඩම් වැඩ .අමාරු නම් කියන්න ඉන්ඩිවිජුවල් ක්ලාස් ටිකක් හරි ගෙදරට ගෙන්නගෙන කරමු…”

“ලොකු අවුලක් නෑ තාත්තේ…”

අපි ගෙදර කන්නෙ ටීවි බලන ගමන්.කන ගමන් නිවුස් යන වෙලාවට චැනල් මාරු කර කර චැනල් පහක විතර නිවුස් බැලීමේ කුරිරු හැකියාවක් තාත්තට තිබ්බා.

යකඩෝ ලංකාවෙ තුන්වෙනි විකට් එකත් ගිහිං.ෆෝන් එකට ඇලට් එක ආව..

අනෙ අනෙ තාත්තෙ අයි චැනල් එකට දාන්නකො විකට් එකක් ගිහින්..

“හප්පට එහෙමද බලමු බලමු .මං මේ දොස්තරලාගෙ ස්ට්‍රයික් එක බලන්න ගිහින් මැච් එක අමතකම වුණා නෙ”

ග්‍රවුන්ඩ් එකේ කතා කරන්න දාල ඉන්න කෙල්ල හෙනට දැකල පුරුදුයි වගේ.ඉන්දියාවෙ කොහෙද මං දන්න සක්කරවට්ටං….හම්මටසිරි නෙට්බෝලේ ..ඒකි නෙට්බෝලෙ වගේමයි.

ඇයි මේකි මගෙ හිත හිතේ හොල්මන් කරන්නෙ..😂 නළලේ හැපිච්ච පාර ආරූඪ වුණාද දන්නේ නෑ…

“ළමයින්ගේ තාත්තේ…ලොකු පුතා තවම ආවෙ නෑ නේද කෝල් කරල බැලුව නම්”

අම්ම ඉතින් ඕකට කුස්සියේ ඉදන් කෑ ගහන්න ඕනියැ.අම්මටම අරන් බලන්න බැරි යැ…..මොන.. අම්ම ලොකු අයියට බයයි මට රටේ නැති නීති දැම්මට.

“අනේ මන්දා සුමිත්‍රා මූ දැන ගන්න එපැයි රෑ,වෙනකොට ගෙදර එන්න .හෙලෝ ලොකු පුතා කොහෙද ඉන්නේ..පාටි එකක ?? ඩ්‍රයිවර් එවන්න ඕනිද තමුසෙට වෙරි එහෙම නෑ නේද ?…හා හා හරි හරි මං තිව්වා….

මං ජීවිතේ කරගත්ත ලොකුම ගොන්කම තමයි ඕකා කොතලාව ඇප්ලයි කරන්නද අහද්දි ෆෝසස් වලට යන්න වෙනවනෙ කියල එපා කිව්ව එක.එහෙම ගියා නම් මිනිහා හැදිලා.දැන් ඉතින් ක්ලබ් එකේ රගර් බෝලෙට තල තලා බිබී ඇවිද ඇවිද ඉන්නව..”

ඔන්න පටන් ගත්තා තාත්තා අයියගෙ ජාතක කතාව කියවන්න.මාත් ඒ ලෙවල් ගොඩ දාගත්තෙ නැත්තන් තාත්තට හාට් ඇටෑක්වත් ඇවිල්ලා නතර වෙන්නේ.

***************

‘ටුට්ටු ටුරු රූ රු රූ……න නන නන නා නා..’

අද සෙනසුරාදා .තව පොඩ්ඩෙන් අමතක වෙලා ස්කූල් ෂර්ට් එක අයන් කරනවා.පට් ගාලා ඩෙනිමක් දාගෙන අයියගෙ පර්ෆියුම් ටිකක් ගහ ගත්තා.
මේසයක් පිරෙන්න පොර ගාව තියනකොට මං මොකටද සල්ලි දීල ගන්නෙ.

තාත්තා තිවංකයගෙයි හර්ෂයගෙයි ගෙවල් පාරෙ ගිහින් උන් දෙන්නවත් දාගෙන ක්ලාස් එක ගාවින් අපිව බැස්සුවා..

පිසික්ස් ක්ලාස් එකට එතන බැහැලත් හද්දා පඩිපෙළක් නගින්න ඕනි..

ඒ ඒ අර බලහන්..

මොකක්ද තිවෝ..

තෝ දන් නෑ බන් හර්ෂයො ඒ සීන් එක……

ඉතින් මටත් කියහන්කෝ අපතයෝ මං මෙතන කොන් වෙනවනෙ නැත්තන් …

“මොනවා…”

මතු සම්බන්ධයි


පෙර කොටස්

    facebook මගින් කමෙන්ට් කරන්න

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *