සුපිපි හසරැල් -තෙවෙනි කොටස

පොඩ්ඩක් ඉන්න….. මං සෙරෙප්පුවක් ගලවලා අතට අරන්, ඒක අතගාලා මගේ නහයට අල්ලලා බැලුවා. පෙනුමින්වත් , සුවදින්වත් ඒම නෑ සතිෂ්….. මං සෙරෙප්පුව නහයට කරද්දි සතිෂ්ගේ නහය ඇකිලුනා. ඕනි නම් ඔයත් අරන් බලන්න. මං සෙරෙප්පුව එයා දිහාට දික් කරා….

” පිස්සු මැන්ටලයක්.

” එයා එහෙම කියලා යන්න හැරුනා.

” මේ අසරණ ගෑනු දරුවා කොරවක්කා නෙලුම් කොලේ උඩ ඇවිදිනවා වගේ ඇවිදින්න දාලා යන්න දුක නැද්ද…. අහෝ දෙවියනි… මගේ කකුල උලුක් වෙලා… හෙට කොළඹ කැම්පස් එකට හා හා පුරා කියලා යන්න හිටපු මට මේ යුෂ්මතා…නෙවෙයි දුෂ්ටයා කරපු ඇබැද්දිය ඔබ වහන්සේටවත් පේන්නේ නැද්ද…. ඔබවහන්සේගේ අරක… මං කිව්වේ පඩුපුල් චෙයාර් එක හොට් වෙන්නැද්ද දෙයියනේ…. ආහ් හහ් හහ්…. අනේ මාව බෝඩිම ලගට ගිහිං දාන්නකෝ….. අහ අහ අහ…..

” ඒයි සකලංසමාලේ…. කට චුට්ටක් වහගන්නවද… මොකක්ද අර කොළඹ කැම්පස් කතාව…

” හෙට කැම්පස් පටන් ගන්න පලවෙනි දවස…. පුලුවන් නම් මාව බෝඩිම ලගට ඇරලවන්න …. එයා ආපහු හැරිලා ඇවිත් මගේ ඉණ වටෙන් අත දාලා මගේ අතක් එයාගෙ කරෙන් දාගත්තා ….

” තැන්කූ….

” දැන් කොහොමද කන්නේ… කෑම එක වැටුනා නේද මැට්ටියේ ….

” ඇල්වතුරං පිහිටං පතන්නං… හිකිස්…

” කටක් නෙවී වක්කඩක් ….

” අපි බදුල්ලේ කෙල්ලෝ…. අහිම්සකයි, රටක් වටියි.

” පේනවා පේනවා….

” කෝම කෝම හරි එයා මාව බෝඩිම ගාවටම එක්කන් ආවා.

” එහෙනම් සකලංසමාලේ … හෙට මුණ ගැහෙමු.

” ඇයි ඒ….

” මැට්ටියේ …මාත් කොලඹ කැම්පස් එකේ කලාකාරයෙක් හෙට ඉදන්.

” ආනේ ඒමද … ශෝක්නේ…. හරි එහෙනම් පරිස්සමින් ගිහිං එන්න සතිෂ්…..බායි….

” බායි….

” බායි

” බායි

” මොකද මෝඩයෝ යන්නැත්තේ

” දැන් ඒ පාර තමුසේ මගේ ගෙදරටත් රිංගන්නද හදන්නේ. පව් කියලා අත දුන්නම ගෝනි නැතුව කරේ නගින්න එනවා… අනේ මේ වදයක් නොවී පලයන් කෙල්ලේ යන්න.

” මූ යකෝ… ඈ පූස් උගුඩුවෝ…. තමුන් මං බෝඩිමට ආපු පලවෙනි දවසෙම මගේ ප්‍රතිරූපේට ඩැමේජ් කරන්නද හදන්නේ. අනේ පලයන් හාල්මැස්සෝ යන්න ….

” මේ නංගි ඔයාගේ කට වැඩියි… දෙන්නේ දත් ඇන්ද බඩට ගිහින් උණ්ඩුකපුච්චෙන් මතුවෙන්න….

” ඌ මගේ මූණට අතමිට මොලවන් පනිද්දි මං බෝඩිමේ ගේට් එකට හේත්තු උනා…

” ඊටපස්සේ මං ආයෙමත් ඉස්සර උනා… මේන් අයියේ දත් ඇන්ද…. උණ්ඩුකපුච්චේ තියෙන තැන නම් පෙන්නන්න දන්නෑ. පුලුවන් නම් ගහපන් උණ්ඩුකපුච්චෙන් මතුවෙන්න.

” ඒත් එක්කම කවුදෝ ගේට් එක අරිද්දි මං කෙලින් හිටගත්තා ….

” චූටි…. කාඩ් එකක් ගන්න ගිහින් පැල උනාද …. ආ මේ දරුවත් ඉන්නේ…

” චූටි මේ සාචී… අද අපේ බෝඩිමට ආවේ….

” ඉතිං අම්මේ මට අලද…..

” මොකක්…..අම්මා…. මගේ ඇස් උඩ ගියා.

” චූටි…. මේ දුවත් ආට් ෆැකල්ටි සිලෙක්ට් කෙනෙක් ඔයා වගේම….

” ආහ්…..ඇත්තටම …. ඉතිං මට මොකෝ…..

” අපෝ නපුරා… මං ඉන්න බෝඩිමේ අයිතිකාරිගේ පුතාද මූ…. ඇන්ටී මං ඇතුලට යන්නද….

” මොකෝ දුවේ කකුල….

” පිස්සු බල්ලෙක් පැන්නුවා ඇන්ටී… දුවගෙන ඇවිත් කකුල උලුක් උනා.

” ආහ්… දුව හෙට අම්මයි, තාත්තායි එනවද ඔයා එක්ක යන්න … හෙට පලවෙනි දවසනි.

” එතකොට මගේ ඇස් ඉබේම තෙත් උනා….

” නෑ ඇන්ටි…. මට මං විතරයි ඉන්නේ. මගේ අම්මා තාත්තා නෑ. මං ලමා නිවාසයක හැදිච්ච ලමයෙක් ඇන්ටි…. කොටින්ම කිව්වොත් අනාතයෙක්.

මං යනවා ඇන්ටී

… මට ඒක පුරුදුයි දැන්…. අම්මයි අප්පච්චියි පුංචි කාලේම ඇක්සිඩන්ට් එකකින් නැති උනා කියන්න මං දන්නවා. අම්මට අමාරු වෙලා අප්පච්චි අම්මව හොස්පිටල් එක්කන් යද්දි වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් බේරුනේ මං විතරලු. පොඩි කාලේ ඉදන් අම්මවයි, අප්පච්චිවයි මරාගෙන මං ඉපදුනා කියන වරදකාරි හැගීම මගේ හිත අනන්තවත් රිද්දලා ඇති. ඒත් මැඩම් කියන්නේ ඒ වගේ දරුණු අනතුරකින් මාව බේරෙන්න මොකක් හරි ලොකු හේතුවක් ඇති කියලා…. මං එහෙම කල්පනා කර කරම කාමරේට ආවාම කාමරේම අය බෝඩිමේ හිටියා.

” මං එයාලා හැමෝටම හිනා උනත් එයාලා නම් මට හොඳ මූණක් පෙන්නුවේ නෑ. සාචීයෝ උඹ එක දවසින් මැරෙයි වගේ. මං උඩ බලාගෙන කල්පනා කරා….

” koshi…. look at this….

” wooow ishani …very nice dress… how much it….

” අපොයි දෙයියනේ… මාව ලස්සන ඩොක්ටර් කෙනෙක් ඉන්න පිස්සන් කොටුවකට ගිහින් දාන්න. මුන් ඉංග්‍රීසීයෙන් කතා කරන්නේ දෙයියනේ. ඇදවල් හයක් තිබුනු කාමරේ මාත් එක්ක හිටියේ හතර දෙනයි. අරහෙන් මෙහෙන් ඇහුන විදිහට හතර දෙනාම ජපුර මැනේජ්මන්ට් … ඉශානි, කෝශිලා, මාධවී. මං විතරක් කලා රිටක්…. මාව නිකන් බකිංහැම් මාලිගාවේ සාලේ මැද දාලා ආවා වගේ හැගීමක් මගේ මුලු හිතම බය කරද්දි මං බෝතලේත් අරන් වතුර එකක් ගන්න ගියා. අර තුන්කට්ටුව නම් රයිස් ගෙනත් තිබුන නිසා මං කාමරෙන් එලියට ගියා…

” මං බෝතලේට වතුර පුරවන් බඩ පිරෙන්න වතුර බීලා අහස දිහා බැලුවා…. අම්මා අප්පච්චි ඔයාලට මාව පේනවද… මට ඔයාලව මතක නෑ තමා. ඒත් මාව අමතක කරන්නෙපා. මාත් එක්කම ඉන්න ඕනි හරිය….

” ඒත් එක්කම එතන තිබුනු අඹ ගහෙන් ගෙඩියක් බිමට වැටුනා. අපේ බෝඩිමේ ඇන්ටිලා ඉන්න පැත්ත තට්ටු දෙකට හදලා දෙවෙනි තට්ටුවේ සදලු තලයක් තිබුනා. අපි හිටියේ එහා පැත්තේ තනි තට්ටුවේ. අඹ ගෙඩිය කපන්නේ කෝමද…. ඊරියන්ට මොන හෙල්ත්ද කිව්වලු. පිහි මොකටද, කට තියෙන්නේ. මං අඹ ගෙඩිය කකා ඇතුලට ගියා.
********************************* යාලුවනේ මේ කතාව ගැන හැදින්වීමක් කරන්න බැරි උනා. සාචී, සතිෂ්, ඒ වගේම මේ කතාවට කේතක කියලා සර් කෙනෙකුත් එනවා. කේතක සතිෂ්ගේ ලොකු අයියා. තුන්දෙනාම මේ කතාව කියනවා. යකූනේ මං කවුද කියලා අදුරගන්න පුලුවන්ද ඩාලින්ලා.

පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *