වසන්තය සොයා – සිව්වෙනි කොටස

**ජිවිත වන්දනාවේ බාධා මැද දුවන  අපේ කාලේ කොල්ලෙක්ගේ කතාවක්***

මොකද බන් අද ඉස්කෝලේ ආවේ නැත්තේ.. ඊයේ කීවෙත් නැහැනේ එන්නේ නැ කියලා. කියලාවත් තිබුනා නම් මමත් යන්නේ නැතිව ඉන්නවනේ කියලා ගෙදර තිබුන එකම පුටුවේ සුපුන් වාඩි උනේ මුනේ ප්‍රශ්නාර්තයකුත් හදාගෙන.

නෑ සුපුන් කියන්න උනේ නෑ බං. මමත් දැන ගෙන උන්නේ නෑ අද මට ඉස්කෝලේ යන්න වෙන එකක් නෑ කියලා ඊයේ එනකොට.

ඇයි මොකක් හරි අවුලක්ද?සල්ලි මොනවා හරි ඕනා නම් මට කියන්න තිබුනානේ බන්. මොකක් හරි රෝලක් ගහනවනේ. තවම මගේ අතේ තියනවා තාත්තා අලුතෙන් බැට් එකක් ගන්න කියලා දුන්න සල්ලි ටික..

යාළුවො අතරින් මෙහෙම යාලුවෙක් ලැබෙන්න ඇත්තටම මම මොන තරම් ගිය ආත්ම වල පව් කරලා තිබ්බත් පොඩි හරි පිනක් කරලා තියෙන්න ඇති කියලා හිතෙන්නේ සුපුන් ලග ඉන්නකොට. මිනිහා දෙන්න හදන්නේ මිනිහා මාස ගානක් එකතු කරපු සල්ලි ටික. අපිට වඩා හොද තත්වෙක උන්නත් සුපුන්ලා උනත් ලොකුම සල්ලි කාරයෝ නෙමේ. හැබැයි ගොඩාක් මිනිස්සු ලග නැති මනුස්සකමක් සුපුන්ලාගේ පවුලේම තියනවා.

එපා බන්. එහෙම එකක් නෙමේ. අම්මාට සනීප නෑ මම ගෙදර එනකොට බේත් ගන්න කියලා ඊයේ ගියහම දොස්තර මහත්තයා කිවා අම්මාට ටිකක් විවේකය ඕනා කියලා. අම්මා එපා කියනකොට මම අද පොලේ ගියා බන්. මම නොගියා නම් අම්මා මම ඉස්කෝලේ යනකන් ඉදලා යනවා. එතන දැන් නොගියොත් අමාරු තත්වයක් තියෙන්නේ. ඉහ ගහගෙන ඉන්න..

ඉතින් කෝ බන් අම්මා. දැන් කොහොමද යමන් බලන්න..
දැන් හොඳද උබ ලග සල්ලි තිබුනාද?

සල්ලි තිබ්බේ නෑ බන්. හන්දියේ කඩේට ගියා වැඩක් ඉල්ලගන්න.
මිනිහා කොයි තරම් ලෝබයා උනත් වැඩ සුරගෙන කෑවත් ඉතින් නෑ නොකියා මොනවම හරි දෙයක් දෙනවා තාත්තා ඉන්න කාලේ ඉදන් හිතවත් කමට. ගස් වගයක් පාහින්න කියලා කිවා.. ඒ ටික කරලා බේත් ගන්න ඕනා ටිකට සල්ලි හොයා ගත්තා.. දෙනවා කියපු ගානම දුන්නේ නෑ. ඒත් ඒක ඇති උනා
උබ දුක් විදිනවා බන් ගොඩාක්. ඔය හැමදේම හිතට අරන් උබ කොහොම හරි ගොඩ යන්න ඕනා. අම්මා ගැන අයියා බලන්නේ නැති උනාට උඹ්ද් තැනකට ඇවිත් ඒ හැමදේම හරියට කරන්න ඕනා.

මම දැන් උනත් කැමති සුපුනා. මොකක් හරි ජොබ් එකක් කරලා අම්මාව බලාගෙන ඉන්න. එත් අම්මා කැමති නෑ මම ඉගන ගන්න එක නවත්වා එකට. අම්මා ට ඒ උනාට මගේ දේවල් වලට ඒ තරම් මහන්සි වෙන්න බෑ කියලා මම දන්නවා බං. මට මොනවාද කරන්නේ කියලා හිතා ගන්න බැරිව ඉන්නේ..

පිස්සු නටන්න හදන්න එපා සහනා. උබට අම්මා ඉන්නවා මම ඉන්නවා. අපි කොහොමහරි ගේම ගහමු. වැටෙන්න නම් හදන්න එපා. එහෙම කියනකොට මගේ සහෝදරයා නේද මේවා කියන්න ඕනා කියලා ඇස් වලට කදුළු එන්න ආව.ඒත් මං ස්තුතියි බං නොකියා උගේ පිටට තට්ටුවක් දාගෙන වරෙන් එලියට කියලා ආවේ මට ඊයේ දැකපු කෙල්ල ගැන මුට කියන්න ඕනා කියලා හිතුන හින්දා.

හම්මා රුපියල් 50 හේ කෙල්ල.. එතකොට කෙල්ල කියපුවා උබට තේරුනා. උබ එහෙම හිතනවා. එහෙමද කියන්නේ..

උබට ඉතින් මොකුත් හංගන්නේ නැති හන්දා කිවේ. ආයේ ජිවිතේ කවදාවත් ඒ කෙල්ලව දකින එකක් නැ. ඒත්.

ඒත්… එත් කෙල්ල උබේ හිත හොරකම් කරගෙන ගිහින් කියලානේ උබ කියන්නේ..

නෑ බන් එහෙම එකක් නැ. මගේ හිතට මෙච්චර කාලෙකට නොදැනුන අමුතු හැගීමක් දැනුනා බන් ඒ වුණාට.

හරි බන් කොල්ලොනේ. හැගීම් දැනීම් තියනවනේ. ඉතින් ඕක සාමාන්‍යයි. අනික ඉතින් එක දවසනේ දැක්කේ.. හිමිවෙන්න පින තියනවනම් හොයාගෙන එනවා කියනවනේ. හැබැයි පුතෝ ඔය කීව හැටියට උබ මෙහෙම ඉදලා නම් හොයාගෙන ආවත් ඔය නැන්දාම්මාගෙන් දුව ඉල්ලනවා බොරු. උබ හොද තැනකට එනකන්.

බලපන් සුපුනා උබ මාව බන්දන්නත් ලෑස්තිය. මම නිකමට දැනුන දේ විතරයි කිවේ. ඒක එතනින් අමතක කරලා දාමු.

කොයි වෙලේ ද සුපුන් පුතා ආවේ. මට ටිකක් නින්ද ගියා.

සහන්ලාගේ අම්මා කොහොමද ඉතින්. නිදාගෙන කීව නිසා මම ඉතින් කතා කරන්න කීවේ නැ. දැන් හොදයිද අම්මා…

කට පුරා පුතේ කියලා අම්මාට කියන්න පුළුවන් වගේම සුපුන් උනත් අම්මාට අම්මා කියලා කතා කරන්න පුරුදුවෙලා තිබ්බා . යාළුවො ගොඩාක් නොඑන අපේ ගෙදරට සුපුන් එන එකට අම්මාත් ගොඩාක් කැමති.

දැන් හොදයි පුතා. මේ අපේ එකා බොරුවට කලබල වෙනවා. අද ඉස්කෝලේ ගියෙත් නෑ. අද පොලේ ගිහින්නේ. මට යන්න නොදී..
පාඩම් වැඩ පාඩු කරගන්න එපා කියල මම කියනවා කට කැඩෙනකන්.

සහන් ආවේ නැති එක බලන්නත් එක්කම තමා මම ආවේ අම්මා. කොහොමත් මේ ටිකේ තාම අලුත් පන්තිය පටන් ගත්ත හින්දා වැඩිය උගන්නනේ නම් නැ. තාම 13 වසරේ අයියලාගේ අන්තිම දවස් ටිකනේ. ඔක්කොම ඒ අයගේ වැඩ තමා.

හ්ම්ම් මට ඕවා තේරෙන්නේ නැ ළමයෝ. ඔය ළමයාවත් කියන්න ඔය රස්සාවල් හොයා හොයා ඉන්න හදන්නේ නැතිව ඉගනගෙන තැනකට එන්න කියලා..

මම එක හැමවෙලේම කියනවා අම්මා. බය වෙන්න එපා සහන් අපි හැමෝටම වඩා මොලේ තියන ළමයෙක්. හොද දේවල් කරයි..

දේව්

හමුවෙමු ඉක්මනට..
අදහස් වටිනවා ගොඩාක්

ඉක්මනටම අපි පේජ් එකේ කතා දාන එක නවත්වලා වෙබ් එකේ ස්ථිර පදිංචියට යන්න හිතාන ඉන්න නිසා නිතරම පේජ් එකට එනවට වඩා බ්‍රිව්සර් එකෙන් ruwa4u.com කියලා සර්ච් කරලා එන්න පුරුදු වෙමුද ?


facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “වසන්තය සොයා – සිව්වෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *