සුපිපි හසරැල් -පස්වෙනි කොටස

වතුර බෝතලේ අරන් වතුර ටිකක් බීලා මං අපිට දීපු ප්‍රොස්පෙක්ටස් බුක් එකයි, තව අනිත් පොතුයි බැලුවා. මඤ්ඤං වගේ. ඔක්කොම කඩ්ඩෙන්.

” යකූ මුන් හිතුවද දන්නෑ අපි ආවේ බකිංහැම් පැලස් එකෙන් කියලා….. ඒත් එක්කම මං ලගින් ඇවිත් වාඩි උන කෙනා දැකලා මං ඒ දිහාම බලන් හිටියා.

” මොකෝ…. මගේ මූණේ කාවඩි නටනවා වගේ පේනවද…..

” අනේ නෑ…ඔයාගේ මූණ මට මහබඹා වගේ පේනවා..

” ආච්චීට හාල් ගරාපිය…

” නෑඹිලියක් ගෙනත් දෙන්නද….

” පිස්සි….

” අපි දෙන්නම හිනා උනා.

” මේ සකලං….

” මේ ඔයා මොකද මට සකලංසමාලේ කියන්නේ.

” ඒ නම ඔයාට ශෝයි එකට ගැලපෙනවා.

” හහ්… ඇත්ත්ද උලමෝ..

” හුම්ම්ම්ම්ම්. ආහ්හ්හ්

” මොනවද …..

” කනවා හලෝ…වහ නෙවී. එග් බන්. කවුද දන්නේ පලවෙනි දවස ඉවර වෙද්දි දත් නැතුව බත් කන්න වෙයිද කියලා.

” ඒක ඇත්ත… තැන්කු. ඇත්තටම සතිෂ් හරි හොඳයි .. අපි දෙන්නා එකටම හිටියා. ෆැකල්ටි ඩීන්, තව එක එක අය ඇවිත් කතා පැවැත්තුවට පස්සේ අපිව ෆැකල්ටි එක පෙන්නන්න යන්න පෝලිම් ගැහෙන්න කිව්වා දෙන්නා දෙන්නා.

” මං එලියට ගිහින් ටිකක් අසරණ උනා වගේ දැනුනා. මං තාම කාත් එක්කවත් කතා කරේ නෑ. මං වටපිට බැලුවේ කෙල්ලෝ යාලුවෙක් හොයාගන්න. එක පාරටම කෙනෙක් ඇවිත් මගේ අතින් ඇදගෙන ගියා.

” සතිෂ් … පිස්සුද …

” එනවා යන්න සකලං …. අර පෝලිමට යමු. මගේ ගැන්සියම ඉන්නේ එතන.

” එයාලා ඔයාගේ යාලුවොද…කොහොමද කැම්පස් එන්න කලින් යාලුවෝ ඉන්නේ.

” කැම්පස් ගෲප් එකේ ඇඩ්මින් මං මෝඩයෝ….

” ඒ ඒ පෝලිමේ කොල්ලෝ ගොඩක්නි ඉන්නේ. මට බෑ.

” අයියෝ තමුසෙව කන්නෑ. මෙහේ එනවා. කට නැති එකීනි. මහලොකුවට.

” මාත් සතිෂ් එක්ක පෝලිමට ගියා. එයාලා මාත් එක්ක කතා කරා… හරිම හොඳයි … අපේ කණ්ඩායමෙ හතලිස් දෙනාගෙන් 39ක් කොල්ලෝ. මං විතරක් කෙල්ල. අපේ කණ්ඩායම කැම්පස් එක වටේ එක්කන් යන්න භාර දුන්නේ අයියා කෙනෙක්ටයි අක්කා කෙනෙක්ටයි, ලෙක්චර්ස්ලා දෙන්නෙක්ටයි.

” ආසිරි අයියා… අයියා තමා අපිව කැම්පස් එක වටේ එක්කන් ගියේ. සතිෂ් මගේ අතින් අල්ලගෙන ඇදගෙන වගේ ගියේ මං වටපිට බල බල තැනින් තැන නැවතුනු නිසා…

” කොහෙද ඕයි උඩ බලන් ඉන්නේ. අවුරුදු හතරක් මේකේ ඉන්නවනි පශ්චාත්භාගේ රත් කර කර. එතකොට සිරි නරඹහන් මල වදේ. දැන් යමු.

” සතිෂ්…

” ම්ම්ම්ම්ම්.

” අපි ලිව්වේ අර ඉංග්‍රීසි , ict ටෙස්ට් වගයක් …. මට නම් ඒවා අමාරුයි.

” අපෝ කිරිකජු පේපර් දෙකක්නි තිබ්බේ. Ict එකේ මගේ ඔක්කොම හරි ඇති.

” එතකොට ඉංග්‍රිසි පේපර් එක.

” ඒක පට්ටම ලේසියි … ඒත් මං හිතලම වැරැද්දුවා. එතකොට මටත් අපේ අගහරු ජීවියගෙන් ඉන්ග්ලිෂ් ඉගෙනගන්න පුලුවන් …

” හෑ….

” අපෝ ඔච්චර කට අරින්න එපා බන්… දන්නැද්ද අපේ ලොකු අයියා මෙහේ ඉන්ග්ලිෂ් ලෙක්චර් කෙනෙක් …

” ශා එලනේ….

” එල වෙයිද කෙල වෙයිද කියලා දෙයියෝ තමා දන්නෙ බන්.

” ඒ මොකෝ…

” මට මනුස්සයව තේරුම්ගන්න බෑ.

” ඒමද….

” හ්ම්ම්ම්ම්.

” එදා තුනට විතර අපෙ ප්‍රෝගෑම් එක ඉවර උනා. මට සතිෂ් හොයාගන්න බැරි උනා. මං බස් එකේ නැගලා ඇවිත් විජේරාමේ බැස්සා….

” ඒ බැහැලා යද්දි…..

” බලාගෙන යන්න දන්නේ නැද්ද මනුස්සයෝ…. බලනවා ඉවරයි මගේ කලිසම කුණුත් එක්කම ඉදලා තමුසෙලාගේ මොලේත් කුණුවෙලා….

” අනේ සමාවෙන්න මාතියා.. දැක්කේ නෑ තම ඒකයි කුණු ටිකත් එක්කම ඇගේ හැප්පුනා තමා…

” ඔව් ඉතිං ඔහෙලගේ ඇස් පොට්ටයිනේ… යනවා යනවා තවත් මාව කේන්ති ගස්සන්නැතුව.

” නගර සභාවේ කුණු එකතු කරන මාමා කෙනෙක්ට හරිම නපුරු විදිහට බැන්නේ. උගන්නන්නම හොද පාඩමක්. ඒ මනුස්සයා කාර් එකට නගිනවා දැකලා මං ඉකමනට කහ ඉර ගාවට ගියා. ඒ මනුස්සයා සීට් බෙල්ට් එක දාගන්න ගමන් කාර් එක ස්ටාට් කරලා ඉස්සරහට එද්දිම මං පාර පැන්නා. හිතලම. වාහනේ ස්ලෝව් එකේ ආපු නිසා මං බිම වැටුනා විතරයි. ඒ ටිකම ඇති මට යමරයක් නටන්න.

” බුදාම්මෝඕඕඕඕඕඕඕඕහ් මගේ කොන්ද… ඇතතටම මට රිදුනේ නෑ. කුණු එකතු කරපු අන්කල් මාව ඇවිත් නැගිට්ටුවා. මාත අමාරුවෙන් නැගිට්ටා වගේ පෙන්නලා විජේරාම දෙවනක් වෙන්න කෑ ගැහුවා…..

” ඒයි ලොකූ බොස් ඔලුව කුණු වෙලාද….. නැත්තම් තාම මොන්ටිසෝරි යනවද…. තෑන්ක්ස් අන්කල් මාව නැගිට්ටුවට ලොකු අමාරුවක් නෑ ඔයාලා යන්න. වටේ පිටේ මිනිස්සු ඔය කිව්වට කටවල හායි ගාලා ඇරන් බලන් ඉන්නවා කියලා මං දන්නවා. මං පස්සපැත්තත් පිහිද පිහිද කාර් එක ගාවට ගියා…. එතකොටම ඒ මනුස්සයා බැස්සා….

” සොරි කියන වචනෙවත් දන්නෑ වගේ මාතියා…. මේ ඉස්සරහා තියෙන්නේ කහ ඉර…. ලගදි සුදු කරාට…. මොන්ටිසෝරි ලමයිනුත් ඒක දන්නෝ. මේකෙන් තමා අපි මාරුවෙන්නේ. බලාගෙන ඩ්‍රයිව් කරන්න ඉගෙනගන්න ….ලයිසන්ස් දුන්නෙ බාප්පොච්චි වෙන්ටැ මයේ හිතේ. කෝමත් ඔය ටයි කෝට් දාන පොශ් මාත්තුරුන්ට අපි කුණු මිනිස්සු වෙන්ඩ ඇති …. ඒ උනාට ඒ කුණු මිනිස්සුන්ටත් මෙන්න මෙතන පණ තියෙනවා…. මං පපුවට ගහලා පෙන්නුවා…. ආහ් දැන් යන්ඩ මහත්තයා..
පුලුවන් නම් මොන්ටිසෝරි ගිහිං මුල් ලමාවිය සංවර්ධනේ කොරගන්ඩ….

” මං කියපු කතාවට මනුස්සයගේ මූණ රතු වෙලා කාර් එක අරන් යන්න ගියා. කේන්තියෙන් පිපිරුවේ වටේ පිටේ මිනිස්සු මගේ කතාවට අර මනුස්සයට හිනා උන නිසා….

” ඇත්ත නංගි…. හොද වැඩේ ඕම කරාට….

” එතන හිටපු අය මට හොද කියද්දි …..

“ආ හා ඔයාලත් දැන් ඔයාලගේ පාඩුවේ වැඩක් කරගන්න. මේ මාමාට අර නපුරා බනිනකන් බකන්නිලාගෙන හිටපු ඔහෙලගේ බොරු වර්ණනාව මට ඕනි නෑ…. අන්කල් ඔයත් මීට පස්සේ ඔය වගේ ලොකු මිනිස්සු බැනගෙන ආවොත් කට පියාගෙන ඉන්න එපා බැනලම දාන්න. ගැහුවොත් ගහන්න … බැරිනම් මට කියන්න. වෑඩිම උනොත් අන්කල්ට ජොබ් එක නැතිවෙයි. ඒත් ආත්මගෞරවේ තියාගන්න. තුට්ටු දෙකේ මිනිස්සු අපි නෙවෙයි. ඒ කුහකකම් පිරිච්ච අය තමා ඒ…. මං කැපුනා…. මං ලොකූ දේශනාවක් දීලා බෝඩිමට යන්න ගියා. ඒ මගේ හැටි.


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න