තීර් – 22. කොටස

තීර්….. 💞

22. කොටස

 

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
#####################

මාසයකට පසු…..

“අයියේ… මං ඩ්‍රයිව් කරන්නද..?”

“එපා මල්ලි …..”

“අපි දැන් මාසයක් තිස්සෙ හොයනවනේ අයියේ….කිසිම ආරංචියක් නෑනේ…නෙත්ට මොකද වුනේ….”

“අනේ මංදා බන් එකිව එකපාරක් හොදින්ද ඉන්නේ කියලා දැක්කොත් ඇති….”

“අයියාට මොකද එකපාරටම එහෙම හිතුනේ…”

කට කොනකින් සිනහ වෙමින් දීත් පැසුවේය …

“නෑ බම් ටික කාලයක් ඉතින් මගෙ ගේ ක්ලීන් කරගෙන හිටියා..අනික අපේ බබාටත් හෙල්ප් කරානේ…”

“ඒක මිසක් අයියේ….”

අනේ මංදා මටත් මොනව වෙලාද කියලා තව මාස දෙකකින් මගේ මැරේජ් එක ඒත් මට මේකිව දකිනකන් ඉවසිල්ලක් නෑ…තීර් සිතුවේය..

“මටනම් හිතා ගන්නවත් බෑ අයියේ කෙල්ලට මොකද වුනේ කියලා…අනික නෙත්මිගෙ මාමා කිව්ව විදියට එයාලා ඇරෙන්න වෙන කවුරුත්වත් නෙත්මිලාට නෑලුනේ…”

“මේකි ඒ අන්කල්ටවත් කියලා නෙමේනේද ගිහින් තින්නේ…මාරම හිතුවක්කරයි…”

තීර් පැවසුවේ තරහකින්‍ ය.

තීර් සහ දීත් නෙත්මි සොයා ඇගේ නිසවසට ගොස් නැවත තම නිවෙස් කරා පැමිණෙමින් සිටිති…ඔවුන්ට ඇයගෙ නිවස සොයා ගැනීමට මාසක්ගත විය..කිසිම තොරතුරක් නොමැතිව ඇයගේ ජායාරූප පෙලක් නිපුලීගේ ජ.දුරකථන තිබී එය භාවිතා කරමින් හා ඇය ප්‍රථම වතාවට තීර්ට හමුවූ මහ මාර්ගය අවට දවස් දෙක තුනක් සැරිසරා ඇගේ නිවස සොයා ගත්තාද ,නමුත් ඇය දැනට සතියකට පෙර එම නිවස හැර ගොස් ඇත්තේ කිසිදු සටහනක් නොතබාය…එයට හේතුව වන්නට ඇත්තේ….මේ වන විට ඇගේ අම්මා තාත්තා සහ එකම සොයුරා ඇයව මෙලොව සදහටම තනිකර දමා ගොස් තිබූ නිසාවෙනි….

####################

වේලාව 11.50 වේ..

“මල්ලි අපි අද මේ හෝටෙල් එකේ ඉමූ..මහන්සි බන්…”

“ඕකේ අයියේ …මාත් මේ කියන්න හිටියේ…දැන් නම් යකෙන් කන්න බඩගිනි බන් …. “

තීර් හෝටලය වෙතට එහි ගේට්ටුවෙන් කාර් එක ඇතුල් කලේය..පසුව දෙදෙනාම තම බෑග් අතැතිව හෝටලයට ඇතුල් විය….

“ආයුබෝවන් සර්….”

හොටෙල් රිකෙප්ෂන් එකේ සිටි තරුණියක් ඔවුන්ට වැද ආචාරශීලීබව පිළිගත්තෝය …

“අයියේ එක රූම් එකක් ගමු… අපි උදෙන්ම යනවනේ…”

“ඕකේ…”

දීත් පැසුව ආකාරයට තීර් එක රූම් එකක් පමණක් බුක්කලේය..පසුව දෙදෙනා රූම් එකට ගොස් කෑමද රූම් එකට ඕඩර් කර ගතෝය…

“මං හරි…..අයියා වොෂ් එකක් දාගන්න…”

ශෝට් එකක් ඇදගෙන ටවල් එකෙන් ඔලුව පිසදමින් බාත් රූම් එකේ සිට පැමිණි දීත් , ඇද වියනට බරවී කල්පනා කරමින් සිටි තීර්ට පැවසුවේ ය…දීත්ගේ කටහඬ ට තීර් ගැසුනේය….

“හ්ම්….”

තීර් තම බෑගයෙන් ටවල් එක ගෙන ඔලුව කස කසා බාත් රූම් එක ඇතුල්වූයේ අවුල් මනසකින් ය…

“අයියේ …. “

දීත් බාත්රූම් එකේ දොරට ගැසුවේය..

“ඇයි බන්…මට නිදහසේ නාගන්න දීහන්කෝ…”

“මං කන්නම් බන් ….. මාරම බඩගිනි…”

“කාපන් ඉතින්…”

තීර්ගේ අවසරය ගත් දීත් එක හුස්මට ෆයිඩ් රයිස් එක කාගෙන කාගෙන ගියේය..ඒත් එක්කම තීර්ගේ ජ.දුරකථන නොනවත්වා නාද වන්නට විය…

“අයියේ …..”

“ඒ ගමන මොකෝ…”

“මෙන්න නෑනගෙන් කෝල්…”

මේ වෙලාවේ මොන මගුලකට ගන්නවාද මංදා..මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ…තීර් සිතෙන් බැන වැදුනේ බිත්තියට අතින් පහරක් එල්ල කරමින් ය.

“ආන්ස්වර් කරහන්….අහපන් ඇයි කියලා..”

“ඕකේ සර්…”

“හෙලොව්…”

දීත් ඇමතුමට සම්බන්ධ වූයේය..

” හෙලොව් මයි ඩාර්ලින් …අයි මිස් යූ බේබී..
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ….”

“ඕ….සොරි රිතූ මං දීත්….”

“කෝ තීර්…”

“අයියා වොෂ් රූම් එකේ…”

“කොහෙද ඔයාලා ඉන්නේ …. ඇයි තීර් මගේ කෝල් ආන්ස්වර් කරන් නැත්තේ.😣”

“මේකයි රිතූ අපි ටිකක් බිසී වුනා ගිය දවස් ටිකේ…අයියා ඔයාට කෝල් කරයි…”

“එයාට කියන්න දැන්ම මට කෝල් කරන්න කියලා…ජස්ට් නව්…ගුඩ් නයිට්…බායි..”

“ඕකේ රිතූ…ගුඩ් නයිට්..බායි..”

මේ රිතූ නම් අයියට මැච් වෙන්නේ නෑ…යකෝ මැරිකන්න කලින් මෙහෙම නම් මැරිකරාට පස්සේ අයියට හෙල්ලෙන්න හම්බවෙන්නේ නෑ…

තීර් නාගෙන බාත් රූම් එකෙන් එළියට එනවිට දීත්ට මහන්සි වැඩිකමටම ඇද මතම නින්ද ගිහින් ….කොල්ලා කන්න සූදානම් වුවත් ඔහුට කන්නට හිත දෙන්නේම නැත..ඒ නිසාවෙන් කෑම පිගාන වසා දමා ඔහුද ඇද වියනට බර වූයේ තම දුරකථනයේ ඇති නෙත්මිගේ ජායාරූපය දෙස බලමින්‍ ය.ඔහුගේ හිතට කිසිම සැනසීමක් නොමැත.එසේ සිදුවන්නේ ඇයිද කියා තවමත් ඔහුට සිතා ගත නොහැකිය….ඇය තීර්ගේ නිවසින් ගියදා පටන් තීර් ඇය නොසෙව් තැනැක් නොමැත…

ඇද වියනට බරව කල්පනා කරමින් සිටි තීර් නිදන්නට වූයේ අලුයම 4ට පමණය..

“ටොක් ටොක්……”

දොරට ගසන හඬට තීර් අවදි වුයේ අඩවන් ලෙස නෙත් විවෘත කරමින් ය…

“මල්ලි…”

“හ්ම්…”

“ටොක් ටොක්…”

නැවත දොරට ගසන හඬ ඇසෙන්නට වූහ..

“අයියේ ගිහින් බලනවකෝ….මොන ගොබ්බයෙක්ද මේ පාන්දර දොර කඩන්න හදන්නේ කියලා..”

දීත් බෙට්ශීට් එක තුලට තව තව ගුලි වෙමින් පැවසුවේ ය.

තීර් ද සිතෙන් බනිමින් ඇදෙන් බැස ගොස් දොර විවෘත කලේ අඩන් ලෙස තම නෙත් විවෘත කරගෙනය…..

“යූ……”

තීර්ගේ ඇස් ලොකු වූයේ ඉබේටමය…😱

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්

ගොඩ කාලෙකින් නේද….සොරි ඉතින් …. බනින්න එපා… 😍😍😍😍😍😍😍😍😍😍😍😍

මං දන්නවා ඔයාලා මට බන්නේ නෑ…..ඔයාලා ගොඩාක් හොදයි නේද..

🐝 තීර් මොකද නෙත්මිව හොයන්නේ….අනික එයා කවුද තීර්ගේ…තව මාස දෙකකින් තීර් රිතූව මැරිකරනවා…තීර්ට පිස්සු…ඔයාලවත් තීර්ට කියන්නකෝ ….


 

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “තීර් – 22. කොටස

  • September 26, 2018 at 1:09 pm
    Permalink

    Banenne nathuwa monawa karannada?godak kalekata passene.hamadama kathawa denna bareda? Kathawa lassanaine.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *