තීර් – 15. කොටස

ජයග්‍රහකයින්

1.Sudu Nona

2.Supuni kawishka

(රිචාර්ජ් කාඩ්පත් අවශ්‍ය ජාලය අපිට මැසේජ් එකක් යොමුකරන්න)

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
####################

මං මේ දකින්නේ හීනයක්ද….සර් කොහොමද මේ මිනිහා එක්ක ඉන්නේ….මගෙ සිතේ ප්‍රශ්න රැසකි..

“මිනිහෝ… ඇයි අපේ ෆැමිලි එකේ අය ඉන්න ඉස්සරහා මට කතා කරේ …”

“සොරි සර් … සර් දැක්කම කතා කරන්න හිතුනා…”

“උඹ මැරයෙක් කියලා දැනගත්ත නම් මට තමා සොරි වෙන්නේ…යනවා යන්න මෙතනින් කවුරුත් දකින්න කලින්…මං පස්සේ කෝල් එකක් දෙන්නම්….”

සර් මොනාද අරූ එක්ක කතා කරන්නෙ … මේක නම් පෙහෙළිකාවක් … සර් මැරයොත් ආශ්‍රය කරනවද? බයේ බෑ..ඉක්මනට මං මේ ගෙදරින් පැන ගන්න ඕනේ..

තීර් අසලින් මැරයා ගිය පසු තීර් වට පිට බැලුවේ හොරකු සේය.. ඔහු නැවත හෝටලය ඇතුලට ගිය පසු මාත් ඔහු පසුපස ගියෙමි…

“අම්මෝ නෙත් ආවා….මට නම් යකෙක් කන්න බඩගිනියෝ ..”

මං පුටුවේ වාඩි වෙනවාත් සමග දීත් පැවසුවේය …

මම හැර අනිත් සියලු දෙනා නැගිට ගොස් බුෆේ එකෙන් බත් බෙදාගෙන ආවෝය…

“ඇයි කන්නේ නැද්ද …”

තීර් සැරෙන් මගෙන් ඇසුවේය…

“බඩගිනි නෑ සර්..”

නොසන්සුන්ව සිටින මට මොන කෑමද සර්…මං මේ දාහතේ කල්පනා කරන්නේ මට වුන දේ ගැන…මං මැරයන්ගෙන් බේරිලා උදව් ඉල්ලන්න ඇවිත් ඉන්නේ ඒ මැරයන්ව අදුරන කෙනෙක් ලගටමනේ…. අර මනුස්සයා දැක්ක නම් අද මං ඉවරයි… මං හිතෙන් පැවසුවෙමි ….

“මොනාද කල්පනා කරන්නේ අක්කි….”

තීර්ට පිලිතුරු දීමෙන් පසු මං කල්පනා සයුරේ ගිලී සිටින විට නිපුලීගේ කටහඬට මාව ගැස්සුනෙමි..

###################

හොටෙල් එකෙන් එළියට වන විට සනුත් කේශර ත් මාව හදුනා ගත්තේ තීර්ගේ යාළුවෙක් ලෙසිනි…අපි සියලුදෙනා පැමිණි ආකාරයටම කාර් වල අසුන් ගෙන නුවරඑළිය බලා පිටත් වුණි…

“මොකෝ සද්දයක්වත් නැත්තේ….”

තීර් කා එක ඩ්‍රයිව් කර ගමන් දෙතුන් පාරක් පමණ මා දෙස බලමින් ඇසුවේ ය..

“මුකුත් නෑ සර්…”

ඇත්තම කියනවානම් දැන් මට වොෂ්රූම් යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා.. ඒත් සර්ට මං කොහොමද කියන්නේ…බබාවත් හිටිය නම්…

“මොනාද කල්පනා කරන්නේ…”

තීර් නැවත ප්‍රශ්න කලේය..

මගේ මුලු ශරීරයම දාඩියෙන් තෙත් වී ඇත..නලල දෙපැත්තෙන් දාඩිය වැක්කෙයි…

තීර්ගේ ප්‍රශ්න වලට නෙත්මිගෙන් පිලිතුරු නොලැබුනු නිසා..තීර් කා එක පාරෙන් ඉවතට ගෙන නතර කලේය …පසුව ඔහු කා එකෙන් බැස ඉදිරියේ ඇති කඩය ඇතුලට ගියේය…එසැනින්ම නැවත් පැමිණ කා එකේ මං වාඩි වී සිටින පැත්තෙන් දොර ඇරියේය…

“බහිනවා…”

“ඇයි සර්…”

“අර ශොප් එකේ ඉන්නේ ඇන්ටි කෙනෙක් ගිහින් එනවා…”

“මං මොකටද ඒ ශොප් එකට යන්නේ….”

“පංඩිතයා නොවී වොෂ්රූම් ගිහින් එනවා…”

හෑ….මෙයා කොහොමද දැන ගත්තේ මට වොෂ් රූම් යන්න ඕනේ කියලා … මාර් මනුස්සයෙක්නේ.😱

“මං දිහා මොකද කන්න වගේ බලන් ඉන්නේ යනවා ඉතින්…”

රකුසෙක්ම තමා… කිසිම දෙයක් හොදින් කියන බෑනේ ඇගටම කඩාපනිනවා…මෙයාව බදින කෙල්ල පව්…ඒ කෙල්ල නම් ගිය ආත්මේ ලොකු පවක් කරලා තියෙනවා මේ වගේ රකුසෙක් ලබන්න…මං කොදුර කොදුර තීර් පෙන්නපු ශොප් එක ඇතුලට ගොස් මගේ අවශ්‍යතාවය ඉටු කරගෙන ඒ ශොප් සිටි කාන්තාවට ස්තුති කලෙමි..

“නෝනා ගොඩාක් වාසනාවන්තයි …”

“ඇයි අම්මා එහෙම කියන්නේ..”

“ඔයාලට ලැබිලා ඉන්නේ රත්තරං මහත්‍තයෙක් … “

හෑ ඒ ඉන්නේ මගෙ මහත්තයා තියා මගෙ නෑදෑයෙක්වත් මං අදුරන කෙනෙක්වත් නෙමෙනේ….අනික එයා නම් කවදාවත් මගෙ මහත්තයා වෙන්නේ නෑ…ජීවිත කාලෙම නොබැද හිටියත් මේවගේ රකුසෙක් නම් මැරි කරන්නේ නෑ

කිසිවක් නොකියා මං කා එකට නැග්ගේ දිගු හුස්මක් ගනිමින් ය…

ඇගට ලොකු තෙහෙට්ටුවක් දැනුන නිසා මට එහෙම්මම් නින්ද ගියේමි….නුවරඑළියට ආසන්න වනවිට දේශගුණයේද ලොකු වෙනස්කමක් දැනුණි..ගතර සීතලක් එක්වුයේය…

තීර්ගේ කා එක පසුපස දීත්ලද පැමිණියෝය…

“සරාස්…..”

හෆොයි.. අනූ නමයෙන් බේරුනේ…

පාර අයිනේ සිටි කාන්තාවගේ කටින් පිටවුණි….

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්….

මගෙ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තූතියි ….😍😍😍😍😍😍😘😘😘😘😘


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *