විසේකාර අරුමැත්ති – සිව්වෙනි කොටස

“හම්මේ කාලෙකින් නේ ජිම් එක පැත්තෙ ආවේ රෝෂිණී…”

“ඒකනෙ අකිල…….”

“කොහොමද කොහොමද ඉතින් ජීවිතේ ..ඉන්දීවර ආවෙ නැද්ද ….”

“Who cares අනේ..මං දැන් එයා ගැන හිතන්නේ නෑ නේ…….ඒක නෙවෙයි කවුද අර හැන්ඩ්සම් කොල්ලා..අප්පටසිරි ඒ රැවුල…මාව පිස්සු වැට්ටුවා..”

“උඹටත් ඉතින් කොල්ලෙක් කිව්වොත් ඉන්න බෑ නේ…… මේ මේ ඌ එක්කනම් සෙල්ලම් එපා මෙහෙ court එකේ ජජ් කෙනෙක් ගෙ පුතෙක් ……”

“ආතල් එකට නෙවෙයි බන් සීරියස් අහන්නේ……..පොඩ්ඩක් හිටපන්…කෝල් එකක්……”

ඒ අස්සෙ රන්දිකයත් කෝල් කරනව…මගුල….මං ෆෝන් එකත් අරන් ටිකක් ඈතට ගියා .අලුත් කොල්ලාට හරි අකිලට හරි මං රන්දික එක්ක කතා කරනව ඇහුණොත් පුදනකොටම කාපි යකා වෙයි අනිවා..

“ඔව් අයියේ සල්ලි හම්බුණා..මං මේ ෆෝන් එකක් ගන්න ඇවිල්ල ඉන්නේ..අලුත් ෆෝන් එකෙන්ම කෝල් කරන්නම්කෝ… හරි බුදුසරණයි ..”

අකිල ගිහින් නේද මං හිටපු තැනින්…ඒකත් මරු දැන් එතනට ගිහින් කතාවට සෙට් වෙන්න ඕනි .

“සොරි අකිල මට කෝල් එකක් ආවා…….”
පොඩ්ඩක් ඇක්ෂන් දදා නළලට වැටෙන කොණ්ඩ කෑලි හද හද මං කතාව පටන් ගත්තා…

“ඉට්ස් ඕකේ…මට නම කියන්න බැරි වුණා නේ මේ මගෙ යාලුවා කෙෂාන්….කෙෂාන් මේ රෝෂිණී …”

පැන්න ගමන් අතට අත දෙන එකත් හරි නෑනේ.. මං කෙෂාන් අත දික් කරනකන් බලන් ඉඳලා අත දුන්නෙ.මූ මොන ජාතියේ එකෙක් ද දන්නෙත් නෑ.කෙල්ලො පාත්ති දාන් වවාගෙන කන එකෙක් උනොත් බුදු අම්මෝ..අකිලයගෙන් ශේප් එකේ අහගන්න ඕනි පස්සෙ…

අපි හෙන වෙලාවක් චැටක් දාගෙන හිටියා.

“රොෂ් යං ද මොනා හරි බොන්න එහා පැත්තෙ තියන රෙස්ටුරන්ට් එක පැත්තෙ ..”

අකිලයා කෙෂාන්ට ඇහැක් ගහලා ඒක කිව්වෙ ඇයි …ඒ රෙස්ටුරන්ට් එකේ උඩ තට්ටුව කපල්ස් වලට රූම් දෙන තැනක්.මුන් මොනා කරන්න යනවද දන්නෙ නෑ…

බය වෙන්න එපා රෝෂිණී ඔච්චර ගේම් දෙන උඹට ඕකුන් මොක්කු ද… මං මටම කියා ගත්තා.

“හා හරි යංකො යංකෝ.. ලෙට්ස් ගෝ…”

කෙෂාන්ව ෆිට් කරගන්න ට්‍රයි එකක් දෙන්න හරි බැරි යැ එතනට ගිහින්….

මල කෙලියයි තව පොඩ්ඩෙන් පේජ් එකේ වැඩ බලන්න බැරි වෙනව.මොනා හරි ඩීල් එකක් ඇවිල්ල ද දන්නෙත් නෑ.කිව්වත් හරි මේ තියෙන්නේ බඩු..

“Hellow… mage music video eka share karaganna puluwan da page eke..”

දැකල පුරුදු මූණක් නේ….මොනවා …මේ කෙෂාන් නේද….පඩිපෙළ නගිනකොට අකිලයාට ටිකක් කවර් වෙලා ගියත් මට මූණු දෙක කම්පෙයා කර ගන්න අමාරුවක් නෑ…..

යන්‍තන් ඇති රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඉඳ ගත්තා..දැන් නිදහසේ ෆෝන් එක ඔබ ඔබ ඉන්න පුළුවන් ….
කෙෂාන්ගෙ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තොත් මොකද වීඩියෝ එක දා ගන්න එක ගැන කතා කරන්න කියල …….

“රෝෂිණී…කැමති ඕනි දෙයක් අරන් කන්න ලැජ්ජ වෙන්නෙ නැතුව හරි ද….”

මොනවා..මෙන්න කෙෂාන් පළවෙනි වතාවට මගෙ නම කියල කතා කරා….අර අකිලයා බක බක ගගා හිනා වෙනව.

ගත්ත කටටම පැනලා අහන්නත් හිතුණා වෙනද වගේ..ඒත් මෙයා ඉන්න තැන කාඩ් කුඩු කරගෙන බෑ නේ…මූ කියලද දන් නෑ මං බඩජාරී කියලවත් ..අල්ලගන්නම්කො උඹව..

ඒ උනාට මං හෙන විනීත කෙල්ලෙක් වගේ හා කියන්න වගේ බිම බලාගෙන ඔලුව දෙපැත්තට වැනුවා.

කන්න පුළුවන් වුණේ චොක්ලට් ස්විස් රෝල් පීස් එකක් විතරයි .ෆෘට් ජූස් නම් තුන් දෙනාටම ඔරේන්ජ් ජූස් වලින් ගෙන්නලා තිබ්බේ.

“පිස්සු නැතුව තව කාපන් බන් රොෂ්..මොකද උඹට කන්න බෑ කියල යැ.කෙෂාන් ඉන්නව කියල ලැජ්ජ වෙන්න එපා යකූ…”

ඌ නම් කියයි.. හිත ගියපු කොල්ලෙක් ඉස්සරහ එහෙම කන්න ලැජ්ජයි මොනා වුණත්…

“පුංචි මහත්තයා තව මොනාද ගේන්න ඕන….”

ඒ පාර වේටර් කාරයා අමුතු බයිලයක් කියනව..එන අයට සර් මැඩම් කියනව ඇරෙන්න පුංචි මහත්තයා කියන්නෙ ..මට අකිලයගෙ මූණ බැලවුණා..මේකා තාම හිනා වෙනව මගෙ දිහා බල බල…..පේජ් එකේ සීන් එකවත් මාට්ටු වෙලා ද දන් නෑ….

හවස මං ෆෝන් එක ඔහේ වැටිච්ච තැන දාලා වොශ් රූම් ගියත් එක්ක.ආව කෝල් එකක්වත් නිසා බොරුවට මැසේජ් කරාද දන් නෑ මියුසික් වීඩියෝ කතාවක් කියලා…

තවත් නම් බ්‍රේක් නෑ මගෙ කටට.

“මොකද අකිල හිනා වෙන්නේ..”

“නෑ ඉතින් වෙනදට බෙලිකටු මල්ල වගේ කියවන කට මොකෝ අද කියල බැලුවේ……..

අනික ඉතින් මේ රෙස්ටුරන්ට් එක කෙෂාන්ට අයිති එකක්..අපි නම් අම්බානක කනවා ආවම..ඔයා ඒක දන්නෙ නැති නිසා මට හිනා ගියේ…….”

එතකොට අර උඩ රූම්ස් කුලියට දෙන්නෙත් කෙෂාන්ලමද… හරි වැඩක් නේ ඒක තාත්තා ජජ් කෙනෙක් කිව්ව නේද ……ඕව අහන්න ගිහින් කට ඉස්සර කර ගන්න එපා කෙල්ලේ…. මං තනියම මනෝ ගගහා හිටියා..

“රෝෂිණී ඒ පාර කල්පනා කරන්නේ අර උඩ කෑල්ල ගැන නේද..ආ…. මං දැකල නම් නෑ ඔයා එතනට එනව කාත් එක්කවත්…”

මූ කොහොමද මගේ හිත කියෙව්වෙ..ඒ පාර කෙෂානුත් මට ඇහැක් ගගහ කියනව..

“නෑ ඉතින් මං එතන බෝඩ් එක දැකලා තියනව ”

ඇති යන්තන් මූ දැකල නෑ මාත් එතනට එනව කියල …ඉන්දීවරත් එක්ක මං දෙතුන් පාරක්ම එතනට ඇවිල්ලා තියනව..ඒත් රෙස්ටුරන්ට් එක ඇතුළෙ පාරෙන් නෙවෙයි කන්ද උඩට වෙන්න අනිත් පැත්තෙන් තිබ්බ ගේට් එකෙන්..

“ආහ් මං දිහා අමුතුවට බලන්න එපා..ඒක අපිට අයිති එකක් නෙවෙයි මෙතනින් එන්ට්‍රන්ස් දීලා තිබ්බට..”

හම්මේ වෙලාවට…

“මේ තියෙන්නෙ මගෙ විසිටින් කාඩ් එක.. ඕනි වෙලාවක කෝල් කරන්න මෙහෙ එනව නම් බර්ත්ඩේ පාටි, බැජ් පාටි ඕනි දේකට ඉඩ තියනව ….”

දෙයියො දුන්න වගේ විසිටින් කාඩ් එකක්ම හම්බුණා..දැන් පේජ් එකෙන් නම්බර් එක ඉල්ලන්න ඕනි නෑ …පොරට මෙච්චර සල්ලි තියනව නම් මියුසික් වීඩියෝ එක දාන්න හොඳ ගාණක් කඩා ගන්න පුළුවන් ..මීට කලින් මියුසික් වීඩියෝ වල දැකලත් නෑ නේ පළවෙනි එක වෙන්න ඇති ….

***************

-ඔව් ඔව් අම්මේ පාඩම් කරා….දෙවියනේ ඒ මගෙ යාලුවො දෙන්නෙක් …අම්මටත් කොහෙන් කොහෙන් හරි නිව්ස් එනව නේද….අපි හවස මොනා හරි කාල එන්න ගියා මිසක් වෙන මඟුලකට ගියේ නෑ…..
මං තියනවා…

කෙෂාන්ගෙන් සල්ලි ගෙන්න ගන්නෙ කොහොමද දැන් …පේජ් එකේ කරපු වැඩ හොර වැඩ නෙවෙයි නෙ.සාධාරණ විදියට මොනා හරි පෝස්ට් දාල සල්ලි ගත්ත ඒවා .ඒ නිසා මගෙ අකවුන්ට් නම්බර් එක කෙළින්ම දුන්නා..ඕකුන් නම බල බල ඉන්නෙ නෑ නේ සර්නේම් එක විතරයි බලන්නෙ…

මූට අකවුන්ට් නම්බර් එක දුන්නොත් නම් මාව මාට්ටු වෙන්න බැරිත් නෑ.චෙක් එකක් එවන්න කතාව අනික.

“ඒ චේතනා..උඹලගෙ මල්ලිගෙ අකවුන්ට් එකට සල්ලි වගයක් දැම්මොත් උගෙන් ඒක ආපහු ගන්න පුළුවන් ද..”

“ආ පුළුවන් පුළුවන් එහෙම කේස් එකක් නෑ…”

වැඩේ හරි .නම මොක වුණත් මොකෝ කොලු නමක් නෙ ඕන .මං කෙල්ලෙක් කියල මාට්ටු නොවුණොත් එච්චරයි .

“කෙෂාන් සල්ලි දෙන්න ලෝබ නෑ වගෙ බන් මං ඒ නිසා වෙනදා ඉල්ලනව වගේ ඩබල් ඉල්ලුවා.වැඩේ කියන්නෙ වෙන පේජ් එකකින්වත් අහලත් නෑ..”

“මොනා උනත් පරිස්සමෙන් බන් ඈ..මතකනෙ තව පොඩ්ඩෙන් ඉන්දීවරයා එක්ක උබවත් ඇතුළට දාල වහනව ..උඹව මාට්ටු කරගන්න කරපු වැඩක්ද දන්නෙ නෑ නේ…”

“මේහ් මේ මං අහුවෙයි ඕවට….රන්දිකයා කෝල් කරනව…තියන්නම්.බායි ටේක් කෙයා ..”

“අනේ අයියේ…ෆෝන් එක නම් ගෙනාවා..සිම් එකත් ඒකෙ තමයි මේ තියෙන්නේ …….. ඔව් GR5 එකක් ගත්තේ ඔයා ගන්න කිව්ව මොඩ්ල් එක නෙ ඉතින් …”

වෙලාවට මගෙ ගාව තිබ්බෙත් ඒ මොඩ්ල් එකේ ෆෝන් එකක්ම තමයි ..නැත්තන් මේ යකා ෆොටෝ එවන්න කිව්ව නම් මළ කෙලියයි නේ..

“ඒකනෙ අයියේ…මං ඉන්ටර්නෙට් සෙටින්ස් හදා ගන්න දන් නෑ …මං හෙට උදේට යාලුවෙක්ට හරි මල්ලි කෙනෙකුට කියල හරි ඒ ටික හදාගෙන ඔයාට ෆොටෝස් එවන්නම්කෝ ….පරිස්සමෙන් ..බුදුසරණයි …..

හමුවෙමු තවත් කොටසකින්

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *