තීර් – 29 කොටස

28. කොටස

නපුරු හදවතේ ලැඟුම් ගත් අහිංසක හිමිකාරි…💕
#####################

“රිතූ ඔයා….”

තීර් ඇස් උඩගියේ ය….

“තීර් ….”

රිතූ තීර්ව වැලදගෙන තීර්ගේ විවහා ජීවිතයට සුභ පැතුම් එක්කලාය…නමුත් තීර්ට නම් මේ කිසිවක් සිතාගත් නොහැකිය….මෙච්චර සන්සුන් ප්‍රතිචාරක් රිතූගෙන් බලාපොරොත්තු විය නොහැකි බව තීර් දනි.. තීර් පුදුමයෙන් රිතූ දෙස බලාසිටියේය..

“මොකද තීර් අමුතු විදිහට මගෙ දිහා බලන්නේ….”

“මං හිතුවේ ඔයා මට බනී කියලා….”

“ඇයි මං ඔයාට බනින්නේ .ගොඩාක් ආදරේ කරපු කෙනෙක්ට එහෙම බනින්න බෑ ස්වීට් හාට්…මේ මගෙ ලැබීම ….අපේ මමී ඩැඩි කියපු දේවල් වලට සොරි …. මං එයාලට තේරුම් කරලා දුන්නා…”

රිතූ තීර්ගේ එක් අතක් අල්ලගෙන හුරතලෙන් පැවසුවාය..
ඒත් එක්කම රිතූගෙ දුරකථන නාදවන්නට විය…

“එහෙම කොහොමද මං ටූ මන්ත් වලට පේ කරානේ….අනේ ප්ලීස් ආපව් චෙක් කරලා බලන්න….මං තව ටිකකින් කෝල් කරන්නම්..”

ඇය ඇමතුම විසන්ධි කර තීර් දෙස බැලුවේ අසරණකමින් ය…

“වයි රිතූ….”

“මං එහෙදිම හොටෙල් රූම් එකක් ටූ මන්ත් වලට බුක් කරගෙන ආවේ…ඒත් දැන් එයාලා කියනවා ඒ රූම් එක දැන්ම දෙන්න බෑලු තව වන් වීක් වලට පස්සේ දෙන්නම් ලූ… මං කොහෙ යන්නද තීර් ….මමීලා අපේ ගේත් විකුණලා ගියේ…ඔයා දන්නවනේ අපේ කිසිම කෙනෙක් මෙහෙ නෑ කියලා…”

“ඕකේ ඕකේ ඒ ගැන අපි පස්සෙ බලමු ඉස්සෙල්ලම එන්නකෝ ඇතුලට…”

තීර් රිතූට නිවස තුලට පැමිණෙන මෙන් ආරාධනා කලේය…රිතූ කපටි සිනාහවක් මුව තුල රදවාගෙන තීර් පසු පස නිවස තුලට ඇතුල් වූයේ තම බෑග් දෙකද අත් දෙකින් ඔසවාගෙනය.

ඕ……..මේ ඉන්නේ මගේ සේරම ප්ලෑන් අවුල් කරපු කපටි අම්මණ්ඩි…හිටපියකෝ තීර්ව දාලා යන්නම හොද වැඩක් කරන්න…මං ලංකාවට ආවේ උඹටයි තීර්ට යි විෂ් කරලා තීර්ව උඹට තෑගි කරන්න නෙමේ…තීර් මගේ කරගන්න….

සෝෆාව මත සිටින කෙල්ල දෙස රිතූ බැලුවේ හොරහින්‍ ය….

“රිතූ ,
මේ මගෙ වයිෆ් නෙත්මි…..”

තීර් නෙත්මි ලගට ගොස් ඇයව රිතූට පෙන්නුවේය…නෙත්මි නැගිටින්නට උත්සාහ දැරුවේ සෝෆාවට බරවීගෙනය…

“හා හා බබා පරිස්සමෙන් තුවාලේ පැරෙයි….”

හෑ කවුද යකෝ බබා…සර්ට මේ මොනාවෙලාද
නෙත්මි පුදුමයෙන් තීර් දෙස හොරෙන් බැලුවේ රිතූටවත් නොපෙනෙන ලෙසය..

තීර්ගේ අත නෙත්මිගේ බද වටා යවා තම ශරීරයට බර කරගත් තීර් නෙත්මිව පරිස්සමෙන් නැගිට්ටෙව්වේය…එය බලාසිටින රිතූගේ නෙත් තුල ගිනිදැල් ඇවිලෙන්නට විය….ඇය ඔවුන් දෙස බලා සිටියේ කේන්තියෙන්‍ ය….

මේකි මායම් හැට හතරම දාලා මගෙ තීර්ව අල්ලගෙන දැන් මගෙ ඉස්සරහා මගුල් නටවා තීර් එක්ක…ඕවා තව ටික කාලයයි …
රිතූ සිතුවාය..

“හායි රිතූ …”

නෙත්මිගේ කටහඬට රිතූව ගැස්සුනේ ඒ මොහෙතේදී රිතූ සිටියේ වෙනම කල්පනාවක නිසාවෙනි…

“හායි නෙත්මි…මං ගැන තීර් නෙත්මිට කියන්න ඇතිනේ…..”

ඒත් එක්කම නැවත වරක් රිතූගෙ ජ.දුරකථන නාද වන්නට විය….

ඇය ඇමතුමට සම්බන්ධ වී කලබලයෙන් කතා කලාය…

“ඕ ශිට්…”

ඇමතුම විසන්ධි කරනු ලැබූ ඇය එක් අතකින් නලල පිරිමදිමින් තීර් දෙස බැලුවේ අසරණකමින් ය….

“ඇයි රිතූ ……කවුද කෝල් කරේ…”

තීර් ඇසුවේ ය…

“හොටෙල් එකෙන් තීර්…..මං වන් වීක් කොහෙද ඉන්නේ කියලා කල්පනා කරේ…ඒ මිනිස්සුන්ට කිව්වට තේරුම් ගන්නේ නෑනේ ….”

“ඩෝන්ට් වොරි රිතූ…. ඔයාගෙ වැඩ ටික ඉවර වෙනකන් මෙහෙ ඉන්න….ඔයා කැමති නම්..”

“අනේ තෑන්ක්ස් තීර්… ඔයාගේ වයිෆ්…කැමතිද දන්නේ නෑ මං මෙහෙ ඉන්නවට….”

මොකට අකමැති වෙන්නද මගෙ පැටියෝ …මටත් ඕන වුනේ මෙහෙ නවතින්න තමයි ….දැන් ඒකත් ඕකේ…ඔයාගේ ගෙදරට ආවා වගේ මං ඔයාගේ හිතටත් එනවා…පොඩ්ඩක් ඉන්න තීර්…
රිතූ සිතින් තමාටම පවසා ගත්තාය..

“ඔයා ඉන්න රිතූ…. බොරුවට හොටෙල් වලට සල්ලි දෙන්නේ ඇයි…”

තීර්ගෙ සහ රිතූගේ සංවාදයට නෙත්මි ද එකතු විය…

“තෑන්ක්ස් නෙත්මි….”

රිතූ නෙත්මිට ස්තූති කලාය…

#######################

පැයෙන් පැය ගත වී රාත්‍රී කාලය උදාවිය….තීර් තම නිවසේ රැදී සිටීමට අවසර ලබා දුන් පසු රිතූ ඇගේ හදිසි කාර්‍යක් සදහා නිවසින් බැහැර වුයේ නැවත පැමිණ විට සවස් වෙයි කියාය….ඒ අතර තුරදී සාලිත් ද තීර්ගෙ නිවසට පැමිණියේ තීර්ගේ ඇමතුමකටය…

“උඹට පිස්සු යකෝ කොහෙවත් යන නයි ගේ අස්සට දාගන්නේ….”

“ඇයි යකෝ….එහෙම කියන්නේ..”

“මේකි මොන ප්ලෑන් එකකට ආවද දන්නේ නෑ තීර් ….තෝ නම් ගොන් තඩියෙක්..”

සාලිත් තීර් සමග අඩහෝරාවකට ආසන්න කාලයක් රිතූ කුමක් අපේක්ෂාවෙන් මෙහෙ පැමිණියේද කියා සාකච්ඡා කරද නෙත්මි ඔහුන්ගේ කතාබහට එක් නොවුනාය…එයට හේතුව වූයේ ඇය කොර ගහ ගහ තීර්ගේ අණ පරිදි තමාගේ බඩු තීර්ගේ රූම් එකට රැගෙන ගියාය…

මොන කරදරයක්ද මංදා….මේ රකුසා එක්ක මං කොහොමද එක රූම් එකක ඉන්නේ…මේ මිනිහා මාව මරන් කාවී….ඒක නම් කමක් නෑ කියමූ මොකද කොයිවෙලෙත් රූම් එකේම ඉන්නේ නෑනේ…..ඒත් එයගේ වයිෆ් විදිහට ඉන්නේ කොහොමද රිතූ ඉස්සරහා …. මං නීතියෙන් එයාගේ වයිෆ් වුනාට සැබෑ ජිවිතේදී අපි අතර එහෙම බැදීමක් නෑනේ….මට ඉක්මනින් මේ දේවල් වලින් නිදහස් වෙන්න තිබුණනම්….

කෙල්ල සිතුවාය…

“මේ මොකද…. ඔතන අල්මාරියක් තියෙනවා පේන්නේ නැද්ද ආ….”

රූම් එකේ අල්මාරිය අසල බිම පිලිවෙලකට නමා එකින් උඩ එකින් තබා ඇති කෙල්ලගේ ඇදුම් දුටු ඔහු කෑ ගැසුවේය …..

“පේනවා සර්…”

“එහෙනම් ඒකෙ ඇතුලෙන් ඔය ඇදුම් ටිකක් තියාගන්නවා….රිතූ යනකන් අපි දෙන්නා මේ රූම් එකේ ඉන්නේ තේරුනාද…අනික තමුසෙට කීපරක් කිව්ව්ද ඔය සර් කැල්ල කියන්න එපා කියලා…”

“දැන් කවුරුත් නෑනේ සර්….”

“පණ්ඩිතකමනම් තියෙනවා…ඒත් පොඩ්ඩ බැරිවෙන්න බෑ තුවාල කරගන්නවා…”

කොල්ලා මුමුණනමින් රූම් එකෙන් එළියට ගියේය ….

රාත්‍රී 8 වන විට රිතූ නැවත තීර්ගේ නිවසට පැමිණියාය … පසුව නෙත්මි විසින් පිසන ලද ආහාර තීර්, රිතූ රසවිඳිමින් අනුභව කර ඔවුනොවුන්ගෙ රූම් කරා ගමන් කලෝය..කෙල්ල ද මුලුතැන්ගෙ පිරිසිදු කර නිදාගැනීමට තීර්ගෙ රූම් එකට ගියේ බයෙන් ය…..ඒ යනවිටත් කොල්ලා මුලු යහන පුරා දිගාවී නිදාගෙන සිටින්නේ තවත් කෙනෙකුට නිදාගත නොහැකි ලෙසය…

කෙල්ල ටයිල් පොළව මතට ඉතා ඝනකමින් වැඩි බෙඩ් ශීට් එකක් දමා ඒ මත නිදාගැනීමට සූදානම් වූයේ රූම් එක තුල පවතින දැඩි සීතලට ගැහෙමින්‍ ය….

“අම්මෝ මාර සීතලක්නේ…මේ රකුසාට කොහොම නින්ද ගියාද මංදා….නුවරඑළිය පරාදයි…”

පාන්දර ජාමයේ තීර් ගැස්සිලා අවදි වූයේ ඔහුගේ මව සිහිනෙන් දුටු නිසාවෙනි….එහෙම්ම ඔහු ඇද වියනට බර වී රූම් එක තුල ඇස් කරකවා බැලුවේ නෙත්මි කෝ කියාය… පොඩි බයකුත් කොල්ලගෙ හිතේ හටගතේය..පසුව ඔහු යහන මත හිදගත්තේය..එවිට නම් ඔහුට මුලු රූම් එකම හොදින් පෙනුනි… පොළව මත බෙට්ශීට් එකකට ගුලිවී නිදාසිටින ඇයව දුටුවේය ඉන් පසුවය…

“ශිට් මට අමතක වුනානේ මේකිව….අයියෝ මං ඒසී එකත් දාලා පව් සීතලේ වෙව්ලනවා….”

කොල්ලා යහනින් නැගිටගොස් ඒසී එක ඕෆ් කර නෙත්මිව දෙඅත් වලින් ඔසවාගෙන ඇවිත් තම යහන මතින් තබා බෙට්ශීට් එකද ඇයට පොරවා ඒ අසල ඇති පුටුවට බර වුයේ තම මවගේ ඡායාරූප අතට ගෙනය…

#####################

“ඩබාස්……”

“අම්මෝ මගේ කොන්ද…”

යහනින් බිමට පතබෑවුනු නෙත්මි කොන්ද අල්ලාගත්තාය….

“හෑ ….. මං මේ කොහෙද ඉන්නේ…මං ඊයේ නිදාගත්තේ අල්මාරි ලග බිමනේ…මං කොහොමද ඇද ගාවට ආවේ…හෆොයි මං බඩගාලද රෑ….”

කොන්දට අතක් තබාගෙන නෙත්මි අඩවන් ලෙස නෙත් විවෘත කර බාත් රූම් එක තුලට ගියේ මුහුණ කට සෝදා ගැනීමටය….

ඒ තුල ගසා ඇති විශාල කණ්නාඩිය දෙස ඇය බැලුවේ සම්පූර්ණයෙන් නෙත් විවෘත කරය…

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයෙත් එන්නම්

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *