වසන්තයේ දවසක…

ඉබාගාතෙ යන මගේ හිත මං එකම එක තැනක නතර කරගත්තෙමි.දවසින් දවස ඉදිරියට නෙරා එන කුස මතින් මා දෑත තබාගෙන ජනෙල් කවුලුවෙන් දෑස් අහකට ගත්තෙමි.

නමුදු පේන මානයකවත් මට සැනසෙන්නට යමක් නැත..

මා කුසට දෑත තබාගෙන සෙමින් පිරිමදින්නට විය.දවසක පුතුනි උබට පියෙක් නැත.මටද සැමියෙක් නැත.නමුත් මා අඩු වයසෙන්ම මවක් වී සිටිනු ඇත.

” ඔය ළමයා අපි නැති කරලා දාමු සරසි..”

එදා නුබ කි හැටි අදටත් මතකය පුරා නිදන්ගත වී ඇත.දුකකි නුබ දැන් නම් මට..

සැනසීම හිත් කොනකටවත් නොලැබෙනා ඉසව්වක නොදෑනීම මේ හිත දුවන්නේ පෙර එක් දවසකටය..

” දන්නවද සරසි උබ ඔය දුවන්නේ මිරිගුවක් පස්සේ..’

මිතුරිය අමායා මා ලගම සිට කියවයි.

ඒ මිරිගුවටත් මං ආදරෙ කරනවා අමායා..

මා සිනාසි කීවෙමි.

උබට පිස්සු..”
අරු උබව සෙල්ලම් බඩුවක් විදිහට ඒ පැත්තට මේ පැත්තට දක්වනකොට උබ දෙපැත්තටම වැනි වැනි හිටහන් හරකියක් වගේ..

විහේන් එහෙම නරක කෙනෙක් නෙවෙයි අමායා..

ඒ උබ හිතන හැටි..තමන්ගේ කොල්ලා නරක එකෙක් උනත් පිලිගන්න තරම් දැන් හැදෙන කෙල්ලන්ට මොලයක් නෑ..

විහේන්ගේ ජොබ් එකත් එක්ක එයාට ඒ දේවල් සාමාන්‍යයි.

අනේ පලයන් ඌ උබව විකුනන් කනවා..උබට ඒකවත් තේරුම් ගන්න බැරිද උබ තාම අවුරුදු දාසයක පොඩි කෙල්ලෙක්.. රටක් අල්ලන නිලියක් වෙන්න කලින් අම්මා ගැන හිතපන් ඒ අසරණ මනුස්සයට මේ ලෝකේ ඉන්නේ උබ විතරයි..

අම්මාට මං ආදරෙයි..”

අරුට තරම් නැතුව ඇති නේහ්

දෙන්නාම මගේ පන වගේ බං..”

උබට තේරෙයි දවසක අරු උබෙන් පුලුවන් තරම් වැඩ අරගෙන වෙන එකියක් බැද ගත්තම..

විහේන් අනිත් කොළඹ රටේ මහාත්තුරු වගේ නෙවෙයි එයා හරි හොදයි අහිංසකයි.මට ගොඩාක් ආදරෙ කරනවා..

ඔය ආදරේ දවසක උබට උබවත් නැති කරලා දායි..”

ආදරේ දරාගැනීමක් අමායා..ඔයාත් ආදරේ කරන දවසක මාව තේරුම් ගනි.

ආදරේ කරපන් උබේ ඇගට නෙවෙයි උබේ හදවතට ආදරේ කරන එකෙක්ට.”

උබට ඉරිසියයි නේද මං විහේන් වගේ සල්ලිකාර මහාත්තයෙක් බදිනවට මොකද උබට එහෙම කෙනෙක් හම්බුන් නෑනේ තවම..

තේරෙයි දවසක උබට..

එක බඩවැල කඩාගෙන ආව සොහොරියක සේ එදා මිතුරිය මට කී දෙය ඇහුවානම් අදවන විට මම මේ තරමට මේ ජීවිතය තුල අසරණ නොවෙනු ඇත.

විහේන් නුබ නැති කලේ මගේ ජීවිතය පමනක් නොව…
මගේ ගැහැනු ආත්මයමය..”
නුබ හැර ගියේ මා නොව
නුබ නිසා මගේ කුස තුල පන ගැහෙන නුබේම ලේ ටිකය..

“මොකා එක්ක ගිහින් මේ ටික කරගත්තද කියලා මං දන් නෑනේ..

ඔයාට විතරක්ම ආදරේ කරපු නිසාද මේ තරම් මගේ හිත රිද්දන්නේ දැන්..

මේ අහනවා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙන්න මට බෑ මට ටාගට් එකක් තියෙනවා ඒ තැනට මං යන්න ඕනේ..

ඔයා ඒ තැනට යන්න..මගෙන් බාදාවක් නෑ විහේන්..

ඒත් ඔය කාලකන්නි ළමයා මට බාදාවක් ඕයි..

ඒ අපි දෙන්නාගේ ආදරෙ..

රෙද්ද තමා..විනාස කරන්න ආව එකා..ඔය ළමයා එක්ක කොහොමද තමුසේ මගේ ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ..

මට නිලියක් වෙන්න ඕනේ නෑ විහේන්..

තමුසෙට ඕනේ අම්මා කෙනෙක් වෙන්නද එතකොට..”

හම්..”

ඕකාව නැති කරලා දාමු සරසි..”

අනේ..

පීලිස් මැනික මාව තේරුම් ගන්න..
අපි තාම මැරි කරලත් නෑ දරුවෙක් ගැන පස්සේ හිතමු.මුලින්ම මගේ ශූට් එක ගොඩදාලා දෙනවාකෝ..

අනේ විහේන් මේ දරුවා..

අදුරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා අපි එතෙන්ට යමු..තමුසේ මේ ගැන වෙන කාටවත් කියන්න එපා..

මට මේ දරුවා නැති කරන්න බෑ..”

ආහ් එහෙමද එහෙනම් උබ ඕකාවත් හදාගෙන හිටපන් තනියම..
කොහොමත් තව කල් යද්දි වෙන වෙන උන් එයි උබේ තනි රකින්න..

අනේ විහේන්..

පලයන් මගේ පෑලෑන් සේරම විනාස කලා උබ..”

ඉතින් නුබ යන්න ගියේය..”
මා සදහටම තනිකර ඔබ දුරක් ගොස් ඇත
නුබ එන මග බලන් අදටත් විදවන මම නුබට පන සේම ආල කෙරු නූගත් කෙල්ල වෙමි..”

කාලය ගත විය..නමුදු ඒ මගේ සතුට උදුරාගෙනය.අසනීප වී සිටි මවද මාගේ විනාසය අසා මෙලොව හැර ගියේ ය..

මෙලොව මට සිටි එකම මිනිස් ප්‍රානයද දැන් මා ලග නැත.ඇයද නික්ම ගොස් ඇත.ගරා වැටුන බිත්ති හතරක් මැද මා දැන් ඉද හිට කුසට අහරක් ගෙන වේලාක් පිරිමසා ගනිමින් ජීවත් උවත් දවසක මේ කිරිසප්පයාට යන කල දසාව කුමක් වේවිද..?

සරසි…”

උස් හඩින් ඇහුන මිතුරියගේ හඩින් මා අතීතයෙන් මිදි මා ජීවත් වන වර්තමානයට ආවෙමි.

කිසි වෙනසක් නැත..

අතීතයේ පරිදිම අදටත් පෙර මෙන්ම ඇය මා ලග රැදි සිටින්නීය..

එයද සැනසුමක් නොවේද..?

උබට මං කිරිකොස් ටිකක් එක්ක බත් ටිකක් බෙදන් ආවා..

කදුලු ඉනුවේ ඒ සෙනෙහසටය.මා කවදත් ප්‍රිය කල කෑමක් ගැන මෙලෙස දන්නේ ලගම සිටින්නෙකු හැර වෙන කවුරුන්ද..?

බඩගින්නේ හිටියේ..”

මං කදුලු හංගෙන කීවෙමි..”

කවදටද ආයේ ක්ලීනික්..”

ලබන මාසෙ..

මං එන්නම් එදාට..”

උබට මං නිසා වදේ..

නෑ උබ මගේ යාලුවානේ..”

උබේ මෝඩ යාලුවා නේද..”

දැන් ඒවා වැඩක් නෑ..පුතු එනකන් මං බලන් ඉන්නේ පුතු ආවාම මං දිගටම මෙහේ ඉන්නම්..

ඒත් උබ පව්..

නෑ උබයි පව් මට දුකයි උබේ තරුන ජීවිතේ ගැන..

යාලුවන් එහෙමය..ලගම මිතුරියන් කොහොමත් එහෙමය.ඔවුන් හඩන්නේ පෙනෙන්නට නොව හදවත ඇතුලෙන්මය.

තප්පර පැය වී දින මාස ගෙවි ගියේ දරුවා ලැබෙන්නටත් දින ලං කරමින්‍ ය.මා දැන් පෙර දාටත් වඩා පිරිපුන්‍ ය.වල ගැහෙන කම්බුල්

මා සියලු වේදනා සගවා සැනසිල්ලේ සිනා සුනෙමි.

දවසක උබ හොද මිනිහෙක් විතරක් වෙයන් මට ඒ ඇති…”

මා සිතින් මුමුනා තන පුඩුව පුතු මුවින් තැබුවේ දරු සෙනෙහස දෝත දරාගෙනය.

කාලය ඉගිලී ගමන් කරේය.පුතු දැන් ගජ ඉලන්දාරියෙක් ය.මා පුතු වෙනුවෙන් මහාන්සි වී හම්බ කලේය.ගෙදරටම වී ඇදුම් මසා මා පුතුගේ අනාගතය වෙනුවෙන්ද සිහින දැක්කෙමි.

දවසක උබ දිනයි…”

මා සිත කීවේය.

පුතු සාමාන්‍ය පෙල කඩයිමද සමත් කර උසස් අධයාපනයද ලබන්නද නගරේ පාසලට ඇතුලත් විය.ඔහු මහාන්සි වී ඉගෙන ගනි.මා මහාන්සි වී මැශිම පාගා ඔහුට උගන්නට මුදල් සෙව්වෙමි.

අම්මේ මං පාස්…”

පුතු දවසක උදේ මා බදාගෙන උසස් පෙළ ප්‍රතිඵල කීවෙය.

ඉතින් මේ අම්මාට වෙන මොන සතුටක්ද..?දුක් මහාන්සි වී ඉගැන්නුවේ මේ දේ අසන්ටය.

ඇත්තමද පුතේ..

මා ඇසුවේ ඇස් අගට කදුලු පොටක් ගලාගෙන එන මොහොතකය.

ඔව් අම්මේ මං දැන් ජොබ් එකක් කරන්න ඕනේ..

ඇයි කැම්පස් යන්න ආසා නැද්ද..

නැ..තවත් ඔයා මහාන්සි වෙන්න ඕනේ නෑ..මං ජොබ් එකක් බැලුවා..බැංකුවේ..
ඒ ගමන් ඉගෙන ගන්නම් මම..

හම්…පුතාගේ කැමැත්තක් කරන්න..

ඉතින් පුතු රස්සාවට ගියේ ය.දවසින් දවස උසස් වීම් මැද ඔහු රැකියාවේ ඉහලටම ගොස් දැන් අවසානය.ගරා වැටුන ගේ පොඩ්ඩට එහායින් දැන් නව නිවසක් ඉදි වෙමින් ඇත.මා සිතන ආකාරයට පුතු ජීවිතය දිනාගෙන ඇත.මා වරද්දා ගත් ජීවිතය ඔහු නිසා එලිය වී ඇත..මට උදා නොවුන #වසන්තයේ_දවස ඔහුට උදා වෙනු ඇත..

සමාප්තයි

-නිරාශා රන්දෙනිය- ✏✏

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *