සුපිපි හසරැල් – දෙවෙනි කොටස

බෝඩිම් ෆීස් ගෙවලා එහෙම ඉවර උනාම ඇන්ටි මට මං ඉන්න කාමරේ පෙන්නුවා…. ඇත්තටම මට ප්‍රොමෝශන් ඇදක් තමා ලැබුනේ…. උඩ ඇදක්…. මගේ කට මෙහෙක් උනේ ඒක දැකලා…. ඇන්ටි මට බාතෲම් , මගේ බෑග් එක තියාගන්න තැනක් පෙන්නලා යන්න ගියා.

” හ්ම්ම්ම්ම්….

” මං ඉක්මනට මගේ බඩු ටික අස් කරලා , ඇග පත සෝදගෙන ඇවිත් පොත් ටිකත් මේසේ උඩින් තියලා, පුටුවක ඉදගත්තා.

” කාමරේ කුකුල් කූඩුවක් වගේ. ඇදන් හයක් තිබුනා. පොත් මේසෙත් පොත් ටිකක් එහාට මෙහාට කරලා මට ඉඩක් හදාගත්තා.

” හෙට ඉදන් පටන් ගන්නවා මගේ සරසවි ජීවිතේ …. මොක්ක්දෝ ලියුමක් මගේ කරුමෙටම වැරදුනු නිසා මට හොස්ටල් ලැබුනේ නෑ. ඒක හදාගන්න ඇපීල් කරන්න ඕනිලූ. එතකන් ඉතිං බෝඩිමේ …. මං කොළඹ කැම්පස් එකට තේරුනාම ගොඩක්ම සතුටු උනේ ළමා නිවාසේ මැඩමුයි, මගේ නසරාණි යාලුවෝ සෙට් එකයි. කොළඹ කැම්පස් එක ගාවම බෝඩින් හද්ද ගිනි ගණන් නිසාම මං විජේරාමෙන් අඩුවට බෝඩිමක් හොයාගත්තා.

” චිංක චිකා චිංක චිකා….

” මැඩම් කෝල් කරනවා.

” හෙලෝ මැඩම්….

” සාචී …. දෝණි ඔයා පරිස්සමින් ගියාද….

” ඔව් මැඩම්…. මං ආවා. බස් එකේ කන්ඩක්ටර් පුත්‍ර රත්නය හරිම තැනින් බැස්සුවා හරිය..

” සාචී…. මෙහේ වගේ නෙවී දෝණි … ඔයාගේ දග වැඩ මැඩම් ඉවසුවාට හැමෝම ඒම නෑ. දැන්වත් කියන දේ අහන්ඩ.

” ඒකනි ඒකනි…. මැඩම්…. මිතූ කෝ මැඩම්.

” මැඩම් මිතූට ෆෝන් එක දුන්නා. මිතූ මගේ යාලුවට වඩා එක කුස උපන් සහෝදරී වගේ. මිතූට කැම්පස් එන්න බැරි උනත් එයා බදුල්ලෙන්ම ජොබ් එකක් හොයා ගත්තා වාරිමාර්ග එකේ.

” සාචී….

” ආහ් හඩ්ඩී… ටෝ නාලාද ඉන්නේ.

” පල පල ගෙම්බි යන්න. මේ උඹ පරිස්සමින් ගියානි… ආහ් වැරදුනා…. අනිත් උන් පරිස්සමින් ඉන්නවද බෝඩිමේ…. තෝ තාම නසරාණි වැඩක් කරේ ඒම නෑනි.

” පිස්සුද බන්. මොන බහුභූතයෙක්වත් තාම නෑ යකෝ.

” හරි කෙල්ලේ පරිස්සමින් ඉදහන්… බුදු සරණයි හොදේ. මැසම්ට කතා කරන්න ඕනිලූ.

” සාචී…. හෙට පලවෙනි දවස දෝණි … අම්මා තාත්තා නැති උනත් අපේ ආශිර්වාදේ ඔයා එක්කමයි. පුලුවන් නම් පන්සලට ගිහින් එන්න. ඒක හිතටත් හොඳයි ….

” හරි මැඩම්. ඒනම් තිබ්බා. බුදු සරණයි ….

” මං සිලි කවරයක් හෝදලා ඒකට මල් ටිකක් කඩලා පැන් ඉස්සා. කලු ඩෙනිමට සුදු ටී ශර්ට් එක ඇදලා බෝඩිමෙන් එලියට පැන්නේ පන්සලට යන්න. හදුන්කූරු පැකට් එකකුයි, ගිනිපෙට්ටියකුත් අරන් මං පන්සලට ගියා.

” මල් හදුන්කූරු පූජා කරලා, බුදුන් වැදලා බෝ ගහ යට ඉදගෙන ඇස් පියාගත්තා. හරිම සනීපයි.

” බුදු සාදූ …. හෙට ඉදන් පටන් ගන්න හදන්නේ යුද්ධයක්නේ මං … හි හි…. මාත් එක්ක හැමදාම වගේ බුදු සාධුගේ ආශිර්වාදේ තිබුනා. ඉස්සරහටත් ඒම වෙයි නේද….. ඔව් ඔව් ඒම තමයි. මං හරි හොදයිනි.

” මං පන්සලෙන් එලියට ඇවිත් කෑම කඩේකට ගියේ කෑම එකක් ගන්න. බඩගිනිනේ. මං අතේ සල්ලි ටිකක් තිබ්බා. කැම්පස් එනකන් මං බේකරි එකක වැඩ කරලා හම්බ කරපුවා. බේකරියේ ඉදන් දිගට හරහට කාපු හැටි මතක් වෙනවා….

” මං බත් එකත් අරන් මනෝ පාරක් ගහගෙන පාර දිගේ ඉස්සරහට ආවා…. ඒකත් උඩ බලාගෙන.

” අනේ අම්මෝ…. ඔලුව පැලුනෝ…..

” මගේ ඔලුව ගිහිං වැදුනේ කොල්ලෙක්ගේ ඔලුවේ.

” කෝ කෝ කොතනද ඔලුව පැලුනේ…. මං ඇස් උස්සලා කොල්ලගේ නලලේ පැලිච්ච පාර හෙව්වා….

” කොල්ලා මං දිහා බලන් හිනාවෙනවා.

” දැන් ඉතිං යන්න ආපු ගමනට බාදයි වගේ. ආපහු හැරෙමු නිවස බලා සතිෂයෝ.

” සතිෂ්….. කොතනද පැලුනේ ආහ්…. කොල්ලගේ නම කියනවා මට ලාවට ඇහුන නිසා මං ආයේමත් කතා කරලා ඇහුවා…

” මේ බලකෝ මේකි. මේ ඩිංගට නමත් දැනගෙන. පැලුනෙද ආච්චිගේ තට්ටේ.

” ඌ එහෙම කියලා හැරෙද්දිම මට හිනා ගියා. සීයා වෙන්ටැ මයේ හිතේ ආච්චිගේ තට්ටේ පැලුවේ නේහ්හ්හ්හ්….. ඕඕඕඕ….

” කෑම එක අහසේ ඉගිලෙද්දි, මං පොලවේ බඩගෑවේ පාරේ තිබුනු කෙසෙල් ලෙල්ලට පින් සිද්ද වෙන්න.

” අනේ අම්මා….. පැලුනා… තැලුනා කකුල……

” අර කොල්ලා මං දිහා බලාගෙන හිනාවෙනවා.

” දෙන දෙයියෝ දෙනවා කියන්නේ ගුටි හැලෙන්න මේන් මේකට නංගි … අත දෙන්නැයි…..

” ඌ මට අත දෙන්න වගේ ගිහුන් ආයේමත් අත පිටිපස්සට ගත්තා. මට ආපු කේන්තිය ඉවසා දරාගෙන යාන්තමට නැගිට්ටා. කකුලත් ටිකක් ඇද ගහ ගහ මං ඉස්සරහට යද්දි අර නරුමයත් මගේ පස්සෙන්ම ආවා.

” හෝතඹුවා … යකඩ රාස්සයා…. ඌ නිසා තමා වැටුනේ …. මං දෙහි කප කප එද්දි මං ආයේ ලිස්සන්න ගියා.

” ඇත්තටම එයා මාව අල්ලගත්තේ නැත්තම් මං කාණුවේ.

” ඕක රබර් බාටා දෙකක්ද, නැත්තම් ඒකේ ග්‍රීස් උලලද….

..

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *