සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට.. – 9 කොටස

සුදු ඇඳුමෙන් පෙම් කෙරුවට
9 වෙනි කොටස

මට දැන් නෙට්බෝලෙ එක්ක මැසෙජ් කරද්දි අර ඉස්සර තිබ්බ කික් එක නෑ.ඔහේ සොම්බි අවතාරෙ වගේ එන එකකට රිප්ලයි කරා.
වැඩිපුරම යැව්වෙ හාම් හූම් කෑලි.
නැත්තන් ලයික් බට්න් සරණ.

ඒකිගෙ කටේ තිබ්බෙත් භාෂිත භාෂිත ගෑමම තමයි .ඉස්කෝලෙදිත් මට ඒ පැත්තට යන්න තිබ්බ ගැම්ම දැන් නෑ.
පොර එක්ක යාලු උනාද නැද්ද කියල ඒකි කිව්වෙත් නෑ.අයියලා කතා වෙනව ඇහුණෙත් නෑ යාලුවට කෙල්ලෙක් සෙට් වෙලා කියල .

එහෙම කෙල්ලෙක් සෙට් වුණා නම් පාටි නොදා ඉන්න පුතණ්ඩියලමයි මේ.අපෙ අයියත් දැන් හෙන දියුණුයි නෙ ඉතින් .ඒ වුණාට පොරට කෙල්ලෙක් ඉන්නව නම් එල්ලි එල්ලි මල් නොකඩා ඉන්නෙත් නෑ.ඒ හින්දා අරක වෙන සීන් කෝන් එකක් වෙන්නම ඕනි.මොකක් හරි වන් ඩේ මැච් එකක් වෙන්නැති..

“ඕකිගෙ හොර හිත බන්..අඩුම මෙච්චර ෆිට් අපිට කියන්න තිබ්බනෙ ඌව සෙට් උනාද නැද්ද කියල …නැද්ද “

තිවංකයට මල පැනල තියෙන්නේ දැන් ඒකිට ඉස්කෝලෙදි වගේ වගක් නැති හින්දා අපි ගැන.යන්තන් හිනා වෙනව විතරයි …

මං “හ්ම් හ්ම්ම්’ ගාලා නිකා හිටියා.

“උඹට කියන්න බන් අපෙ පුංචි අම්මගෙ දුවක් ඉන්නව අක්ක කෙනෙක් හරි ද…
නේවි එකේ කොල්ලෙක් එක්ක යාලු වෙලා උන්නෙ ..ඒ උනාට ගමේ කිසි කෙනෙක් දන් නෑ හම්බෙන්න යන්නෙත් ටවුමටනෙ..අපි අපි ඉතින් ෆිට් හින්දා ඒකි අපිට කිව්වේ හරි ද…..”

“හා හා සෙනිකව කියහන්කෝ උඹට බැරි ගණං අහගන්නත් තියනව කිව්ව නේද “

මං පොරට ඉක්මන් කරන්න කිවේ ගීත්මා නැතුව මටත් මොකදෝ මොකදෝ දැනිල තිබ්බ නිසා…

“ඉතින් ඒ කොල්ලගෙ නැන්දගෙ පුතා ඉඳල තියෙන්නෙත් අපෙ ගමේ.මේකි ඌ එක්කත් යාලු වෙලා..
මේකිම අපිට කියනව කෝක කරන්නද කෝක අතාරින්නද හිතා ගන්න බෑලු….

එහෙව් ගෑණු…නෑදෑයන්ටම මැච් ගහනව කියන්නේ..
යකෝ මට හෙන භීතිකාවක් දැණුනා ඕයි…”

“හ්ම්ම්ම් එහෙමද…”

“අඩෙ ගස් ගෝතයා..ඔයිට වඩා අදහස් දක්කපන්කො..මං එහෙම බලාපොරොත්තු උනා…”

“මට තේරුමක් නෑ බන් ඕවා..අන්තිමට ගෑණු නම් මොකෙක්ගෙ හරි කරේ එල්ලිලා යයි අර කොල්ලො දෙන්නම පව් ඉතින් ..”

“අන්න ඒකයි හිරූෂයා… මේ අහපිය …තෝ ඒකිට කැමති නේද …කාට බොරු කරත් දොස්තරටයි හොඳම යාළුවටයි බොරු කරන්න බෑ පුතෝ??”

“එහෙම ලව් උලව්වක් නෑ තිවෝ..ඒ උනාට හිතට අමුතුයි”

“පේනව පේනවා..එකක් මතක තියා ගනින්..උඹ ආදරේ කරන්න ඕනි උඹට කැමති කෙනෙක්ට මිස උඹ කැමති කෙනෙකුට නෙවෙයි …”

“මොකක්ද බන් ඒ හරුපේ ? හැමෝම ඔහොම හිතන් හිටියොත් මොකෙක්වත් මොකෙක්ටවත් කැමති නැති වෙයි නේ…ඒක අර ආඬි හත් දෙනාගෙ කැඳ හැලියේ සීන් එක වගේ..”

“යකෝ සාලේ…ඒකත් ඇත්ත නේන්නම්…ඔලුව පැටලෙනව බන් කිකිළිද බිත්තරේද සීන් එක වගේ…..

මං කියන්න ද බන්. අද ඇවිල්ලා නෑ නේ
.. අපි ටියුෂන් එකේදි ඕකිව වටලලා අහමු භාෂිතයව සෙට් ද කියල හාද….”

අන්න එල…හැබැයි තෝම අහපිය හොඳේ…

***************

සෙනසුරාදා කලින්ම ක්ලාස් ගිහින් අපි දෙන්න ගීත්මා වෙනද ඉඳගන්න බංකු හරියෙම ඉඳගෙන බලන් හිටියා.

8.00 යි … මේකි නෑ .😟

සර් ආවා

8.10 මේකි නෑ 😟

11.00 බත් කෑවා 😟 මේකි නෑ

3.00 ආයෙත් කෑවා 😟 මේකි නෑ

4.30 යි අපි ගෙදර ගියා.උන්ගෙ ගෙදරට හැරෙන හන්දියේ බැලුවා 😹 මේකි නෑ…

කොහොම හරි අපෙ වැටලීම අසාර්ථක වුණා.ඒ උනාට මාව පත්තු වෙලා යන්නෙ ක්ලාස් එන්නෙ නැතුව මේකි කොහෙ ගියාද කියල මතක් වෙනකොට .නම්බර් එකවත් ළඟ නෑ .බලන්න තියන එකම විදිය ෆේස්බුක් …

නොටිෆිකේෂන් 45 යි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් 1 යි මැසේජ් නැත 😖

කෙල්ල මැසෙන්ජ ඔන්ලයින් 😮

මගෙ හාට් එක නිකන් හාර්ඩ් ඩිස්ක් එකක් වගේ රත් වෙලා…

“ඇයි ක්ලාස් ආවෙ නැත්තේ..”

මැසෙජ් එක ඩිලිවර් වුණා..තාම සීන් කරේ නෑ.ඒ අස්සෙ මට කුප්ප ආසාවක් ආවා භාෂිතයගෙ අකවුන්ට් එක බලන්න …

මතු සම්බන්ධයි

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *