තීර් – දහහතර වෙනි කොටස

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
####################

නිවස ඉදිරිපිට නතර වූ කා එකෙන් බැස ගත් තීර් කඩිමුඩියේ නිවසට ඇතුල් වී ඔහුගේ කාමරට ගොස් දොරවසා ගත්තේය …

මේ රකුසට මොනා වෙලද මට මුකුත් කිව්වේ වත් නෑ කා එකෙන් බැස්සා ඊට පස්සෙ ගියා…කොකටත් ගිහින් බලන්න ඕනේ…
කා එකෙන් බැස මමත් නිවසට ඇතුල් වි ඔහු සෙව්වේය…

සර්ගේ කාමරයේ දොරත් වලා මෙකෙ ඇතුලෙද දන්නේ නෑ ….

“ට්‍රීන්…. ට්‍රීන්..”

නිවසේ දුරකථනය නාද වන්නට විය…

අයියෝ මේ සර් කොහෙ ගියාද මංදා … ෆෝන් එකත්‍ රින් වෙනවා…කවුද දන්නේ නෑ… ආන්ස්වර් කරන්නත් බයයි….

ටික මොහොතක් නාද වී විසන්ධි වුණි…තවත් මිනිත්තුවකට පසු නැවත දුරකථනය නාදවිය..

මේ රකුසා කොහෙ ඇතුරුදහන් වුනාද…ආන්ස්වර් කරලා බලනවා කවුද කියලා….

බයෙන් බයෙන් ඇමතුමට සම්බන්ධ වූ මට ඇසුනු කටහඬ හුරුපුරුදුය ….

“අක්කි මොනාද කරන්නේ ඔයාලා..”

ඕ…. මේ බබා නේ..

“සර් රූම් එකේ…”

“අනේ අක්කි අයියාට ඉක්මනට එන්න කියන්න මං කිව්වා කියලා ප්ලීස් ..”

“ඕකේ බබා….”

ඇමතුම විසන්ධි කර මං තීර් ගේ රෑම් එකේ දොර ලගට ගියෙමි…

“සර්.. සර්..”

මං දොරට ගසමින් කෑ ගැසුවද කිසිදු ප්‍රතිචාරයක් නොවීය…පසුව මං සෙමින් දොර ඇරියේ දොර ලොක්කර නොතිබුණු බව හැගුනු නිසාවෙනි…

“දෙයියනේ ….”

මගෙ ඇස් උඩ ගියේ දැකපු දර්ශනය නිසාවෙනි….
තීර් ඇද ලග බිම වාඩි වී ඊයම් කොළයක් අතේ තබාගෙන සිටිනු දුටුවේය…එය කුඩු ගැසීමට සූදානම් වන අයුරුය….මගේ ඇග සීතල වුණි …. මා මේ පිලිබඳ දැනුවත්‍ වූයේ දවසක් මගේ අයියා කුඩු ගහන අයුරු මගේ මේ ඇස් වලින් දුටුව නිසාවෙනි…

“තමුසෙ මොකද මෙතන…”

තීර් කේන්තියෙන් මාදෙස බලා පැවසුවේය …

“ස…ස…ර්… බ…..බා… කෝල් කරා..”

මං ඔහු දෙස බයෙන් බලමින් පැවසුවෙමි…

“ශීට්….ගෙට් අවුට් මයි රෑම්…”

තීර් මට බනිමින් නැගිට්ටේ ය…

“ප්ලීස් සර් අපි යමූ.. සර් ඔය කරන්න හදන්නේ හොද දෙයක් නෙමේ … අනේ අපි යමූ..”

බයේ වෙව්ලමින් මං වචන ගලපා ගත්තේමි…

“වට්……… “

ඔහු මා ඉදිරියට ආවේය..මං පස්සේන් පස්සට ගොස් බිත්තියේ හේත්තු වුණි…ඔහු මට තවත් ලං වුණි..

“මේ කෙල්ලේ….තමුසෙ කවුද මට හොද නරක කියාදෙන්න…ඉන්නවනම් පාඩුවේ ඉන්නවා නැත් නම් යන මගුලක යනවා මට වද නොදී …”

ඔහුමගේ නිකටින් තදින් අල්ලා කෑගැසුවේය ……
මගේ ඇස්වලින් කඳුළු ගලා ආවේ නිකට රිදුම් දෙන නිසාවෙනි….

“ආව්….. මට රිදෙනවා සර්…අතහරින්න කෝ…ප්ලීස් ..”

තවත් ඉවසා ඉන්න බැරි තැන මං ඔහුට අඩමින් පැවසුවේමි.

“තමුසෙට දැනෙන වේදනාවට වඩා දහස් ගුණයකින් මෙන්න මෙතන රිදෙනවා…ඕයි…”

තීර් මගෙන් ඈත් වී නිරුවත්ව තිබෙන ඔහුගෙ පපුවට ගසමින් කෑ ගැසුවේ…

සර් ලොකු වේදනාවකින් ඉන්නේ …. පව් කියලත් හිතෙනවා…මේ විදිහට විනාශ වෙන්න යන්නේ ලස්සන ජීවිතයක් නේ කියලා මගෙ හිත පැවසුවේය…

මට මේ මොකද වෙලා තියෙන්නේ ඇයි මං මේ කෙල්ලට මගෙ දේවල් කියන්න යන්නේ…කවුද මේ කෙල්ල මගෙ…තීර් හිතින් ප්‍රශ්න කලේය..

නෙත්මි රෑම් එකෙන් ගිය පසු තීර් ටීෂර්ට් එක ඇද ගෙන සාලෙට පැමිණියේය ..පසුව දෙදෙනා කා එකේ නැගී දීත්ලා සිටින ස්ථානයට ගොස් සියලුදෙනා එක්ව විනෝද චාරිකාව යෑමට ආරම්භ කලෝය..

###################

දහවල් ආහාරය සදහා තරු පහේ හෝටලයක් වෙත කාර් දෙක නතර කරන ලදි…..සියලු දෙනා කාර් වලින් බැස්සද නෙත්මි ශීට් එකට බර වී කල්පනා ලෝකයක අතරමං වුනේය….චාරිකාවේ මෙතෙක් දුර පැමිණියද තීර් හා නෙත්මි අතර කිසිදු වචනයක් හුවමාරු නොවුනෝය…

“අක්කි….අක්කි….”

නිපුලීගේ කටහඬ ට මාව ගැස්සුනි ..

“බබා…ඇයි”

මං කා එකේ ශටර් එක පාත්කර නිපුලීට කතාකලෙමි..

“එන්න අක්කි කමු අපි”

“මට බෑ බබා…බඩගිනි නෑ…”

“අනේ අක්කියෝ… ඔයා ආවේ නැත් නම් අයියටත් කෑ ගහයි…”

“ඕකේ… බබා යන්න මං එන්නම්…”

“අක්කි අපි ඉන්නේ සෙකන්ඩ් ටේබල් එකේ…”

ඔවුන් ඉන්නා ස්ථාන මට පවසමින් නිපුලී හොටෙල් එක තුලට ගමන් කලේය…

මට නම් අර නපුරු රකුසගේ මුහුණ බලන්නවත් හිතෙන්නේ නෑ…තවත් මේ රකුසගෙ නපුරුකම් ඉවසන් ඉන්න බෑ…ගෙදර යන්න ඕනේ කොහොම හරි…අදත් මට නොකියා කිව්වේ ගෙදරින් යන්න කියලා තමයි….මේ ටුවර් එකෙන් පස්සේ මං අම්මලා හොයාගෙන ගමට යනවා…ඒත් එයාලා කොහෙ ඉන්නවද දන්නේ නෑ අර මැරයෝ එයාලට මොනවා කරාද දන්නේනේ…අනේ දෙවියනේ මගෙ අහිංසක අම්මයි තාත්ටයි ආරක්ෂා කරලා දෙන්න…මං ඉක්මනට එනවා අම්මේ ඔයාලා ලගට….ඔයාලා තරම් මේ ලොකේ වෙන කවුරුත් ආදරේ නෑනේ 😢…
ඇස්වලින් කඳුළු ගලා ආවේ හිතට ලොකු දුකක් දැනුනු නිසාවෙනි….

අම්මෝ ඉක්මනට යන ඕනේ කෑවත් නැතත් ….නැත් නම් මෙතනට අර රකුසා ඇවිත් බෙරිහන් දෙයි…😡

මං කා එකෙන් බැස හොටෙල් එක තුලට ඇතුල් වනවාත් සමග මා ඉදිරියට පැමිණෙන පුද්ගලයා දෙදෙනා දුටු විට මගේ මුලු ඇගම පන නැතිවී ගියේය …මොනවා කරන්නද කියා සිතාගැනීමටවත් නොසිතුනෙමි ..ඔවුන් දෙදෙනාට නොපෙනෙන සේ ඉදිරියෙන් අයින් වී මං ඒ අසල තිබූ කොන්ක්‍රීට් කණුවට මුවා වුනේමි..

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්….

#. නෙත්මි දුටුවේ කවුරුන්ද…?

පිළිතුරු ….

1.නෙත්මිගෙ සොහොයුරා සහ කේශර

2.නෙත්මිගෙ දෙමාපියන්

3.තීර් සහ නෙත්මිව පැහැර ගන්නට පැමිණි මැරයා

4.දීත් සහ නෙත්මිව පැහැරගන්න පැමිණි මැරයා

මට ඔයාලාගෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු ඕනේ….

නිවැරදි පිලිතුරැ අතරින් තොරාගන්නා දෙදෙනෙකුට රු 100 ක රිචාර්ජ් කාඩ් පතක් කැමති ජාලයකින්..

මගේ කතාව බලන හැමෝටම ගොඩාක් ස්තූතියි … අඩුපාඩු තියෙනවානම් කියන්න..

😍😍😍😍😍😍😍😍😍😍


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “තීර් – දහහතර වෙනි කොටස

  • July 5, 2018 at 9:10 pm
    Permalink

    Mn hithanne uththaraya 3

  • July 5, 2018 at 9:11 pm
    Permalink

    Kathawanum lassnai meke ithuru tikath ikmanata one

Comments are closed.