වසන්තය සොයා – හත්වෙනි කොටස

**ජිවිත වන්දනාවේ බාධා මැද දුවන  අපේ කාලේ කොල්ලෙක්ගේ කතාවක්***

හිතට අමුත් හැගීම් ගොඩක් දැනුනත් කියාගන්න තේරුනේ නෑ.
ඇයි මම අහිංසා දකිනකොට ඒ තරම් අමුතු හැගීමකින් හිත පිරෙන්නේ….. හැමවෙලේම දකින්න තියනවනම් හොදයි කියලා හිත හොයන්නේ..
සහන් ඔය නම් හොද දෙයක් නෙමේ කියලා මම මටම කියාගත්තේ මගේ ටාගට් එක ඒක නෙමේ කියලා දන්න නිසා..

මොකද පුතා ආව වෙලාවේ ඉඳන් කල්පනා කරන්නේ.. පන්තියේ මොනවහරි දෙයක් උනාද? ආපු වෙලාවේ ඉදන් හිනා වෙනවා වහලේ දිහා බලාන. ඔය පොල් අතු වහලේ මොනවද හිනා වෙන්න තියෙන්නේ.. දැන් නම් පොල් අතු ටිකක් වියලා ආයේ බැඳගන්න ඕනා තමා..
මේ ටිකේ මේ අසනීප එක්ක පොලේ යන වැඩත් එක්ක මට ඒක කරගන්න අමාරුවක් තියෙන්නේ.
ඒත් වැස්ස කාලේ ලඟ ලඟම එනවා.. ඊට කලින් ඕක කරගන්න ඕනා.
මුදලාලිගෙන් අහලා වත්තේ වැටිලා තියන පොල් අතු ටිකක් ඉල්ලගන්න යන්නවත් ඕනා. දවසට එක දෙක වියවගන්නවත්..

අම්මා තනියම කියවනවා..,,

ඉතින් අම්මා මුදලාලි නිකන් දේවිද පොල් අතු..
ඔය පොල් ඉරටුවක් වත් නිකන් දෙන්නේ නැති මිනිහෙක්නේ..

මුකුත්ම නොකියා ඉන්න එකෙන් අම්මාට දුක හිතෙන නිසාම මම එහෙම ඇහුවේ..

මොන පිස්සුද පුතේ.
ඔය මනුස්සයා එහෙම නිකන් දෙන්නේ නෑ.
දාහක් කතා කියලා ඉතින් කීයකට හරි දේවි.
මොනවා උනත් උඹලාගේ තාත්තා එක්ක ටිකක් හොඳ නිසා ලොකු ගණන් ගන්නේ නෑ කවදාවත්.
ඒත් ඉතින් ඒකට ඔය මනුස්සයාට දොස් කියලාත් ඇති වැඩක් නෑ.අනික ඉතින් මෙහෙ වෙන කාගෙන්ද එහෙමවත් දෙයක් කරගන්න පුළුවන්.
ඔය විදිහට වැඩ කළේ නැතිනම් ජිවත් වෙන්න බෑ මුදලාලිට කියලා ඉස්සර තාත්තා ඉන්නකොටත් මුදලාලිව සාධාරණ කරනවා මට මතකයි..

හ්ම්ම්ම් ඒක නම් එහෙම තමා.. ඒත් කවදාහරි.. මම නම් එහෙම වෙන්නේ නෑ මම මමටම කියා ගත්තා උනත් ඒක අම්මාට ඇහුණා කියලා දන්නවා මම..

හ්ම්ම් ඔව් පුතේ එහෙම වෙන්න එපා. කොහොමහරි හොද තැනකට යමන්, එදාට මාව අමතක කලත් කමක් නෑ. ඒත් උබ පටන් ගත්තේ කොතනින්ද මොනවාගේ ජිවිතයක්ද උඹ ගතකළේ කියන එක මතක තියාගෙන වැඩ කරපන්.
උබට කවදාවත් වරදින්නේ නෑ මගේ පුතේ..

අම්මා මාව තුරුල් කරගෙන කියනකොට දරාගන්න බැරි තරම් හිතට දුකකුත් එක්ක කොහොමහරි ජිවිතේ දිනන්න ඕනා කියන හැඟීමෙන් හිත පිරිලා….

සහන්… අද කලින්ම ආවාද?
මොකද ඉතින් හීන බලලා කලින් ඇහැරුණාද?
මොකද ඉතින් වෙන්නේ..

මොනවත් වෙන්නේ නෑ බන්. කලින් ඇහැරුණා ඉතින් ආවා. අම්මත් පොලේ ගියානේ..
හීන විතරයි තමයි හැමදාම ඉතින්. ඒ හින්දා ඉතින් කොහොමත් ඒවා ගැන හිතනවට වඩා දේවල් මට කරන්න තියනවා…..

උබට ගොඩක් පින් බන්. මාව ක්ලාස් එක්ක ගෙන යනවට. මට ඉතින් එකට උබට දෙන්න දෙයක් නෑ බන්..

සහන් මම දන්නවා උබ කවද හරි හොඳ තැනකට එනවා කියලා, අතරමග නවතින්නේ නැතිව හොඳ තැනකට යන එක විතරයි මට උඹෙන් ඕනා. මට උබ සහෝදරයෙක් වගේ. වෙන කවුරුවත් මට මේ ලෝකේ නෑ කියලා දන්නවනේ සහෝදර සහෝදරියෝ ඉතින්..

මම දන්නවා සුපුන්, උඹ මට සහෝදරයෙක් වගේ නෙමේ සහෝදරයාම තමා ඉතින්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මගේ ජිවිතේ තියනකන්.

උඹ කරන්න දුන්න වැඩ කලාද බන්. මට කරගන්න තේරුනේ නෑ ඒවා.හරි අමාරුයිනේ ඒවා.. උඹ කලාද?

හ්ම්ම් මම කළා.. වරෙන් කියලා දෙන්න. පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නේ. එහෙම කරනකොට ඒක කරගන්න ලේසි..

මචන් සහන්…. අර…
අර……

මොනවද බන්..
මට මොනවත් පේන්නේ නෑනේ..

පොඩ්ඩක් හිටපන්. මම හිතන්නේ මෙතනට තමා එන්නේ..

කවුද බන්…..සුපුන්….
අහිංසා…… ඔයා මෙහෙ….

මම සදෙස්මි…….

හමුවෙමු ඉක්මනින්ම


Comment වටිනවා ගොඩාක්… අඩුපාඩු කියන්න. තියන දේවල් හදාගන්න ඔනානේ


facebook මගින් කමෙන්ට් කරන්න

4 thoughts on “වසන්තය සොයා – හත්වෙනි කොටස

  • March 19, 2018 at 9:06 pm
    Permalink

    Lassanai

    Reply
  • March 19, 2018 at 9:11 pm
    Permalink

    කතාව නම් ලස්සනය. පට්ට…

    Reply
  • March 19, 2018 at 10:08 pm
    Permalink

    Kathawa godak lassanai ❤ Me kathawa yana widiyata godak kamathi ?. Awastha dekak athara madden wen karala aduna ganna mark ekak thibboth hodai kiyala hithenawa. Ethakota kathawa kiyawagena yanakota lesii. ???

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *