තීර් – 23 කොටස

💞 තීර්….. 💞

23. කොටස

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
#####################

තේ කෝප්ප දෙකක් ට්‍රේ එක මත තබා ගෙන කලු කලිසමට සුදු අත්දිග ශර්ට් එකක් ඇද එයට උඩින් කලුපාට හාෆ් කෝට් එකක් ඇදගෙන තීර් ඉදිරිපිට සිටගෙන ඇති තරුණිට කර කියා ගන්නට දෙයක් නොමැතිවී ගියාය..ඇය කලබලයෙන් ආපසු හැරුනේ පුරුදු මුහුණක් තම දෙනෙතට ගැටුනු නිසාවෙනි…

“ඔහොම නවතිනවා…..”

නැවත හැරී ගමන් කරන්නට සූදානම් වු ඇයව තීර් නතර කලේය..

“ප්ලීස් සර් මට යන්න ඕනේ…..”

“කොහෙ යන්නද ආ….”

තීර් කේන්තියෙන් කෑගැසුවේය…

“මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා සර් …. ප්ලීස්…”

“එහෙනම් හැරිලා බලනවා මගෙ දිහා…”

තීර්ගේ දෑස් රත් පැහැ වුයේ කේන්ති වැඩිකමටය…

අනේ දෙවියනේ මේ මොකද වෙන්නේ සර් කොහොමද මේ හොටෙල් එකට ආවේ….සර් මේ රූම් එකේ ඉන්නවා කියලා දන්නවනම් මං එන්නේ නෑ මෙහෙම…
තරුණිය සිතමින් තීර්දෙසට හැරුනාය….

“මාව කන්න ආපු රකුසෙක් මේ නම්….”

තරුණිය මිමිණුවාය..

“මොකක්ද කිව්වේ….”

“මුකුත් නෑ….”

“එනවා ඇතුලට…”

“මට බෑ…”

“ඇයි බැරි “

“ඔය ටී දෙක ගේනවා … නැත් නම් මැනේජර්ට ….”

තීර්ගේ වචන මගදී නතර විය…

ටී දෙකක්….., සර් එක්ක කවුද ඉන්නේ තව .. සර් ඇවිත් ඉන්නේ ගර්ල්ෆෙන් එක්කද…එහෙමනම් මං කොහොමද ඇතුලට යන්නේ…
සිතේ ප්‍රශ්න රැසකි..

“අනේ මැනේජර්ට කියන්න එපා සර්…. මට මෙතන ජොබ් එකත් නැතිවෙයි…”

“කොහොමත් ඔය ජොබ් එක නැති වෙනවා තමයි… “

තීර් මිමිණුවේය..

ඒ මොක්කද සර් කියපු කතාවේ තේරුම.. ජොබ් එක නැතිවෙනවා…ඒ මට ඇහුන විදිහද..?

තරුණිය සිතමින් තීර් පසුපස රූම් එකට ඇතුල් විය…

“නෙත් ඔයා….”

දොර විවෘත වූ හඬට අවදි වූ දීත් ඇද මත පුදුම වී පැවසුවේ ය…

“හෆොයි …. දීත් නේද… මෙයාලා මොකද මෙහෙ කරන්නේ…”

“කොහෙද නෙත් මෙච්චර කල් හැංගිලා හිටියේ …අපි කොච්චර හෙව්වද…අම්මෝ මේන් වැන්ද 🙏 තවත් නම් පිස්සු නටන්නෙ නැතුව යමු අපිත් එක්ක….”

දීත් කියාගෙන කියාගෙන ගියේය..

“කොහෙ යන්නද දීත්… මට කියලා දැන් කවුරුත් නෑ….. හැමෝම මාව දාලා ගියා…”

කෙල්ලගේ දෑස් බොද වීමට ගියේ තත්පරයකි… ඇයට කියා කිසිවෙක් නැත..දෙමාපිය හා අයියාගේ මරණින් පසු තමාට කියා සිටි එකම නෑදෑයා වන මාමාද තමාව බලහත්කාරයෙන් තමාට වඩා දස අවුරුදු වැඩිමල් පෝසතෙකුට විවහා කර දීමට සූදානම් නම් වූ මොහොදී තමා ඒ ගෙදරිනුත් හොර රහසේ පැන ආවේ තම ජීවිතය එසේ නාස්තිකරගන්නට හිතක් නොතිබුණු නිසාවෙනි….ටිකෙන් ටික ඇගේ දෑස් වලින් කඳුළු ගලා ඇවිත් කම්මුල් දිගේ බේරෙන්නට විය…ඇය අන්ත අසරණ තත්වයකට පත් වී ඇති බව දීත්ට මෙන්ම තීර්ට තේරුම් ගියේය….

“නවත්තනවා ඔය ඇඩිල්ල …මලකරදරේ…”

“මල්ලි රෙඩි වෙන්න ගෙදර යන්න….
මෙයාටත් කියන්න…මං යනවා වොෂ් එකක් දාගන්න…”

තීර් නෙත්මිට සැරකර බාත් රූම් එකට ගියේය….

කෙල්ලව හොයා ගන්න කොච්චර එහාට මෙහාට ගියාද…පොඩි බයකුත් හිතේ තිබ්බා….ඇති යාන්තන් දැන් හැම දේම ඕකේ…මං නෙත්මිව එක්කන් ගිහින් මොනාද කරන්නේ…ඇයව දීර්ඝකාලීනව මගෙ ගෙදර තියාගන්න බැරිවෙයි රිතූව මං මැරිකරාට පස්සේ….එහෙමයි කියලා නෙත්මිව අතහරින්න බෑ…මෙතුවක් කාලෙකට නොදැනුනු අමුතුම හැගීමක් නෙත්මි දිහා බලන විට මට දැනෙනවා….හදවතේ ගැස්මද ඇය අසලදි වැඩි වෙනවා…මෙහෙම වෙන්නේ ඇයි…මේ දේවල් මල්ලිට කියන්නත් බෑ….ගෙදර ගිහින් ටිකක් ෆ්‍රී එකේ කල්පනා කරලා තීරණයක් ගන්න ඕනේ….

තීර් විනාඩි හතලිහක් පමණ කල්පනා කරමින් නෑවේය…පසුව බාත් රූම් එකෙන් එළියට එද්දි නෙත්මි රූම් එක තුල සිටියේ නැත…

“මල්ලි කෝ නෙත්මි…..”

“කෙල්ල යන්නම බෑ කියනවා….”

“එහෙම කොහොමද ….”

“කෙල්ල කියන කතාවත් ඇත්ත අයියේ…”

“මොනාද ඇත්ත…”

නෙත්මි අඩමින් දීත් සමග පැවසු සියලු දේ එකෙන් එක තීර්ට පැවසුවේ ය…

“එහෙම කියලා මේ කෙල්ලව අපිට මෙහෙ දාලා යන්නබෑ මල්ලි…”

“ඒත් අයියේ නෙත් අපේ කවුද….. ඔයාගෙ ගෙදරට එක්කන් ගියා කියමු…මමා ඩඩා අපෙන් ප්‍රශ්න කරයි…එකටත් බොරු කියලා බේරුනා කියමුකෝ…අයියා මැරිකරාට පස්සේ මේ කෙල්ලට එහෙ ඉන්න බෑනේ….කොහොමත් රිතූ ලංකාවට ආවේ ගමන් මේ කෙල්ල ඒ ගෙදර ඉන්නවා දැක්කොත් අනිවාර්යයෙන් ගේම අදිනවා…අයියා දන්නවනේ රිතූගෙ හැටි….”

“හරි හරි බන් ඉස්සෙල්ලම ගෙදර යමුකෝ…ඊට පස්සේ හිතමු මොනාද කරන්නේ කියලා…”

“නෙත් නම් කැමති නෑ අයියේ යන්න…කොල්ල අඩ අඩ ගියේ ‍රෙඩි වෙන්න…අපි කෙල්ලව බලෙන් එක්කන් යන එකත් වැරදි අයියේ ..”

“හරි වැරද්ද ගෙදර ගිහින් බලමු බන්.. උඹ රෙඩි වෙලා බෑග් අරන් වරෙන් මං හොටෙල් එකෙ මැනේජර් මීට් වෙලා එන්නම්….”

නෙත්මි අස්වීමේ ලිපියද බාර දී ඒ හෝටලයෙන් සමු ගෙන තීර්ලා සමග ඔහුගේ නිවසට පැමිණියහ.

#####################

“අම්මෝ ..ඔලුව කැක්කුමයි…..”

කෙල්ල ඔලුව අත්දෙකෙන් අල්ලා ගෙන ඇද මත වාඩි විය…

තීර් උදේන්ම පිහුම් තටාකයේ පිහිනමින් සිටියේය….අද ශනිදා දියක් බැවින් ගාමන්ට් එකට යාමටද අවශ්‍ය වුයේ නැත…

එත් එක්කම සාලයේ සෝපාව මත තිබූ තීර්ගේ ජංගම දුරකථන නාදවිය…

අයියෝ මොන කරදරයක්ද මේක..මේ මිනිහ මාව බලෙන් එක්කන් ඇවිත් මට දෙන දස වදේ … මං හොටෙල් එකේ හිටියේ කොච්චර සැහැලුවෙන්ද… ඒත් මෙහෙ හිරකාරියක් වගේ…ෆෝන් එකවත් ආන්සර් කරන්නේ නෑනේ…ඒ සද්දේ ට මේ ඔලුව කැක්කුම තව වැඩි වෙනවා..

නෙත්මි රූම් එකෙන් එළියට ආවේ තීර්ට සිතෙන් බනිමින්‍ ය…පසුව ඔහුගේ නාදවන ෆෝන් එක රැගෙන ඔහු සොයා ඔහුගේ රූම් එකටත් මුලුතැන්ගෙයටත් ගමන් කලහ…නමුත් ගේ ඇතුලේ කිසිම නැනක ඔහු සිටියේ නැත..

මේ රකුසා කෙහෙද ගියේ මේ කබල් ෆෝන් එක දාලා….මේකත් රින්වෙනව රින්වෙනවා ඉවරයක් නෑනේ…

ඇය ෆෝන් එක රැගෙන නිවසින් පිටතට පැමිණියහ …. පසුව දෑස් කරකවා කරකවා තීර්ව සෙව්වාය…ඒත් එක්කම ඇගේ නෙතට ගැටුනේ පීනමින් සිටි තීර්වය…

අම්මෝ මේ ඉන්නේ දියරකුසා වගේ..කන් බීරිද දන්නේ නෑ..මෙච්චර ෆෝන් එක රින් වෙනවා පොඩ්ඩක් වත් බලන්න ආවේ නැත්තේ…

“සර් කෝල් එකක්….”

ඇය පිහිනුම්තටාකයේ සිටි තීර්ට පැවසූහ …

තීර් ඉන් ගෙඩට පැමිණ පුටුව මත දමා තිබූ ඔහුගේ ටවල් එක අතට ගෙන ඔලුව පිහදාන ගමන් ෆෝන් එක ගෙන ඇමතුමට සම්බන්ධ වූයේ ය…

නෙත්මි එතනින් නික්ම ගියේ බාම් ටිකක් නලල දෙපැත්තේ ගා ගැනීම සදහාය..

#####################

වේලව රාත්‍රි 8 විය..

“අයියේ මට නම් ඇති කෑවා…කෝ නෙත් බෙදාගත්තු ටිකවත් කාලා නෑනේ ….”

දීත් අත සෝදන ගමන් නෙත්මිගේ පිගාන දෙස බලමින් පැවසුවේ ය…තීර් ද ඒ මොහොතේ දී ඇගෙ දෙස බලා රැව්වේය..

කොහොම කන්නද දීත් හිතේ කිසිම සතුටක් නැතුව..මට අනාගතයක් නෑ… මව බලාගන්න කෙනෙක් නෑ…මං ගොඩාක් අසරණ වෙලා ඉන්නේ …මගේ දුක කියන්න කවුරුත් නෑ…

නෙත්මිට එසේ කියන්නට සිතුනි …නමුත් ඇය එසේ පැවසුවේ නැත. නෙත්මිගෙ දැස් වල කඳුළු රැදුනි…ඇය එම කඳුළු කඩාවැටෙන්නට ඉඩ නොදි දෑස තුලම රදවා ගැනීමට මහත් වෙහෙසක් දැරුවාය…

“අයියා එහෙනම් මං හෙට උදෙන්නම් එන්නම්….”

“පුලුවන් උනොත් බබාවත් එක්කන් එන්න උඹලා දෙන්නම ඉන්නව නම් මං කැමතියි….මට ඉන්නෙත් එච්චර නේ”

“ඕකේ අයියා ට්‍රයි කරන්නම් ….බට් මං නම් අනිවා එනවා …ගුඩ් නයිට් අයියා , ගුඩ නයිට් නෙත්….”

“ගුටි නයි මල්ලි…”

“ගුඩ් නයිට් දීත්…”

රාත්‍රි ආහාර ගත තීර් හා නෙත්මි කෑම මේසය අස් කර තම තමන්ගේ රූම් වෙත ගමන් කලෝය..

පැයකට පසු

“ටොක් ටොක්…නෙත්මි…”

සර් නේද දොරට ගහන්නේ…මේ රෑ මොකෝ …..

නෙත්මි ඇදෙන් නැගිට ගොස් දොර විවෘත කලාය…

“ඇයි සර්…”

“ආ ….. මේවා ගන්න..”

තීර් අතැතිව තිබූ බැග් දෙක නෙත්මි පෑවේය…

“මොනවද සර් මේ….”

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්..

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *