වසන්තය සොයා – පස්වෙනි කොටස

**ජිවිත වන්දනාවේ බාධා මැද දුවන  අපේ කාලේ කොල්ලෙක්ගේ කතාවක්***

මම මේ අදත් උබ එන්නේ නැද්ද කියලා බල බලා හිටියේ. උබ වෙනදට මීට කලින් එනවානේ ඉස්කෝලෙට..

ඔව් සුපුන්. ඒත් අද අම්මාට පොලට බඩු ටික දීල එන්න ගියා. ඕක නැතිනම් උස්සගෙන පයින් ගිහින් තවත් අසනීප වැඩි කරගන්නවා.. ඒ හින්දා මම පුටාර් එකේ ගිහින් දාලා ආවා.

කොහොමද බං දැන් අම්මාට. අඩු ඇති නේද? සහන්
බය වෙන්න එපා බං අම්මාට මොනවත් වෙන්නේ නෑ..

මොනවත් වෙන්නේ නෑ තමා සුපුන්, එත් අම්මා මහන්සි වෙනවා වැඩි,
ඉතින් අම්මාට මහන්සිය වැඩි කමට දුර්වල වෙනවා බං. කරදඩු උස් මහත් වෙලාත් තාම මට හරියට දෙයක් කරගන්න බැහැනේ..

අහ්හ් හැමදාම එකම බණේ කියන්න බෑ උපසාක මහත්තයෝ. හැමදේකටම කලින් උබ හොදට ඉගන ගෙන ඉඳපන්. එහෙම නැති උනොත් උබේ ළමයින්ටත් කවද හරි දැන් මේ උබ ඉන්න විදිහට තමා.
සුපුන් එහෙම කියන්නේ අවන්කවම කියන එක මට අමුතුවෙන් කියන්න ඕනා උනේ නෑ..
මොකද උබ හිනා වෙන්නේ..
මොකද මගේ මුනේ මොකක් හරි අවුලක් තියනවාද?.

නෑ නෑ උබේ මුනේ අවුලක් නැ සහන් සංගීත්. ඒත් පෙම් පාට බේරෙනවා.
එන්නේ නම් හොද කාලයක් නෙමේ වගේ. අද උබ අම්මාට උදව්වක් වෙන්නම හිතලාමද බඩු ටික පොලට ගිහින් දාන්න ගියේ…..
නැහැනේ..
රුපියල් 50 හේ කෙල්ල ඒවිද බලන්නත් එක්කනේ..
නැද්ද මන් අහන්නේ..

සැබෑ යාළුවො නම් එහෙමය. අපි හිතන්න හදනකොට උන් හිතලා ඉවරයි. උන්ට හිත තේරුම් ගන්න පුළුවන්. එහෙම එකක් නැ බන් කීවාට ඌ පිළිගන්නේ නැති බව දන්නවා.

නෑ බන් එහෙම නෙමේ. අම්මාට කරදරයිනේ. ඒකයි ගියේ. අනික උබ හිතුවාද ඒ කෙල්ලගේ ගෙදර කන්නේ එළවලු විතරයි කියලා. හරක්ට කන්න වගේ. ඊයේ අරන් ගිහින් අද ආපහු එන්න තරම්..

කියන්න බැහැනේ. කෙල්ලටත් ඊයේ රෑ උබට වගේ නින්දක් නැද්ද කියලා.අද උදෙත් උබ ඉන්නවද බලන්න ආවද කියලා. අනික හා හා උබව මම ආශ්රය කරන්නේ උබ මම කලිසමේ චු කරගන්න කාලේ ඉදලා. ගහ දන්න මට අමුතුවෙන් කොළ කඩලා දෙන්න ඕනා නෑ. මොනවා කලත් පුතේ හොදට ඉගන ගන්න ඕනා කියන එක මතක් කරගෙන ඉදපන්..

වෙන යාලුවෝ රස්තියාදු ගහන්න. අරක්කු සිගරට් බොන්න කතා කරන ලෝකෙක මට ඉන්න හොදම යාලුවා මටත් වඩා මම ඉගන ගන්න එක ගැන වද වෙනවා..

වරෙන් යන්න… තව ටිකකින් බෙල් එක ගහනවා. උබ මොනවත් කාලා නෙමේනේ ආවේ.
මොනවා හරි කාලා එමු.
මමත් උබ එනකන් බලාන උන්නේ කන්න යන්න..
මොකද උබ අබරෙන්නේ, කැන්ටිමෙන් කන්න මහා ගානක් යන්නේ නෑ. උබෙන් සල්ලි ඉල්ලුවේ නැහැනේ.

හැමදාම උබට කරදරයක් වෙන එක මගේ හිතට හරි නෑ සුපුන්..
අනේ මේ සහන්. උබ ඉංජිනේරුවෙක් උන දවසට මට ඕවාට සලකපන්කෝ.. දැන් පණ්ඩිතයා නොවී වරෙන් යන්න ”

කියලා මම එන්නත් කලින් අතෙන් ඇදගෙන කැන්ටිමට දුවන්න ගත්තේ සුපුන්.
තව ටික වෙලාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බෙල් එක ගහන්නත්.

මොනවද සුමනා ආන්ටි තියෙන්නේ කන්න.
බඩත් ගිනි ටිකක්. කන්න එන්න පරක්කු උනානේ…

හැමදාම කන්න ආවේ නැතත් කතා බහ කරලාම කැන්ටිමේ ආන්ටි අපි එක්ක ගොඩාක් හිතවත්..

අනේ සුපුන්.. කෑම ඉවරයිනේ. මම හිතුවා අද මේ පැත්තේ ආවේ නැත්තේ ගෙදරින් කාලා එන්න ඇති කියලා. ආයේ දවල් ට තමා. මේ කෑම ගේන කට්ටිය හරි යන්නේ නෑ. කවදාවත් ඉල්ලන ගානට කෑම දෙන්නේ නෑ. හැමදාම ළමයි 50 -60 ක් බඩගින්නේ.
දන්නා කවුරුවත් එහෙම නැද්ද ඔය ළමයි උදේට බත් එහෙම හදලා එවන්න පුළුවන්.

හ්ම්ම් … සහන් උබ දන්නා කවුරුවත් එහෙම ඉන්නවාද?
කැන්ටිමට කෑම පැකට් 50 – 60 වගේ හැමදාම ගෙන්න ගන්න කෙනෙක්..
හැබැයි හොද රසට හදන කෙනෙක් වෙන්නත් ඕනා..

හ්ම්ම්ම් සුමනා ආන්ටි මම හෙට කියන්නද?
එතකන් පොඩ්ඩක් බලන්න හොදද?

හ්ම්ම්ම් ඔය වඩයක් එක්ක ප්ලේන්ටි එකක් වත් දෙන්න අපිට.. වඩේ විතරනේ තියෙන්නේ..

මොකක්ද බන් හෙට වෙනකන් කතාවක් කිවේ.. දන්න කෙනෙක් ඉන්නවා නම් අද කිවා නම් ඉවරනේ..
නෑ බන් පොඩි අදහසක් ආවා.. ඒක බලලාම හෙට කියන්නම් කිවේ ඒකයි. අම්මවත් අල්ලාගෙන උදේට කෑම හදා ගන්න පුළුවන් උනොත් අම්මාට පොලේ යන එකට මහන්සි වෙන්න ඕනා නැ. ඒත් අම්මාගෙන් අහන්නේ නැතිව මොනවත් කියන්න බැහැනේ. ඒකයි බැලුවේ බන්..

ඒකත් හොද අදහස බන්. උබලගේ අම්මාගේ කෑමත් පට්ට රසයිනේ. ඔන්න 50න් එකක් මට ඕනා..

තවම අම්මාගෙන් හා කීවෙත් නැතිව…
මේ බෙල් එක ගැහුවා වරෙන් යන්න..

අනික ඉතින් උබට තව එකක් කියන්න හිටියේ..
ගිය සතියේ ඉදන් මහා විතානගේ සර් ගේ කම්බයින්ඩ් ක්ලාස් එක පටන් අරන්
කොහොමත් මේ පළාතේ සර් ට ගහන්න පුළුවන් විදිහේ කෙනෙක් නැහැ.
යමු නේද?

අනේ බන් මම කිවනේ සුපුන් මට උබ ගිහින් නෝට් ටික දීපන්…
මට ඕවාට වියදම් කරන්න අමාරුයි කියලා උබ දන්නවනේ..
හරි බං මම කලින් කිවේ ඒකට උබව එක්ක යන්න කියලා තාත්තා කීවා කියලා
පණ්ඩිතයා නොවී යන්න වරෙන්කො.

හමුවෙමු ඉක්මනින්ම


facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “වසන්තය සොයා – පස්වෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *