වසන්තය සොයා – අටවෙනි කොටස

**ජිවිත වන්දනාවේ බාධා මැද දුවන  අපේ කාලේ කොල්ලෙක්ගේ කතාවක්***

පොඩ්ඩක් හිටපන්. මම හිතන්නේ මෙතනට තමා එන්නේ..

කවුද බන්…..සුපුන්….

අහිංසා…… ඔයා මෙහෙ….

මම සදෙස්මි…….

අහිංසා නෙමේ… යාලුවෝ මට ඒ නම කියනවා තමා ඒත් මම ආස නෑ වැඩිය ඒකට.

හීනයක් වගේ මගේ හීන වල හිටපු කුමාරි මගේ ළඟට ඇවිත් කියවන අපූරුව මට විඳ ගන්න බැරි තරම්..

මොකද බන් ගල් ගිල්ලා වගේ.. මේ ළමයා බය වෙයි. උබට මොකක් හරි ලෙඩක් කියලා..

සුපුන් හෙමිහිට කනට කරලා කියනකොට තමා මගේ සිහිය ආවේ..
තාම කෙල්ල බලාගෙන ඉන්නවා මම මොනවා හරි කියයි කියලා හිතාන වගේ,.

ඉතින් සදෙස්මි… හරිනේ මම නම කීවා.. ටිකක් දිවට හුරු වෙන්න අමාරු නමක්..
ඔයා කොහෙද මෙහෙ..
අනික අපේ ඉස්කෝලේ යුනිෆෝම් එකක් ඇඳගෙන..මීට කලින් ඔයාව මෙහෙදී අපි දැකලා නැහැනේ.. එහෙම නේද සුපුන්..

මම එහෙම කියලා සුපුන් දිහා බලනකොටත් සුපුන් ඒක අනුමත කරනවා වගේ ඔලුව එහෙට මෙහෙට වනනවා.,..

අනේ මැට්ටෝ… ඉතින් ඒකවත් තේරෙන්නේ නැද්ද? මේ ඉස්කෝලේ ඇඳුමක් ඇඳගෙන මම පොලේ යනවා කියලා හිතුවද? මම මෙහෙට තමා ආවේ…
අද ඉඳන් මම මේ ඉස්කෝලේ…. ඒ කියන්නේ මේ මගේ පන්තිය.
තව ටිකකින් අම්මා ඒවි මෙතනට. මොනවද ෆෝම් වගයක් පුරවන්න තියනවා කියලා මාව මෙතනට ගෙනත් දාලා ගියා..

මුණට හිනාවක් එක්කම පොලේ කතාව ඇහිලා දුකක් එක්කම මගෙ මූණ අඳුරු වෙනවා සදෙස්මි ට තේරෙන්න ඇති…

අනේ සහන් සෝ සොරි… එහෙම ඔයා පොලේ යන එක ගැන හිතලා කීවා නෙමේ..
මට ඒක එක පාරටම කියවුණා…
සොරි… හොඳේ.. මම කන්දෙක අල්ලන් උඩ පනින්නද?
ඔන්න පනිනවා… එකයි දෙකයි තුනයි…

හා හා මොනවද ඔය කරන්නේ. ආව ගමන් මේ ළමයාව මඩවන්න ගත්තාද සුපුන්..
ඔහොමද හැසිරෙන්නේ..

කොහෙද ඉදන් ආපු පන්තිභාර අනුෂ්කා මැඩම් කෑ ගහන්න ගන්නකොටයි අපිටත් මේ අපි නිකන් රැග් කරනවා වගේ එකක් තේරුනේ..

අනේ නෑ අපි මොනවත් කලේ නෑ මිස්..කියලා සුපුන් කියන්න හැදුවත්….

ආහ්හ්.. ආහ්හ්… මම දැක්කනේ.. අනේ සදෙස්මි.. දුවේ ඇවිත් වාඩි වෙන්න . ඔය සහන් ළමයා නම් ඔහොම දෙයක් කරයි කියලා මට හිතාගන්නත් බෑ. සුපුන් නම් ටිකක් කියනදේ අහන්නේ නෑ..

අනේ නෑ මිස් එහෙම දෙයක් නෙමේ උනේ.. වැරදි වැටහීමක්.. මමමයි එහෙම කලේ..
අනේ මේ ළමයි දෙන්නට බනින්න එපා..

සහන් , සුපුන්, තමුන්ලා දෙන්නා බේරුනා කියලා හිතාගන්නවා. මේ ළමයා එහෙම කියපු නිසා. නැතිනම් ඉතින් අද මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ
ඔය අද ඉදන් අපේ පන්තියේ ඉන්න ළමයෙක්.. කෝ මේ අනිත් ළමයි..
අදුන්වලා දෙන්නත් ඕනි.. අනිත් එක විහිලු කරන්න එහෙම තියාගන්න එපා. මේ ළමයා අපේ ඉස්කෝලෙට එන එක අපිටත් ලොකු දෙයක්.
සතරසිංහ ඇමති තුමාගේ පොඩි දුව..

මොකක්… මේ එතකොට සතරසිංහ ඇමති තුමාගේ දුවක් ද? හීන ඔක්කොම කඩාවැටෙනවා වගේ. පලාතෙන් පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක්ට ඉන්නේ අවුරුදු ගානක් තිස්සෙම සතරසිංහ ඇමතිතුමා විතරයි. කියන විදිහට දෙයක් කිවොත් ඒ විදිහටම කරන බොහොම භයානක කෙනෙක් විදිහට තමා ප්‍රරසිද්ධ වෙලා තියෙන්නේ.. දැන් ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා.එහෙමනම් මේ ළමයා එක්ක කතා කරන එකත්……

මොනවාද කල්පනා කරන්නේ.. සහන්.. ඔය ළමයාට කවුරුවත් නැති තැනක් බලලා ඉන්න තැනක් ලෑස්ති කරලා දෙන්න. ඇමති තුමා නම් ප්රින්සිපල් ට කෝල් කරලා කියලා තිබුනා කිසිම විශේෂ සැලකිල්ලක් කරන්න එපා කියලා.

කියලා අනුෂිකා මැඩම් කියනකොටම..ඔන්න ඉතින් කතාව පටන් ගත්තා..

ආහ්හ් හා එහෙම හස්බන්ඩ් කීවාට කමක් නැ මිස්. කෙල්ලට මෙතන විශේෂ සැලකිල්ලක් තියන්න ඕනා. මම කොළඹ ලොකු ඉස්කෝලෙකට දාමු කියනකොට මේකටම එන්න ඕනා කියලා කියාපුම නිසා දැම්මා මීසක් මේ වගේ පොඩි ඉස්කෝලෙක ඉගන ගන්න එක ගැන නම් මගේ කිසි කැමැත්තක් නෑ. ටවුමේ පන්ති වලට ගියාට කොහොමත් අපි ගෙදර මේ ළමයාට ගුරුවරු ගෙනත් උගන්නවනවා. ඒ හින්දා වැඩ නොකලා කියලා එහෙම ගහන්න ලෑස්ති වෙන්න එපා. ඒවා අපි බලාගන්නම්. කවුරුවත් මේ ලමයව ආශ්රය නොකලාට කමක් නැ.

කොහොමත් මේවගේ අපිට ගැලපෙන විදිහේ ආශ්රය කරන්න සුදුසු උන් නෑ කියලා තේරුණාම මේ කෙල්ලම කියයි වෙන එකකට මාරු කරලා දෙන්න කියලා.. එතකන් ඔහේ උන්නාවේ..

කියලා අම්මා කියනකොට කෙල්ල බිම බලාගෙන හිනාවෙනවා.මට තේරුම් ගන්න බෑ ඇත්තටම මේ ඉස්කොලෙටම එන්න හේතුව මොකද කියලාවත්. එදා හම්බුනා දවසේ පන්තියේදී කතා කරපු වෙලාවේ අපි ඉගන ගන්නේ මෙහෙ කියලා කීවා උනත්… ඒක හේතුවක් වෙන්න බැහැනේ.
කොහොම උනත් මම බිම බලාගෙනම උන්නේ .බැරි වෙලාවත් මගේ මුණ මතක තිබුනොත් කියන බය මට හොදටම තිබුනා.

හරි මිස්. අපි දුවව බලාගන්නම් හොඳට.. අනුෂ්කා මිස් උනත් උත්තර දුන්නේ බයෙන් කියන එක නොතේරුනා නෙමේ..
යන්නම් මිස්වත් කියන්නේ නැතිව සදෙස්මි ගේ අම්මා යන්න ගියේ එක්කගෙන යන්න හවසට ඩ්‍රයිවර් එයි කියලා කියන ගමන්..

අනේ මිස්…
අම්මා කියන ඒවා ගණන් ගන්න එපා.. ඔය හැටි..
මටත් මේ ඉස්කෝලේ සාමාන්‍ය ළමයෙක් වගේ සලකන්න .වෙන දේවල් වලට මම ආස නෑ. හිනාවෙවී සදෙස්මි කියනකොට මිස්ට විතරක් නෙමේ අපිටත් හිනා..
හමුවෙමු ඉක්මනට

හමුවෙමු ඉක්මනින්ම


Comment වටිනවා ගොඩාක්… අඩුපාඩු කියන්න. තියන දේවල් හදාගන්න ඔනානේ


facebook මගින් කමෙන්ට් කරන්න

6 thoughts on “වසන්තය සොයා – අටවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *