තීර් – 24 කොටස

තීර්….. 💞

24. කොටස

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
#####################

“දැම්ම ෆිටෝන් කරලා බලලා කියනවා…මං සාලෙට වෙලා ඉන්නම්…”

තීර් කෙල්ලගෙ රෑම් එකෙන් ගියේ තම නලල් තලය එක් අතකින් පිරිමදිමින් ය.

මේ මනුස්සයට එකපාරට මොකද වෙලා තියෙන්නේ…මොනාද ෆිටෝන් කරන්න කියන්නේ…මේ බෑග් වල මොනවද…මසිතේ ප්‍රශ්න රැසකි…එයට පිළිතුරු එකින් එකට සෙවිය යුතුය…

ඉස්සෙල්ලම බලමු මේ බැග්වල මොනාද කියලා….

ඇද මත හිදගත් මම බරින් වැඩි බෑගය ගෙන විවෘත කර බැලුවෙමි…

😱 හා…….. නේ….. සාරි එකක්
අම්මෝ ලස්සන … නිළියෝ අදින සාරියක් වගේ …. මේකනම් අනිවාර්යයෙන් ලොකු ගානක් වෙනවා ඇති…. සර්ට වැරදිලාද දන්නේ නෑ මට දුන්නේ….මේක බබාට වෙන්න ඇති… කෝකටත් අනිත් බෑග් එකත් බලමු….

සර්ගෙන් මේ පිළිබද ඇසීමට ප්‍රථම අනිත් බෑගය ද ඇර බලන්නට මට සිතුනි….එම බෑගයද විවෘත කලේ හිතේ දෙගිඩියාවෙන් ය..

වාව් …….. ලස්සන 👠👠 …

ඇයි මට මේවා දුන්නේ ….

බෑග් දෙක අතට ගත් නෙත්මි සාලයට ගමන් කලේ මෙහි අගක් මුලක් සොයා ගැනීමටය….

“සර්…”

සෝෆාව මතට බරවී සිටින තීර් ට නෙත්මි කතා කලහ…

“ෆිටෝන් කරාද….හරිනේ එහෙනම් … හෙට උදෙන්නම් නැගිටිනවා …”

රකුසා මේ මොනාද කියන්නේ … මටනම් මේ මුකුත් තේරෙන්නේ නෑ…

“සර්….”

මං සර්ට කතා කලේ බයෙන්‍ බයෙන් මොකද මේ රකුසගෙන් අපිට ප්‍රශ්න කරන්න බෑනේ…

“ඒ ගමන් මොකද…..? “

“සර් මට මේ මුකුත් තේරෙන්නේ නෑ…..අනික සර්ට වැරදිලා බබාට ගෙනාපු ඒවා මට දීලා….ඒක නිසා මං ෆිටෝන් කරේ නෑ….😒”

“මොකක්….? මෙච්චර වෙලා පොල්ගෑවද ආ… යනවා…ගිහින් ෆිටෝන් කරනවා…😣”

තීර් කේන්තියෙන් කෑ ගැසුවේය….

“සර්…”

මගේ ඇස් වලින් කඳුළු ගලා ආවේ එසැනින් ය…

“ප්ලීස් අඩන්න එපා… මට පෙන්න බෑ ඔය ඇඩිල්ල…”

“සර් මට මේ හැමදේම දැන ගන්න ඕනේ…”

මං බිම බලාගෙන සර් ගෙන් ඇසූවෙමි..

“මොනාද දැන ගන්න ඕනේ….කියනවා”

තීර් නෙත්මිට සැර කරමින් සෝපාවෙන් නැගිට්ටේය…

“ඇයි මට මෙච්චර වටින සාරියක් ෆිටෝන් කන්න කියන්නේ…ඇයි හෙට උදෙන්නම් නැගිටින්න කියන්නේ..එතකොට ඇයි දීත්ටයි බබාටයි අනිවාර්යයෙන් එන්න කිව්වේ….”

“හෙට අපි මැරිකරනවා….”

“අපි කිවේ සර්….”

“ඔයයි මායි…”

තීර් කිව්වා වචන කීපයට මගේ ඇස් ලොකු විය…අතේ තිබූ බෑග් එකවරම අතහැරුනි…කිසිවක් සිතා ගන්නට බැරිය..

මේ මොනාද සර් කියන්නේ….එහෙම වෙන්නෙ කොහොමද..

“නෙත්මි …නෙත්මි ….”

සර්ගේ කටහඬ ට මා පියවි ලෝකට පැමිණියෙමි..

“සර් එහෙම වෙන්නේ කොහොමද…”

“මේක මං හදිස්සියේ ගත්ත තීරණයක් …. මේ තීරණය ගන්න මට ගොඩාක් හේතු තියෙනවා…ඔයාගේ කැමැත්ත අකමැත්ත මට වැඩක් නෑ …”

“මට සර්ව මැරි කරන්න බෑ….”

නෙත්මි කෑ ගසමින් ටයිල් පොලව මත ඉදගත් හ….

“ඔයා මේ මැරේජ් එකට අකමැති වුනොත් මේ ගෙදරින් යන්න වෙනවා…මොකද තව දුරටත් මට ඔයාව මෙහෙම තියාගන්න බෑ…ඒක ඔයාටයි හොද නැත්තේ..තවත් ඔයාට සම්බන්ධ ගොඩක් දේවල් තියෙනවා මට දැන්නම් ඒවා කියන්න බෑ…”

“මං මෙහෙන් යන්නම් සර්….මට මැරිකරන්න බෑ…”

හිතුවක්කාර වෙන්න එපා නෙත්මි…. මට හෙල්ප් කරන්න මේ වෙලාවේ… මේ හැමදෙයක්ම මං තේරුම් කරන්නම්

“ඒත් සර්… මැරි කරන්නම ඕනේද…

“ඔව් නෙත්මි ….. නැතුව ඔයාට සොලූෂන් එකක් දෙන්න මට වෙන විදිහක් නෑ…”

අනේ සර් මං…

මං කියන්න ගිය දේ ගිල ගත්තේ දැන් මොනවා කීවත් පලක් නොවන නිසාවෙනි…සියලු තීරණය ස්ථීර වී අවසන් ය…

“මං යනවා නිදාගන්න….ගිහින් නිදාගන්නවා..මේ මැරේජ් එක කොහොමත් කොළයකට විතක් සීමා වෙයි…ඩෝට් වොරි….”

එසේ පවසා තීර් තම රෑම් එක වෙත ගමං කලේය …

ඇයි අම්මේ ඔයාලා මාව මෙහෙම තනිකරලා ගියේ…බලන්න ඔයාගේ දුව කොච්චර අසරණ වෙලාද…මම හෙට කසාද බදිනවාලු අර සර් කියන්නේ….දැනුයි මං දැනගත්තේ…නොදන්න කෙනෙක් කොහොමද කසාද බදින්නේ…අනික මගෙන් මොකුත්ම අහන්නේ නැතුව කොහොමද මෙහෙම දෙයක් එයා කරන්නේ… මේ ජීවිතේ මගේ… මගෙ ජිවිතේ තීරණ ගන්නේ මමයි…ඒත් දැන් මං අසරණයි …

නෙත්මි බෑග් දෙකක් රැගෙන එයාගේ රෑම් එකට ගිහින් දොර වසාගෙන ඇද පාමුල වාඩි වී අඩන්නට වූයේ හෙට කුමක්ද මේ වෙන්න යන්නේ කියා සිතමින් ය…

####################

“අයියේ අයියේ….”

දීත් තීර්ගේ නිවසේ දොරට ගැසුවේ නිවසේ බෙල් එක ගැසුවත් තීර් හෝ නෙත්මිවත් දොර විවෘත නොකරපු නිසාවෙනි…

“බලන්න බබා මේ දෙන්න නම්….”

දීත් නිපුලී දෙස බලමින් පැවසුවේ ය..

“තාම නිදිද මේ දෙන්නා…”

“ඒකනේ….බලන්නකෝ…10ට රෙජිස්ට්‍රාර් එනවා කිව්වා…දැන් 8ත් පහුවෙලා…”

දීත්ගේ සහ නිපුලීගේ කටහඬවල් ඇසුනි නෙත්මි පැමිණ දොර විවෘත කලහ.

“හරි ශෝක් …. අක්කි දැන්ද නැගිට්ටේ ආ…… කෝ අයියා….”

නිපුලී ඇසුවේ නිවසට ඇතුල්වී නෙත්මිගෙ අතින් අල්ලා ගනිමින් ය..

කාලය තත්පරයෙන් තත්පරය ගෙවී ගොස් වේලාව 10 විය….රෙජිස්ට්‍රාර් වරයාද පැමිණ සිටියේය…නෙත්මි අද ගොඩාක් ලස්සනය.. ඇයව හැඩ ගැන් වූයේ නිපුලීගේ යෙහෙළියක් වන මුතු අතිනි…හෙවි වර්ක් එකක් සහිත අධික මිලගනනින් යුත් සාරියක් තමා නෙත්මි ඇද සිටියි..තීර් නම් බ්‍රවුන් කලර් ෆුල්සූට් එකක් තමයි ඇද සිටින්නේ …. මේ අවස්ථාවට තරුගේ හොදම යහලුවා වන සාලිත් ද පැමිණියේය …..තීර්ගේ මේ තනි තීරණය කාටවත් සිතා ගත නොහැකිය…

“දැන් මනමාල මහත්මිය මෙතන සයින් කරන්න….”

රෙජිස්ට්‍රාර් වරයා නෙත්මි දෙස බලා පැවසුවේ කසාද සහතිකයේ තීර් අත්සන් කරාට පසුවය..

කසාදයේ සියලු ලියකියවිලි වල වැඩ අවසන්වූ පසු රෙජිස්ට්‍රාර්වරයා එතැනින් නික්මුණේ ය….

Congratulations මචන්…උඹත් එහෙනම් ටෙස් වරම් ගත්තා නේ…

සාලිත් තීර්ට අතට අතදී වැලදගෙන සුභ පැතුවේය…

“අනේ පලයම්…”

තීර් සාලිත් ගේ බාහුවට පහරක් එල්ල කලේ නෙත්මි දෙස හොරහින් බලමින් ය…

මං කොහොමත් මේ මැරේජ් එක පිලිගන්නේ නෑ සර්…සර් ඊයේ කිව්වා වගෙ මේ මැරේජ් එක කොළයකට සීමා වෙයි… මං ඉක්මනින් හොයාගන්න ඕනේ සර් ඇයි මාව මේ හදිස්සියේ මැරිකරේ කියලා…ඒ වගේම ඉක්මනින් මං ඩිවෝස් වෙලා මෙහෙන් යනවා මට බෑ මේ මනුස්සයා එක්ක ජීවත් වෙන්න..මං අසරණ නිසයි මොකුත් නොකියා මේ තිරණයට විරුද්ධ නොවුනේ…එහෙම කියලා මං තීරණයට එකග වුනා කියල නම් හිතන්න එපා සර්…

නෙත්මි සිතුවේ සාලිත් සමග සිනාවෙමින් සිටින තීර් දෙස බලමින් ය..

“Congratulations අක්කි….මොනාද කල්පනා කරන්නේ…”

නිපුලී නෙත්මිව වැලද ගෙන සුභ පැතූහ …දීත් තීර්ව වැලදගෙන සුභ පැතුම් එක්කල පසු නෙත්මිට ද සුභ පැතුවේය …

“කෝ මේ තීර්…..එනවා මෙහෙට..”

නිවසෙ ප්‍රධාන දොර දෙසින් ඇසුනු කටහඬට සාලයේ සිටි තීර් ඒ දෙසට ගොස් දොර ඉදිරියේ සිටගත්තේය..

චටාස්…….👋

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්

සමාවෙන්න යාලුවනේ කතාව පරක්කු වෙනවට….😢
ඉක්මනින් කතාව ඉවර කරන්න තීරණය කරා …. තව කොටස් කීපයයි තියෙන්නේ…❤❤❤

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *