තීර් – 27 කොටස

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
#####################

“ඔව් නංගි කැන්සර් එකකින් තමා ආන්ටි නැති වුනේ….ඒත් ඒ කැන්සර් එක හොද කරන්න පුලුවන්ලු “

“ඉතින් ඇයි එහෙනම් බේරගෙන නැත්තේ…”

“මේ සේරම අර ගෑනිගෙ ප්ලෑන් එකක් නංගි….අපේ තාත්තා හැමදේම දන්නවා නංගි ඒත් අපිට මේවා ඔප්පු කරන්න තාම මුකුත් සාක්ෂි නෑ ….”

“අපිට කිව්වේ අයියේ …. සර් මේවා දන්නවද….”

“මත් ලංකාවට ආවට පස්සේයි මේවා දැන ගත්තේ…දැනගත්ත ගමං මූට මං කිව්වා…ඒකයි මූට මෙච්චර ශොක් එක…. ආන්ටිව බේරගන්න තිබිලත් ඒ චානස් එක අර ගෑනි නැති කරානේ..”

අනේ පව් සර්… මොන තරම් දුකක් හිතේ තියාගෙනද ඉන්නේ…මෙච්චර දුකක් දීපු කෙනාගෙ ළමයි දෙන්නට සලකන විදිහ හිතා ගන්න බෑ…වෙන කෙනෙක් නම් ළමයිටත් හෙන ඉල්ලයි … ඒත් සර්ගේ හිත දරුණු වුවත් හදවත අහිංසකයි…ආදරණීයයි..මේ කෙටිකාලය තුලදි මට දැනුනේ එහෙමයි…

ඒත් එකම නිවසේ ස්ථාවර දුරකථන නාද විය…

“හෙලොව් …”

“නෙත් මං…”

“දීත් … ඇයි මේ වෙලාවෙ”

“අයියා ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ ….මොකක් හරි අවුලක්ද….”

මං දීත්ට සිදුවූ සියලු දේ පැවසුවේ ඇස්වල කඳුළු පුරෝගෙනය…

“ඉන්න නෙත් මං ඉක්මනට එන්නම්…”

“දැන් අවුලක් නෑ සර් නිදි…”

“බෑ ..නෙත් ඒ මගෙ අයියා .ඌ ඔහොම ඉන්නවා මට බලන් ඉන්න බෑ..වෙයිට්…”

දීත් ඇමතුම විසන්ධි කර තීර්ගේ නිවස කරා ගමන් ඇරඹුවේ ගෙදර කිසිවෙකුට නොකියාය…දීත් පැමිණෙන තුරු සාලිත් නෙත්මි සමග තීර් පිළිබද කතා කරමින් සිටියේය…දීත් ආ පසු සාලිත් තීර්ගෙ නිවසින් නික්මුණේ රෝහලින් පැමිණි හදිස්සි ඇමතුමක් නිසාවෙනි…

####################

“කැක්කුමයි …”

තීර් අඩවනව ඇස් විවෘත කර දෙඅත් වලින් හිස අල්ලගෙන ඇදමත ඒ මේ අතට පෙරලුනේය…

ඔහුගෙ කටහඬ ඇසුනු නෙත්මි ක්ණිකව කිරි වීදුරුවක් සාදාගෙන තීර්ගේ රූම් එකට ඇතුල්වී ඔහු අසට ගියහ..

“සර් නැගිලා මේ කිරි එක බොන්න…”

කෙල්ලගෙ කටහඬ ට තම දෑස් විවෘත කර ගෙන තීර් අවදි වුයේ කේන්තියෙනි…

“පිස්සු ඕයි….අරන් යනවා ඔය මගුල් කිරි එක..මට එපා..”

එසේ පවසා තීර් බාත් රූම් එකට ඇතුල් වූයේය …

මේ මිනිහනම් රකුසෙක්ම තමා…. සික් මං තමා පව් පව් කියලා කරන්න යන්නේ… උදේපාන්දරම මදැයි අහගත්තා ලුණු ඇඹුල් ඇතිව…

කිරි එක ඇද ලග වූ කුඩා මේසය මත තබා නෙත්මි නැවත් ගමන් කලේ මුලුතැන්ගෙටය….

“මොකෝ මේ මුහුණ කජු ලෙල්ලක් වගේ….අපේ මෑන් බැන්නද….”

නෙත්මි දුටු දීත් ඇසුවේය…

කෙල්ල ඔව් කියන්නාක් සේ ඔලුව වනා උදේ ආහාර පිලියෙල කරන්නට ආරම්භ කලහ….

“මල්ලි දැන්ද ආවේ….”

හිස පහත් කරගෙන පොල්සම්බෝලේට දෙහි එක්කරමින් සිටි මම හිස ඔසවා බැලුවේ ඒ කටහඬ ඔහුගේම නිසාවෙනි…

“නෑ අයියේ පාන්දර….ඔය කට දෙපැත පිහදාගනින් …පොඩි ළමයි තව හොදයි…”

තීර්ගේ කට දෙපැත්තේ කිරි ගැවී තිබුනි…

ශිට් නෙත්මි දැක්කද දන්නේනෑ…

තීර් කරේ දමාගෙන ආ ටවල් එකෙන් කට පිහා ගත්තේය…

හානේ 😱…. මෙයා නම් නපුරු රකුසෙක් නෙමේ හොර නපුරු රකුසෙක්…හොරෙන්ම කිරි එක බීලා😏…කිරි එක ගෙනිච්චට මට බැන්නත් එක්ක….😣

මං තීර් දෙස බලා කටකොනකින් සිනාසුනේ සමච්චලෙටත් එක්කය..මං සිනාසෙනවා දුටු තීර් හොර බළලෙකු සේ එතනින් නික්මුණේ ය…

දහවල් ආහාරද ගෙන දීත් තීර්ගෙ නිවසින් පිටත් වුයේය…ඒත් සමගම සාලිත් පැමිණියේ ය…

“කෝ අපේ මනමාල මහත්තයා….”

නෙත්මි සාලයේ සෝෆාව මත වාඩි වී පොතක් කියවමින් සිටියාය..

“සර් රූම් එකේ සාලිත් අයියේ…”

“මේ නංගි ඔය සර් කෑල්ල නම් හලන්න වෙනවා…. දැන් ඔයා තීර්ගේ වයිෆ්…”

සාලිත් එසේ පවසමින් තීර්ගේ රූම් එක දෙසට ගමන් කලේය..

###################

තීර් හා නෙත්මි විවහා වී සතියක කාලයක් ගත වුවද තීර්ගේ කටින් ආදරණීය වචනක් නෙත්මි කෙරෙහි පිට වුයේ නැත.. නමුත් ඔහුගෙ හිතේ නම් කුමණ හෝ නෙත්මි පිළිබද සෙලවීමක් සිදු වී ඇත… ඔහු මොන දේටත් නෙත්මිව සොයයි…නිශා හා තිලක් මේ වෙනතුරු කොල්ලට කෝල් කලේවත් නැත..තීර් factory එකට ගියත් තිලක් ඔහුව මහහැරියේ නිශාගේ කීම නිසා බව තීර්ට දැන ගන්නට ලැබුණි…නිපුලී නිශාට හොරෙන් තීර්ගේ හා නෙත්මිගේ සුව දුක් විමසන්නට අමතක නොකලාය…..දීත් නම් හැම දිනකම වගේ තීර්ගේ නිවසට ගොඩවන්නට අමතක නොකලේය…

හිටි හැටියේ එක් උදෑසන නිශා තීර්ගේ නිවසට ඇමතුමක් ලබාගත්තාය…ඇමතුමට සම්බන්ධ වුනේ නෙත්මිය…ඇය කෙල්ලගෙන් සමාව අයද සිටියද නෙත්මි කිසිදු වචනයක් ප්‍රකාශ නොකලාය..

“දුවේ ඔයාටවත් මට සමාව දෙන්න බැරිද….”

බොරු ඇඩීමක් ආරූඪ කරගෙ නෙත්මිගේ සිත නම්මවා ගැනීමට ලොකු උත්සාහයක් නිශා ගත්හ…

මොනදේ කරත් ඔහොම හරි සර්ව බලාගත්තේ මැඩම්නේ..අනික මැඩම් හදිස්සියේම මට කෝල් කරන්න හේතුව මොකක්ද….🤔 බලමුකෝ….කෙල්ලගේ සිත තර්ක කලාය.

“අනේ එහෙනම කියන්න එපා මැඩම්…මගෙන් සමාව ගන්න ඕනෙ නෑ…”

“මොන මැඩම්ද දුව..මට ඔයා මගෙ දුව නිපුලී වගේ..අනික දැන් ඔයා තීර්ගේ වයිෆ් ඒ නිසා මට මමා කියන්න ඩු යු අන්ඩස්ටෑන් ?”

අනේ දෙවියනේ මං කොහොමද මැඩම්ට මමා කියන්නේ අනික මං තීර්ට කියන්නෙත් සර් කියලා..ඉතින් සර්ගේ අම්මට කොහොමද මමා කියලා කතා කරන්නේ…අනික මේ මැරේජ් එක කොළයකට සීමා වුන එකක්..එහෙම තියෙද්දි නෑදෑකම් කියන්න ගිහින් අර රකුසගෙන් බැනුම් අහගන්න බෑ…

“ඒත් මැඩම්…”

“ඔන්න ඉතින් ආපව් කිව්වා..”

“සොරි මැඩම් ..”

“වට්….”

“සොරි මමා….”

“දැන් හරි..ආපව් මැඩම් බැහැ ඕකේ…”

“හා මමා”

“තීර් නම් අපි එක්ක ගොඩාක් තරහ්හින් ඇත්තේ. මට එවෙලේ මොනා වුනාද මංදා….දුව දැන් බිසීද…? “

“අනේ නෑ මමා ….”

“මං දැන් ආවොත් මීට් වෙන්න පුලුවන් වෙයිද…”

“පුලුවන් මමා…”

“තීර් ඔෆිස් නේද..”

“ඔව් ..”

මං කෙටියෙන් පිළිතුරු දුන්නෙමි…

මමාගේ ඇමතුම විසන්ධි වී පැයක් ගත්වීමට පෙර නැවත නිවසේ දුරකථන නාද විය….

මමා වෙන්න ඇති…මං නැවත ඇමතුමට සම්බන්ධ වුයෙමි…

“දුව ඔයා ඉක්මනට ඇදුමක් දාගෙන එන්න මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..අපි අපේ ගෙදර යමු..”

“හා මමා.. වෙයිට් ..”

ඉක්මනට මම කාමරයට ගොස් ඩාක් පින්ක් කලර් ලෝන්ග් ස්කර්ට් එක හා වයිර් ටීශර්ට් එකක් ඇදගෙන කොණ්ඩය ගොතා එයට මැච්වෙන නිපුලී ගෙනත් දුන් කොණ්ඩ බූල් එක දමා නිවසේ දොර වසා යතුර අතට ගෙන පාරේ නවතා තිබෙන කාර් එකට ගොඩවුනෙමි….

“සොරි දුව….”

“සොරි කියන්න එපා මමා…”

“තීර් එන්න කලින් අපි එමූ..මට ඔහෙට එන්න බැරි නිසයි ඔයාව එක්ක යන්න ආවේ…ඉතින් කොහොමද ඔයාලට….”

“හොදයි මමා…”

අඩහෝරාවක් යන්නට මත්තෙන් අපි තීර්ලගේ මහගෙදරට පැමිණියෙමු .මෙහි සිටින්නේ තීර්ගේ ඩඩා මමා බබ සහ දීත් පමණය…..මමා කාර් එක නතර කලේය…මං කාර් එකේ දොර ඇරගෙන කාර් එකෙන් බැස්සෙමි…

“හම්මෝ ගෙයි ලොකු..😱 “

මට ඉබේම කියවුණි..

“දූව එන්න ඇතුලට ….”

කර් එකෙන් බැස්ස නිශා නෙත්මිව අතින් අල්ලාගෙන නිවස තුලට ඇතුල් විය..

“බබා නැද්ද මමා….”

“එයා රූම් එකේ ඇති….ඉදගන්නකෝ මං අපිට බොන්න මොනාහරි ගේන කියන්නම්….”

“මුකුත් එපා මමා..”

“පියවති…පියවති…”

මමා මේ කාටද කතා කරන්නේ…

“ඇයි නෝනා…”

යාන්තමට කොණ්ඩය ඉදුනු කාන්තාවක් අපි වාඩී සිටි සෝෆා එක අසලට පැමිණියාය..මෙම නිවසේ වැඩකාරිය ඇය විය යුතු බව නෙත්මිට සිතුනි

“අපිට පෘට් ජූස් දෙකක් ගේන්න..”

“හොදමයි නෝනා..”

“මමා මමා…”

ඒත් එක්කම ඉහල මාලයේ සිට නිපුලී නිශා ට කතාකරමින් තරප්පුපෙළ දිගේ ඉක්මනින් බැසගෙන අප වෙත ආවාය….

“ඇයි බබා…”

“හානේ අපේ ප්‍රින්සස් ඇවිත්…උම්ම්මා…😘”

නිපුලී මා අසලට පැමිණ පුදුමයෙන් මාව වැළදගත්තාය…මගෙ දෙකමුල් සිපගත්තේ ආදරයෙනි…

“වාව්….. අක්කි තවත් ලස්සන වෙලානේ…”

“මොන ලස්සනක්ද බබා මගෙ…”

“ඕකේ ඕකේ බබා මටයි අක්කිටයි දැන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ…බබා මට ටෙන් මිනිට් දෙනවද…ඊට පස්සේ ඔයා අක්කි එක්ක චැට් එකක් දාන්න ඕකේ..”

නිශා නිපුලීට එලෙස පැවසුවේ නිශාට නෙත්මිගෙන් දැනගතයුතු හා නෙත්මිට පැවසිය යුතු කාරණා කිහිපයක් තිබෙන නිසාවෙනි…

“ඕ මයිගෝට්…මට අමතක වුනානේ….මමා තීර් අයියා ගේට් එකගාව ඉන්නවා කියලා අපේ ප්‍රින්සස්ට එන්න කියන්න කිව්වා…”

ඕ…ශෙට්…සර් ඇවිත් නේද…එයා ඔෆිස් ගියානේ..අනික කොහොමද එයා දන්නේ මං මෙහෙ කියලා..🤔

මගෙ හදවතේ රිද්මය පවා සෙමින් සෙමින් වැඩිවන බව මට හැගුණි…

“වට්…”

නිශා පුදුම විය….

සර් ඇවිත් බව ඇසුනු සැනින් මං මමාට වැද ගේට් එක අසල නවතා තිබූ තීර්ගේ කාර් එකට ගොඩ වූයේ වෙවුලන දෑතින් කාර් එකේ දොර විවෘත කරගෙනය….

“ආ මැඩම් නෑගම් ආවද….”

තීර් කේන්ති ස්වරයෙන් මා ඇමතුවේය…

ඒ හඬට මා සිතේ තිබූ බය දෙගුණ තෙගුණ විය..

ඒත් එක්කම තීර්ගේ ජ.දුරකථන නාද වන්නට විය…

“හෙලොව් …..”

තීර් ඇමතුමට සම්බන්ධ වූයේ කේන්තිය ට රත් පැහැගැන්වී ඇති ඔහුගේ දෙනෙත් මා දෙසට හරවා ගෙනය…

“මොන හු### ද මේ…. ඒකි මොන රෙද්දකටද මෙහෙ එන්නේ…මේක නම් මොකක් හරි ලොකු ප්ලෑන් එකක් ….. බලමුකෝ මේපාර තමයි ඔවුන් මං කවුද කියලා හරියට දැනගන්නේ…”

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්….

කෝ අනේ කමෙන්ට් නෑනේ….කියන්න මුකුත්ම නැද්ද ….දුකයි ඉතින්..😢😢

අද දිග කොටසක් දැම්ම නිසාවත් ක්මෙන්ට් එකක් ඕනේ…

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “තීර් – 27 කොටස

  • November 6, 2018 at 10:56 pm
    Permalink

    Ane kathawata godaak asai oya ithin hemadama kathawa dannakoooooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *