තීර් – 28 කොටස

💞 තීර්….. 💞

28. කොටස

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
#####################

ඇමතුම විසන්ධි කිරිමෙන් අනතුරුව තීර්, කා එක ස්ටාට් කර මාර්ගයේ ඉදිරියට පදවාගෙන ආවේ වේගයෙනි….

“අනේ සර් හිමින් යමුද….?”

නෙත්මි හොරෙන් වගේ තීර් දෙස බලා පැවසුවාය..නමුත් ඒ කිසිවක් ගානකටවත් නොගත් ඔහු වාහනයේ වේගය අඩු කලේ නැත…

ඒ ගමන මේ රකුසට මොනා වෙලාද…කවුද කෝල් කරේ…..මෙයාගේ හැම කේන්තියක්ම මගේ පිටින්නේ යවන්නේ..කවද වෙනකන් මේවා ඉවසන්නද….

නෙත්මිගේ ඇස්වල කඳුළු පිරුනේ ය…එහෙම්මම ඇය ඇස් පියා ගත්තාය…

################

“කා එකට නැග්ගේ නිදාගන්නද…. ආ…..බහිනවා කාර් එකෙන්…”

කොල්ලගෙ කටේ සද්දෙට කෙල්ල ගැස්සී ඇස් විවෘත කලාය..

“මොනවද බලන් ඉන්නේ බහිනවා….”

නෙත්මි ඇස් කරකවා වටපිට බැලුවේ කා එක නවතා ඇත්තේ නිවස ඉදිරිපිට නොවන නිසාය…..

“සර් මේ ගෙදර නෙමේනේ….”

“මේ ගෙදර නෙමේ තමයි ඇස් පොට්ටද පෙන්නේ නැද්ද අපි රෙස්ටුරන්ට් එක් ඉස්සරහා ඉන්නේ කියලා ….හොදට ඇස් ඇරලා ඔය ලොකුවට ගහලා තියෙන බෝඩ් එක කියවනවා….”

තීර් රෙස්ටුරන්ට් එකේ බෝඩ් එක පෙන්වමින් පැවසුවේය …

මගෙ ඇස් පොට්ට නෑ රකුසෝ…

කියා කීමට කෙල්ලට සිතුනත් ඒ වචන ටික ගිලත්තාය…

“ඇයි සර් අපි මෙහෙ ආවේ…”

“මට යකෙක් කන්න බඩගිනි..කෙහෙද නිදහසේ ඔෆිස් එකේ වැඩක්වත් කරන්න තියෙනවද..”

“අනේ සොරි සර් …..”

“බහිනවා ඕයි …..”

කෙල්ලා කා එකෙන් බැස කා එකේ දොර වැහුවේ කේන්තියෙන් ය…. කෙල්ලට කවදාවත් තම දෙමව්පියන් වත් තම සොහොයුරා වත් සැරෙන් කතා කර නැත..නමුත් තීර් හැම මොහොතේ දීම කෙල්ලට සැරන් කතා කරයි…කෙල්ලට ඒ නිසා ගොඩාක් දුකයි….නෙත්මි සමාජයේ තැලී පොඩිවී හැදුනු වැඩුනු ගැහැණු ළමයෙකු නොව පවුලේ අයගේ හුරතලෙන් ලොකුමහත් වූ ගැහැණු ළමයෙකි…එම නිසා තීර්ගේ දරදඩු වචන නෙත්මිට දරාගත නොහැකිය….

කෙල්ල කාර් එකෙන් බැස කොල්ලා පසු ගොස් ඔහු ඉදගත් මේසයේ ම පුටුවක ඉදගත්තේ බයෙන් ය…

“කොණ්ඩය බිම ගැවේනවා….”

බිම ගැවී තිබෙන නෙත්මිගේ කොණ්ඩය තීර් පෙන්නුවේ ය…නෙත්මි කොණ්ඩය ගෙන තම ඔඩොක්කුව මතින් තබාගතාය….

මාර අමාරුවක්නේ මෙයාට තියෙන්නේ මගෙ කොණ්ඩෙ ගැන….පුලුවන් කමත් තිබුනා නම් මං මේ කොණ්ඩේ කපනවා….ඒත් අම්මා කොයිතරම් මේ කොණ්ඩෙට සාත්තු කරාද..මේ කොණ්ඩේ සම්පූර්ණ අයිතිකාරයා අම්මාය..

කෙල්ල සිතින් තීර්ට බැන්නේ එම වචන පිට කිරීමට නොහැකි නිසාය….කොල්ලා ඇණවුම් කරන ලද කෑම වේටර්වරයා විසින් මේසයෙන් තබා ගියපසු තීර් නෙත්මි දෙස බැලුවේ ය….

“කනවා …..”

“මට එපා සර්…..”

“ඇයි තමුසෙට මමා කවලද එව්වේ….”

“අනේ නෑ සර්… මං එහෙ ගියා විතරයි සර් ආවනේ…”

“ඒ කියන්නේ තමුසේ එහෙ කන්න බලාගෙන ද ගියේ…”

“ඇයි සර් හැම වෙලේම මං ගැන වැරදියට හිතන්නේ….”

“මට ඒවා වැඩක් නෑ කනවා දැන්…”

“මට බඩගිනි නෑ සර්…”

තීර් මොකුත් නොකියා තම පිගානට බත් බෙදාගෙන හැන්දෙන් බත් කටක් අනා එම බත් කර හැන්දෙන්ම නෙත්මිගෙ කටට ලං කලේය..

“සර් කන්න මට එපා…”

“කනයි කිවේ….කෝ කට අරිනවා”

තීර් බලෙන්ම වගේ නෙත්මිට බත් ටිකක් කවා ගත්තේ ය….

සොරි නෙත්මි… මං ඔයාට සැර කරාට මොකක්දෝ අමුත්තක් මගෙ හිතට දැනෙනවා….ඒක තාම මට තේරුම් ගන්නත් බෑ…

තීර් බත් කන ගමන් නෙත්මි දෙස බැලුවේය…

#####################

දහවල් කාලය ගත වී සවස් කාලය ආරම්භ විය….සාලිත් තීර්ගේ නිවසට පැමිණෙන විට තීර් පිහිනුම්තටාකය අසල පුටුවක වාඩි වී පත්තරය බලමින් සිටියේය.

“ගුඩ් ඊවිනින් මචෝ …”

“අඩෝ සාලි , ගුඩ් ඊවිනින් …

“මොකෝ පත්තරයක් උඩ නැගගෙන…..”

“රටේ වෙන දේවල් දැක්කාම ජීවිතේම එපාවෙනවා….”

“රටේ දේවල් නෙමේ බම් දැන් මේ අපිට වෙලා තියෙන දේ පේනවනේ..”

“හ්ම්…අපේම උන් බම් අපිට වල කපන්නේ..උඹ ආව එකත් හොදයි ..”

“ඒ මොකෝ හදිස්සියක්ද…”

“රිතූ අද ලංකාවට එනවලු….”

“ඒ මොකෝ බම් උන්ගේ අම්මලා උඹට හොදට බැනලා ගියා නේද….අනික උඹලගේ බිස්නස් එකෙනුත් අයින් වුනානේ …”

“හ්ම්…මං එවෙලේ කටවහන් හිටියට රිතූට බැන්නොත් නම් මාත් බනිනවා…අනික මං කොහොමත් ඒකිට කැමති වෙලා හිටියේ නෑනේ…”

කුකීස් කීපයක් හා කෝෆි කෝප්පයක් ට්‍රේ එකක් මත තබාගෙන නෙත්මි එතැනට පැමිණියාය…ඇගේ නෙත් බරව තිබුනේ බිමටය.

“සර් …”

නෙත්මි බිමට නෙත් යොමු කරගෙනම මේසය මත ට්‍රේ එක තබා හැරුනේ නැවත් නිවස තුලට යෑමටය….තීර් අසල සිටි සාලිත්ව ද ඇය නොදුටුවා ය….

“නංගිට දැන් අපිව පේන්නෙත් නෑ නේද….”

හුරුපුරුදු කටහඬ ක් නිසා ඇය නැවත තීර් දෙසට හැරුනාය….එවිටයි දුටුවේ සාලිත් ව…

“සොරි අයියේ දැක්කේ නෑ….”

“ඇස් කටේ තියන්ද ආවේ …. මෙලෝ සිහික නෙමේ බම් ඉන්නේ….”

තීර් සාලිත් ඉස්සරහම නෙත්මිට බැන්නේය..

“උඹ බොරුවට නංගිට කෑ ගහන්න එපා…නංගිත් මෙතනින් වාඩි වෙන්නකෝ…”

සාලිත්ගෙ කටහඬ අවදි වුයේ නෙත්මිගේ නෙත් අග කඳුළු රැදී තිබෙන බව දුටු නිසාවෙනි..

“මං අයියටත් කෝෆි එකක් අරන් එන්නම්….”

“මට එපා…මෙතනින් වාඩි වෙන්නකෝ නංගි..”

නෙත්මි තීර් දෙසද නැවත වරක් බලා ඔවුන් දෙදෙනාට මුහුණලා තිබෙන පුටුව මත ඉදගත්තාය…

“නංගි මං මේ කියනදේ හොදට අහගන්න ඕනේ….ඔයා අද ඉදන් තීර්ට ආදරෙන් කතා කරන්න ඕනේ…ඔයාලා ගොඩාක් ආදරෙන් බව හැමෝටම පෙන්නන්න ඕනේ….”

“ඒ ඇයි සාලිත් අයියේ….”

“මේ තමුසෙට ඒවා වැඩක් නෑනේ කියන විදිහට වැඩ කරනවා…”

තීර් ලැප් එකේ මොනාදෝ ටයිප් කරන ගමන් නෙත්මි දෙස බලා පැවසුවේ ය…

මේ රකුසට මොනා වෙලාද… මං එයාගෙනුත් නෙමේ ඇහුවේ…එනවා මෙතන පැන පැන දෙන්න…දෙන්න හිතෙනවා එකක් මුහුණකට සමතලා වෙන්න..

නෙත්මි සිතින් තීර්ට බැන්නාය..

“නංගි දන්නවනේ රිතූ ව …එයා අද ලංකාවට එනවා…අනිවාර්යයෙන් මෙහෙ එයි…ඔයා ගැන හොයන්න තමයි එන්නේ…”

“අනේ ඉතින් අයියේ මං මොනාද එයාට කරේ…..”

“ඔයා එයාට මොකුත් නොකරට …තව මාසෙකින් රිතූ මැරිකරන්න හිටියේ තීර්වනේ….ඒත් එහෙම උනේ නෑනේ….නංගි දන්නේ නෑ රිතූ ගැන…ගිය දවස් ටිකේ ඒ යක්සනිගෙන් මේකා බෙරගන්නේ කොහොමද කියලා මං කල්පනා කර කර හිටියේ…”

“ඉනෆ් සාලි…..”

තීර් සාලිත්ට තවත් රිතූ පිළිබදව නොකියනා ලෙස කියා සිටියේය …

###################
තවත් දවසක් උදාවිය…

“සිලිං……”

“ආව්……”

ඒ හඬ ඇසෙන්නේ මුලුතැන්ගෙයිනි…තීර් එතැනට කඩිමුඩියේ ආවේ ඇස් දෙක පොඩිකරමින්‍ ය…

“මොනාද ඕයි තමුසේ මේ පාන්දර කරන්නේ සැනසිල්ලේ නිදාන්නවත් දෙනවකෝ…”

තීර් පාන්දර කියලා කෑ ගැහුවට දැන් වේලාව පෙ.ව 7.20 වේ…

“සොරි සර්…”

නෙත්මි බැගෑපත්ව තීර් දෙසට නෙත් යොමුකරේ මුලුතැන්ගෙයි ටයි පොලව මත් වාඩි වී ලේ ගලා යන තම දකුණු කකුලේ යටි පතුල අල්ලගෙනය….

“මේ මොකද….”

තීර් නෙත්මි ලගට පැමිණියේය …

“ස…..ර් ….. මගෙ අතින් ලෙස්සිලා පිගානක් බිදුනා …”

“මගෙ ඇස් පොට්ට නෑ තමුසෙගෙ වගේ…කෝ බලන්න කකුල…”

තීර් එතනින් නැගිට ගොස් පිරිසිදු රෙදි කෑල්ලක් ගෙන එය වතුරින් තෙත්කර නෙත්මිගේ කකුල මත් තියා තදින් අල්ලා ගත්තේ නෙත්මි වේදනාවේ කෑ ගසද්දීමය…

“පරිස්සම කියනදේ දන්නේ නැද්ද ආ….”

“රිදෙනවා…”

ඇය ඇස්වල කඳුළු පුරෝගෙනය කෑ ගැසුවාය..

“පොඩ්ඩක් ඉවසනවා…”

කොල්ලා එහෙම්ම මුලුතැන්ගෙයි තිබෙන දුරකථන අතට ගෙන සාලිත් සමග ඇමතුමකින් සම්බන්ධ වී විස්තරේ පැවසුවාය…ටික මොහොතක් යද්දි කකුලෙන් ලේ ගැලීම නතර විය….සාලිත් පැවසූ ආකාරයට තීර් නෙත්මිගෙ තුවාලය පිරිසිදු කර ගෙදර තිබූ බෙහෙත් දැම්මේ ගොඩාක් ලොකුවට යටිපතුල කැපී නොතිබුණු නිසාවෙනි….පසුව ඔහු කෙල්ලව අතින් අල්ලාගෙන නැගිට්ට්වා ඔහුගේ ඇගට බර කරගෙන කෙල්ලගේ රූම් එක වෙත ගමන් කරද්දිම…නිවසේ බෙල් එක නාද විය…එහෙම්මම කෙල්ලව සාලයේ සෝෆාව මත ඉන්දවා දොර ඇරියේය…

😱…

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්…

😘😘😘❤❤❤😍😍😍

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *