සුපිපි හසරැල් -සිව්වන කොටස

සතිෂ්…. චූටී හෙට ගෙනියන්න ඕනි දේවල් රෙඩි කරගන්න දරුවෝ… උදේට කෑ ගහන්න තියාගන්න එපා….

” අම්මා පහළ තට්ටුවේ ඉදන් බෙරිහන් දුන්නා. ඒවා හරි අම්මා. සැනසීමේ නිදාගන්න අන්තිම රාත්‍රිය සුවසේ ගතකරමි කියලා හිතලා ඇදට පැන්නා….

” මගෙ අම්මයි අප්පච්චියි නෑ ඇන්ටී. කොටින්ම කිව්වොත් මං අනාතයෙක් …

” පව් අෆ්ෆා…. මං ඉතිං ඔය වගක් දන්නවද… අනික මට දිවැස් තියේ යෑ. හුම්ම්ම්. කමක් නෑ කමක් නෑ. ආයේ ඔයාට බනින්නෑ සුදූ…. ඔයාව මං මගේ හොදම යාලුවා කරගන්නවා.. පෑනේ මිතුරා කරගන්නවා.. බලන්නකෝ. ඒකනි මං ඔයාට අඹ ගෙඩියක් දීලා මගේ අඹ යාලුවා කරගත්තේ.

” මං සතිෂ් රණබාහු…. බඩ පිස්සා… බඩට විතරක්ම නෙවී ඉතිං ඉහේ කෙස්වලින් පටන්ගත්තම මගේ කකුලේ නියපොතු දක්වාම මට පිස්සු. දැන් මට 21ක්. අම්මගෙයි තාත්තාගෙයි හුරතලා මං තමා…. අපේ ගෙදර බල්ලෝ නැති නිසා… චූටි අයියා නිකේශ් රණබාහූ එයා ලෝයර් කෙනෙක්. ඌ බදින්න කිට්ටුයි. දැන් 26ක්නි. එතකොට මේ ගෙදර ලොක්කා , මට තේරුම්ගත නොහැකි අගහරු ජීවියා කේතක රණබාහු එයා වෙනම ඉන්නේ. අපේ කැම්පස් එකේම ඉන්ග්ලිෂ් ලෙක්චර් කෙනෙක්. එයාට අවුරුදු තිහක්. එයාගේ ජීවිතේට ඒම උනේ බෝඩිමේ හිටපු ගෑණු පරාණයක් නිසාලු. මං ඉතිං ඕවා දන්නෑ… අම්මලාට මං බස් එකේ ස්කූල් යන්න එන්න බෑ කිව්වම තර්ස්ටන් එක ගාවම බෝඩිමක් හොයලා දුන්නා…. ඉතිං ලොකුවට පවුලේ අය එක්ක කාලේ ගතකරන්න බැරි උනත් මං හිටියේ ෆුල් ෆන් එකේ.

” අම්මගේ බලකිරීමට ලොකු ගෙදර එනවලු ලගදිම. පොඩී නම් කොයි වෙලෙත් මාත් එක්ක එල්ලිච්ච ගමන්. පොර නම් අක්කෙක්ට පණ ඇරලා ලව්. එයාවම තමා බදින්න ඉන්නේ. ඕන් ඕකයි අපේ වාසේ දේසේ. ඇත්ත කාටවත්ම පිලිගන්න බෑ මං කොළඹ කොල්ලෙක් කියලා. පෙනුමෙන් ඒම කොල්ලා හැන්ඩ්සම් උනත් කතාකරන්නෙම ජඩ වචන…. අම්මා නිතර දෙවේලේ කියන්නේ ඉංග්‍රිසි නොදන්න එකෙක් නෙවෙයි නේහ්…. ටිකක් පිලිවෙලට ඉදපන්කෝ කියලා… ඔය කිව්වට මට ඒම බෑනි.

” පහුවදා අපේ ගෙදර ඉතිම් හරිම බිසි. අම්මා සැලූන් එකක අක්කා කෙනෙක්ට කියලා හැඩවෙලා, තාත්තා ෆුල් කිට් ගහලා, ගෙදර කිරිබත් හදලා…. අනේද කියන්න. මං ඔන්න ඔහේ ඩෙනිමට ශර්ට් එක ඇදලා සෙරෙප්පු දැම්මා…. ඔක්කොම ආව තේව ඉවරවෙලා එලියට බහිද්දි අම්මා වතුර වීදුරුවක් අරන් ආවා. එතකොටයි මං දැක්කේ අපේ එලියේ තියෙන බුදු මැදුර ලග සකලංකමාලේ ඉන්නවා…. බුදුන් වැදලා සකලං අපි පැත්තට ආවා. මං ඒ අතරේ අම්මා දීපු වතුර උගුරක් බිව්වා….

” පිච්ච මල් රහයි අම්මා….. ඈක්කා…. මොන ක්ෂුද්‍රජීවීන් හිටියද කවුද්දා….

” චූටි කට…..

” ඕකේ මැඩම්….. සයිලන්ස් . මං කට වහගත්තා ..

” ගුඩ් මෝනිං ඇන්ටි….

” ගුඩ් මෝනිං දූ…..

” මං ගිහින් එන්නම් ඇන්ටී. මං ගිහින් එන්නම් අන්කල්.

” සකලං අපේ අම්මටයි තාත්තාටයි වැන්දා….

” බුදු සරණයි දූ. පුතේ ඔයාට අපිත් එක්කම යන්න පුලුවන් කාර් එකේ.

” ඒකනේන්නං…. මං හිතුවා.

” කමක් නෑ ඇන්ටී … බස් එකේ යන්නම්. පාර මතක තියාගන්නත් ඕනිනේ. මං යනවා. ආහ්හ්හ්හ් බෙස්ට් ඔෆ් ලක් සතිෂ්.

” තැන්ක්ස්…. සකලං…..

” එයා යන්න ගියා. ඒනම් සතිෂ් පුතෝ ඔයත් යමු…..

************
විජේරාම හංදියට ඇවිල්ලා 138 බස් එකේ නැගලා , කොළඹ කැම්පස් කියලා ටිකට ගන්න ඕනි. අපි රෙජිස්ටර් වෙන්න ගිය දවසේ සීනියර්ස්ලා කිව්වේ ඒමයි.

” මං ඉතිං නමෝ විත්තියෙන් බස් එකට නැග්ගා….. කොන්දට හරි තැන බස්සන්න කියලා , මං ඉදගත්තා….. හ්ම්ම්ම්ම්ම්. සාචීයෝ රැක් එකේදී තොට මොන ඇබැද්දියක් වෙයිද දන්නෑ. ගවුම් සාය හැට්ට ඇදලා පුරුදු නැති නිසා වෙන අටමගලයක් වෙයිනේ කියන පහන් සිතින් ඩෙනිමට ටීශර්ට් එක ඇදලා, කොණ්ඩේ ගුලියක් ගහලා බාටා කෑලි දෙකත් දාගෙන තමා මං කැම්පස් යන්නේ. නුගේගොඩ ගුවන් පාලම උඩින් යද්දි…. ගාලු පාර පැත්තට වෙන්න තිබුනු බෝ ගහේ සිසිලස මගේ ඇගට දැනුනා… ඒ හුලං පාර මගේ ජීවිතේට අලුත් උනා….කොළඹ කැම්පස් එක ගාව මං බැස්සා. පාර මාරුවෙලා කැම්පස් එකේ ගේට් එක ගාවට යද්දි ” කොළඹ විශ්ව විද්‍යාලය ” කියල පතාරම් සයිස් අකුරින් ලියලා තිබුනා. මං එහෙමම එක දණක් බිම තියලා ඇස් පියාගෙන සරසවි බිමට ආචාර කරා….. ” දැන් ඉතිං මගේ ජීවිතේ ඔයාට භාරයි “

” කාටද නංගි…. මටද….

” මං බයවෙලා ඇස් අරිද්දි කකුල් දෙකක් මගේ ඉස්සරහා තිබුනා. මං එහෙමම ඇස් උඩට අරන් යද්දි, ඩෙනිමයි ශර්ට් එකයි ඇදපු, කොණ්ඩේ වවපු අයියා කෙනෙක් මගේ ඉස්සරහ හිටියා.

” හා හා දැන්ම නම් මට ඔයාව භාරගන්න බෑ. ආට් ෆැකල්ටි නේද…..

” මං ඔලුව වැනුවා මිසක් උත්තර දුන්නේ නෑ. මට බය හිතුනා…

” මොකෝ නංගි බය වෙලාද ඉන්නේ. යමු මං පාර පෙන්නන්නම්.

” මං ඒ අයියා පිටිපස්සෙන් ගියා.

” නංගි කොහෙද….

” බදුල්ලේ…

” ශා ලස්සන පැත්තකනි ඉන්නේ. ඉතිං ඇයි තනියම. කෝ වැඩිහිටි කවුරු හරි එක්කන් එන්න එපැයි. අම්මලා තාත්තලා ආසයි තමන්ගේ දරුවව කැම්පස් භාරදෙන්න එන්න. ඒක එයාලට ආඩම්බරයක්.

” ලමා නිවාසේ මැඩම් ආවොත් අනිත් ලමයි වඩිග පටුන නටයි කියන බය නිසා මං කිව්වා මැඩම්ට එන්න එපා කියලා අයියා…..

” අයියා එක පාරටම නැවතෙද්දි මං බය වෙලා හං ගෑවුනා. මගේ කට වැඩි නිසා මට බනින්න හදයි කියන බයටම මං ඔලුව පාත් කරගත්තා.

” බය උනාද…..

” මං ඔලුව වැනුවා….

” ම්ම්ම්ම් බයවෙන්නෙපා නංගි. ඕනි දේකට අද ඉදන් අපි ඉන්නවා. ඕනි දෙයක් කියන්න.

” මගේ ඇස්වල තිබුනු කදුලු කැට දෙකක් කඩාගෙන වැටෙනවා අයියා බලාගෙන.

” ම්ම්ම්ම්ම්. මගේ නම ආසිරි. ඕනි වෙලාවක යූනියන් එකේ ඉන්නවා. ඕනි ප්‍රශ්නයක් කියන්න. නංගිගේ නම මොකක්ද ….

” සාචී මේඝ්නා පූර්ණාවී….

” කෝ මට නම්බර් එක දෙන්න.

” ආහ්හ්හ්හ්හ්….

” බයවෙන්නෙපා නංගි.

” මං ෆෝන් නම්බර් එක දුන්නා. ඒ අයියා මාව ඔඩිටෝරියම් ප්‍රෝග්‍රෑම් එක තියෙන New Art Theater ( NAT) එකට ගිහිං දැම්මා.

” උදේ මොකුත් කෑවේ නැති නිසා බඩගිනියි. සීනි තේ කොළ ඒම තිබුනත් මට වතුර උණු කරගන්න කාමරේ අයගෙන් හීටරේ ඉල්ලන්න බෑ හිතුනා. අයන් එකක් එහෙම තිබුනත් මං ඒ අයගෙන් ඉල්ලන්න ගියේ නෑ. මොකද එයාලා අතර මං පුංචි කෙනෙක් වගේ දැනුන නිසා.

පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *