වසන්තය සොයා – හයවෙනි කොටස

**ජිවිත වන්දනාවේ බාධා මැද දුවන  අපේ කාලේ කොල්ලෙක්ගේ කතාවක්***

ඒ …. කොහෙද බන් බලාන ඉන්නේ.
උබ අද මේ ක්ලාස් එකට ආවාට මේක පටන් අරන් අවුරුදු ගානක් බන්.
මෙතන මේ ඩෙස්ක් පොත් තියාගෙන මේ බංකු රත් කරපු කී දාහක් ඉංජිනේරුවෝ වෙලාද …තව ඒ ඒ වගේ හොද හොද තැන් වලට ගිහින්ද කියලා දන්නේ මේ ඩෙස් බැංකු ම තමා….

නෑ බන් මම මේ ඒක නෙමේ බැලුවේ.. මට හුරු මූණක් වගේ කෙනෙක් යනවා දැක්කා..
ඒකයි මම බලාගෙන හිටියේ..
එහෙම කීවත් අමුතු හැඟීමකින් හිත පිරිලා.
ඒ රුපියල් 50 ද ??රුපියල් 50 මේ ක්ලාස් එකට එනවා වෙන්න බැහැනේ… මම හිතුවේ නෑ ආයේ ඒ මුණ දකින්න ලැබේවි කියලා. අනික මාව දැක්කෙත් නැහැනේ.
දැක්කා කියලා මාව අදුනගන්න පුළුවන් වෙන එකකුත් නෑ.

මොනවද බන් කල්පනා කරන්නේ..

සුපුන් දෙවෙනි පාරටත් අහනකොට තමා මම ආපහු මේ ලෝකේ සිහියට ආවේ.

“උබට දැකලා පුරුදු උන් තමා බන් ගොඩාක් මේකට එන්නේ. මොකද ඉතින් අපි අගහරු ලෝකේ මැත්ස් ක්ලාස් එකකට ආවා නෙමේනේ. මේ වටේ පිටේ ඉස්කෝල වල ළමයි ම තමා මේකට එන්න ඕනා”

කියලා සුපුන් කියනකොට ඉතින්
” හ්ම්ම් වෙන්න ඇති” කියලා මං නිකන් හිටියා. මං රුපියල් 50 කෙල්ල දැක්කා කියලා ඉවර වෙලා අන්තිමට ඔය කෙල්ල මාව අඳුරන්නේ නැති කෙනෙක් වුණොත් එහෙම යාලුවා වුණත් සුපුන් මට විහිලු කරන්න ගනී.

කොහොමද ළමයි.. සතියක විරාමයකින්. දැන් තමා යුද්දේ පටන් ගන්නේ..
පහුගිය සතියේ මම කීවානේ. සෙල්ලම් කර කර හිටපු කාලේ ඇති දැන්.
දැන් තියනවා රේස් එකක් දුවන්න. රේස් එකේ තරගේ ගොඩාක් වේගවත්. වේගෙන් දුවන්න විතරක් නමේ හරි ට්‍රැක් එකෙත් දුවන්න වෙනවා. හරියට තියරි ටික දැනගෙන ඉන්න ඕනා. මම අද ඉදන් එහෙමනම් මේ රේස් එකට ඕනා කරන දෙහි ටික ග්ලුකෝස් ටික වතුර ටික දෙනවා. හැබැයි පුතෝ රේස් එක දුවන්න ඕනා උබලා. මට බෑ උබලාව කරේ තියාගෙන දුවන්න.

අහන් ඉන්නකොට කොහොමද ගැම්ම..
කැම්පස් යන්නම හිතෙනවා නේද බං.. සුපුනා එහෙම කිවාත් මගේ ඇස් හෝල් එක වටේම කැරකෙනවා.මට මේ මොනවද වෙලා තියෙන්නේ. අම්මාගේ හීනෙ හැබෑ කරන්න නම් මට මේක ගොඩ දාගන්නම වෙනවා. සුපුනාටත් ටිකක් අවුල් වගේ.

මම වෙන කල්පනාවක උන්නේ සුපුන්. දැන් ඉදන් පාඩම් හරියට අහගමු. මට ඕනා කොහොමහරි ගොඩ යන්න..

ඔය ඔය මොකද ඔය ළමයි දෙන්නා මොනවද කතාව. ඕවා මෙහෙ බෑ..

කියලා සර් කෑ ගහනකොට ඒ කෑ ගහන්නේ අපි දෙන්නාටද කියලා හොරෙන් බැලුවේ එහෙම උනොත් පන්තිය ආව මුල් දවසෙම චාටර් වෙන්න වෙනවා කියලා දැනගෙන. වෙලාව හොදයි කතා කරලා තියෙන්නේ අපි දෙන්නට නෙමේ.
කටවහගෙන වැඩ කරපන් දැන්වත් කියලා සුපුනා නොකියා කීව නිසාත් කොහොමහරි ගොඩ යන්න ඕනා නිසාත් මම පාඩම හොඳට අහගන්න ඕනා කියලා හිතට ගත්තේ අම්මගේ මූණත් මතක් කරගෙනම…

**************
කොහොමද මාව මතකද?
ඔයාත් මේ ක්ලාස් එකට එනවාද?
අද තමා මාත් ආවේ..
කොහොමද ඉතින්..

ප්‍රශ්න පත්තරයක් දිග ඇරලා වගේ ලස්සන කෙල්ලෙක් කියවගෙන කියවගෙන යනවා. සුපුනත් කට ඇරන් බලාන ඉන්නවා මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරිව.

කතා කරන්න ඕනා උනත් වචන එන්නේ නෑ වගේ.. මාව නිකන් ගල් ගැහිලා වගේ.
රුපියල් 50 ලගට ඇවිත් කතා කරනකොට..

සහන්.. උබෙන් බන් අහන්නේ..
කියලා සුපුන් අතට පාරක් ගහනකන්ම මටත් සිහි නැතිවෙලා වගේ..

අහ්හ්හ් නම සහන් ද ? මම දැක්කා ඔයා එනවා. ඒත් කොහෙද ඉඳ ගත්තේ කියලා හොයාගන්න බැරි උනා. පන්තියේ ළමයි ගොඩාක් ඉන්නවනේ. මේ මගේ යාලුවා අපුර්වී..

එතකොට ඔ… ඔයා…… ඔයාගේ නම..
අමාරුවෙන් වචන අහුලාගෙන කතා කරනකොට කෙල්ලට හිනා ගියෙත් නැතිවම නෙමේ.

හයියෝ.. මම හිතුවා හොදට කතා කරන්න පුළුවන් කියලා,
එදා හරි සද්දෙට කතා කලානේ.
අම්මා සලකපු විදිහට සමාවෙන්න. ඒ අම්මාගේ හැටි.
මම යාළුවො ආශ්‍රය කරනවටවත් කැමති නෑ. මේ අපුර්වී විතරයි මට යාළුවො කියලා ඉන්නේ.
මගේ නම සදෙස්මි අහිංසා..

ලස්සන නම… නම වගේම අහිංසක කම මුනෙන් පේනවා.
නොහිතපු විදිහට කතා කරපු හින්දා එක පාර මාව හිර උනා වගේ එකක් උනා.

ආයේ ඔයාව හම්බවෙයි කියලා හිතුවේ නෑ මම..

හම්මා,. මේ අර රුපියල් 50 ද? ඒක තමා මු අද පන්තියට ආව වෙලේ ඉදන් ජිරාෆ් වගේ බෙල්ල උස්ස උස්ස වට පිට බල බලා උන්නේ. මාත් මේ බැලුවේ කොල්ලට මොකද උනේ කියලා..

අනේ ඔයාලා හරි හොද නෑ ඒ ටිකට මට නමකුත් දාලා ද?
රුපියල් 50. , අපරාදේ මට එදා ලොකු කොලයක් දාලා දුවන්න තිබ්බේ. එහෙම උනා නම් කියනවනේ රුපියල් 5000 වගේ කියලා.

ඒ කොළ නම් අපිට හීනයක් තමා..
ඉතින් ඔයා අද කීවානේ ක්ලාස් ආවේ.කොහොමද ක්ලාස් එක.

ගෙදරින් බල කරන හින්දා කරන්නේ. මම ආස ආර්ට් කරන්න.
ඒත් ගෙදරින් කරන්න දෙන්නේ නැහැනේ,
ගෙදර කියන දේ කරන එක දැන් මට හුරු වෙලා..
ඉන්ටවල් ඉවරයි වගේ. සර් එනවා. පස්සේ කතා කරමුකෝ..

***************
උබ ඕක තමා එහෙමනම් වට පිට බල බලා හෙව්වේ නේද?
කවුද ඔහොම එකක් දන්නේ.
මොනවා උනත් ලස්සන කෙල්ල බං
අහිංසක පාටයි..

හ්ම්ම්… මම හිතුවේ නෑ කතා කරන්න ලැබෙයි කියලා..
හිතට ඒක අමුතු හැඟීමක් බන්

මට උබව තේරෙනවා සහන්. මොනවා උනත් උබ උබේ ඒම් එක මතක තියාගෙන වැඩ කරපන්..

දේව්
හමුවෙමු ඉක්මනින්

(තවම හුරූ නැතිව ඇති වෙබ් එකේ කමන්ට් කරන්න. පහල කමෙන්ට් කරන්න තියන තැන කියන්න තියන දේ ටයිප් කරලා පහලා නම ටයිප් කරන්න. ඊ මේල් එකට ඔයාලගේ ඊමේල් එක දාන්න . වෙබ් සයිට් කියන එකට මොනවත් ඕනා නෑ. ඊට පස්සේ පොස්ට් කමෙන්ට් කියන එක ටච් කරන්න . පලවෙනි පාර කමෙන්ට් එක පෙන්නන ටික වෙලාවක් යාවි. ඊට පස්සේ ඉදන් ඒ වෙලේම කමෙන්ට් එක ඒ වෙලේම ඩිස්ප්ලේ වෙයි කතාව වෙබ් එකේ පළවුණා ගමන් sms එකකින් දැන ගන්න follow ruwa4uweb කියලා 40404 ට මැසේජ් කරන්න (අප්ඩේට් සියල්ල නොමිලේ )


facebook මගින් කමෙන්ට් කරන්න

4 thoughts on “වසන්තය සොයා – හයවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *