විසේකාර අරුමැත්ති – තෙවෙනි කොටස

“උඹට කියන්න චේතනා…..මං රන්දිකයට කිව්වෙ බෝධිපූජාවකට යනව කියල ..”

“නෑ…..යකෝ රොෂ් උඹ තමයි දවසකටත් ගෑණි……….මේ මේ ක්‍රිශාන් එනව අන්න අයිස්ක්‍රීම් අරන්..එයාට ඇහෙන්න එහෙම ඕවා කියන්න එපා හරි ද….එයා නීතියට වැඩ දන්නවනේ…”

“අපරාදෙ බන් උඹටත් තිබ්බෙ හොඳ සෝශල් ,විසේකාර කොල්ලෙක් එක්ක සෙට් වෙන්න…ඔහොම බෝරින් නැද්ද…”

“මේ මේ එහෙම නෑ එයා හැමදෙයක්ම ගාණට…..මොඩර්න් විදියට හිතන්න දන්නවා….”

“ආ මෙන්න අයිස්ක්‍රීම් ……….රොෂ්ට චොක්ලට් එක. ස්ටෝබෙරි දෙක චේතනාටයි මටයි………. ඒක නෙවෙයි රෝෂිණී කෝ කොල්ලා ආවෙ නැද්ද තාම…”

“ක්‍රිෂාන් අයියා එයා පටන් ගන්න වෙලාවට ගාණට එයි……….”

**************

“Balam Pichkari Jo Tune Mujhe Maari……….
රෝෂ්….ඔහොම ෆෝන් එකේ එල්ලිලා ඉන්නෙ නැතුව එන්න ඩාන්ස් කරන්න කමෝඕඕන්…………….”

“අනේ ඉන්දීවර දැන් නම් හොඳටම මහන්සී ……ඌහ්හ්හ්හ් ඔහොම මාව උස්සන්න එපා…..අයියෝ…………….ඒ පාර මොකක්ද ඔය කරන්නේ…මිනිස්සු බලන් ඉන්නව ඩාලිං……….”

“ආහ් හරි වැඩක් නේ..මගෙ කෙල්ලගෙ ඒව මම අල්ලන්නෙ නැතුව ,බලන්නෙ නැතුව වෙන කවුරු බලන්න ද…..ලැජ්ජ වෙන්නෙ නැතුව මෙහාට එනවා..”

“ඔයා විතරක් නම් කමක් නැ ඉන්දීවර වටේ ඉන්න කොල්ලො ඔක්කොම බලන් හිටියා ඔයා මගේ ටී ෂර්ට් එක අස්සට එබිලා ඉන්නව..ඔයා එහෙන් අල්ලනව..ඒ මදිවට ඔයා ටීෂර්ට් එක උස්සනවත් උන් බලන් හිටියෙ ..”

“ආ…ඒකට මොකද කොහොමත් වතුර වැදිලා ඔක්කොම පේන එක නේ…දැන් චේතනාත් ගෙදර ගිහින් ඉන්න එකේ ලැජ්ජ වෙන්න දෙයක් නෑ..කළුවරත් වැටිලා……එන්න බබා මෙහාට අපි කිස් කරන ගමන් ෆොටෝ එකක් ගමු..”

“ඉන්න හෝව් හොව්ව් පොඩ්ඩක් මට ඔයාගෙ ෆොටෝස් ටිකකුත් ගන්න ඕනි අපෙ කෙල්ලන්ට ඉරිසියා හිතෙයි ඔයා වගේ ඇඟක් තියන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක ගැන…..කෝ පැටියෝ ඔය ස්කිනි එක ගලවන්න…”

“ඔයාම ගලවන එකනෙ ඇත්තෙ ෆොටෝස් ගන්න ඕනි නම්…”

“මොකක්ද ඔය කරන්නෙ…ලැජ්ජයි අනේ..ඉන්දීවර…..”

“පොඩ්ඩක් ළඟට වෙලා ඉන්නව ලැජ්ජ නැතුව..ඇයි ඔයාට මගෙ ෆොටෝස් ගන්න විතරද ඕනි.. මේ හොට් ඇඟට තදකරගෙන කිස් කරාම මොකද වෙන්නේ…ඔහොම නම් බෑ රොෂ්…මෙන්න මේක ගන්න…”

“මොනවා..මේව අර ටැබ්ලට් නේද…මීට කලින් අරගෙන නම් නෑ .මොනාද වෙන්නෙ මේක ගත්තම..”

“කමෝන් රොෂ් ඕක ගත්‍තම ඔයාට ඔයිට වඩා හොඳ රොමෑන්ටික් ෆීලින්ස් එයි..අම්මලත් ගෙදර නෑ කිව්ව නේද මං ගෙනිහින් බස්සන්නම්…”

“ඕව ඕන නෑ පැටියෝ..ඔයා හිතුවද මට ෆීල් වෙන්නෙ නැති ලෙඩක් තියනව කියල …කෝ එන්න….”

“ඔය තියෙන්නේ…රොෂ් ඔයත් හරිම හොට්…ඔය වගේ ඇඟක් වෙන කෙල්ලෙක් ට තිබ්බා නම් මොඩ්ල් කෙනෙක් වෙලා මෙලහකට…….මට මාව කන්ට්‍රෝල් කරගන්න බෑ වගේ බබා…දැන් මේක ඉවර වෙන්නත් ළඟයි අපි වාහනේට යමුද…

***************
“නවත්තනවා ඔය වාහනේ ….”

“මොකද රාළහාමි මගෙ වාහනේ දවසට කී පාරක් නතර කරනවද …..”

“නෑ නෑ මේ පාර ඩ්‍රග් කේස් එකක් නෙවෙයි ..තමුන් ප්‍රොස්ටිටියුට් ලා ඩීල් කරනව කියල …”

“මොන මගුලක් ද මේ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් …….කවුද ඕවා කියන්නේ..”

“ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි ..අපි ගාව සාක්ෂි තියනව …මේ කෙල්ල කවුද කියන්න දන්නෙ නෑ ..කලින් දේවල් වලට සාක්ෂි තියනව …ඔහොමම යං පොලිසියට …”

“මොකක්ද ඉන්දීවර මේ වෙන්න යන්නෙ ..මං කොහොමද අම්මලට මූණ දෙන්නෙ……”

“බොරුවට නාහෙන් අඬන්නෙ නැතුව හිටපන් ගෑණියේ ලක්ෂ ගාණක ඩ්‍රග්ස් තියනව මේකෙ හැමතැනම …මං මේ බයේ ඉන්නෙ ඒ ටික මාට්ටු වෙයි කියල …බබෙක් වෙන්න හදන්න එපා …ඒක නෙවෙයි තමුසෙට බැරිද වාහනේ අරන් ගෙදර යන්න..මං පොලිසියට යන්නම්..”

“එහෙම කමක් නැද්ද මෙයාලා හා කියයි ද..”.

“රාළහාමි මං මෙයා අතේ වාහනේ යවලා මං විතරක් පොලිසියට එන්නද…මෙයා සම්බන්ධ කේස් එකක් නෑ නේ.”

“ඒවා කොහොමද කියන්න කවුද දන්නේ..මේ කෙල්ල කවුද කියල තාම තහවුරු කරගෙන නෑ නේ.”

“ඒත් සර් වාහනේ මගෙ නෙවෙයි යාලුවෙක් ගෙ එයාට මේක අරන් යන්න එන්න කියන්න ද…”

“පොලිසියට එන්න කියනව…”

***************

“තමුන්ට මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියල ඔප්පු කරන්න මොනාද තියන සාක්ෂි …..”

“සර් මේ තියෙන්නේ මගෙ බර්ත්ඩේ පාටි එක දවසෙ අපෙ ගෙදර අය එක්ක එයා ගත්ත ෆොටෝස් …….මේ තව අපෙ ෆැමිලි ට්‍රිප් එකක ගත්ත ෆොටෝස් ….අපෙ අම්මගෙන් අහන්නකො බොරු නම්..”

“ඔව් සර් මේ ළමයා තමයි පුතා එක්ක යාලු වෙලා ඉන්නේ….”

“එතකොට ඔය ගෑණු දරුවගෙ දෙමව්පියෝ ..”

“ආහ් සර් ඒ ගොල්ලො නෑ.අපෙ අම්ම තමයි පොඩි කාලෙ ඉඳන් එයාවත් බලා ගත්තේ..”

දෙවියනේ මේ ඉන්දීවර බොරු ගොතන්න දන්න තරමක් නම්…මේක මෙයින් ගියොත් ඇති ..ඒත් අනිත් සාක්ෂි වල හැටියට නම් ඉන්දීවරට ගැලවීමක් නෑ….එයාට හිරේ යනව කියන එක හරි සිම්පල් දෙයක්නෙ..පුරුදු නැති දෙයක් නෙවෙයි ..මටත් කියල ලොකුවට ලව් එකක් නෑ නෙ ඉතින් එයා ගැන හැන්ඩ්සම් කොල්ලෙක් නිසා ළං වුණා ඇරෙන්න…..

***************

“මොන මගුලක් ද රන්දිකයා මගෙ ෆෝන් එකට මැසේජ් කරල ඒ මදිවට නිරෝෂ් අකවුන්ට් එකටත් මැසේජ් කරලා….

-අයියේ..මගෙ ෆෝන් එකේ සිග්නල් අවුලකුත් තියනව ..නිතරම ඕෆ් වෙනවා…

හරි දැම්ම මැසේජ් එකක්..දැන් ඇන්දෙයි ලස්සනට ..

-නංගි අද සල්ලි ලැබෙයි.ඔය මොබයිල් නම්බර් එකනේ.?මං යාලුවෙක් ට සල්ලි එව්වා..

-ඔව් අයියේ මේකට තමයි ….

මට ඉතින් සිරාවටම ෆෝන් එකක් තියන එකේ ඕකා සල්ලි එව්වම පේජ් එක තව ටිකක් බිල්ඩ් අප් කරගන්න ඕනි..ජිම් එක පැත්තේ ගියෙත් නෑ කාලෙකින්..ඉන්දීවරට නම් දැන් හොඳට එක්සර්සයිසස් හම්බෙනව ඇති …පව්..

හමුවෙමු තව කොටසකින්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *