විසේකාර අරුමැත්ති – පස්වෙනි කොටස

“ම්ම්ම්ම් සලිත් දිසාසේකර..අර fb හිටිය ලස්සන කොල්ලා …ඒ වැඩෙත් නැගලා යනව දැන් ……….බලමු මොනාද අද මැසේජ් කරලා තියෙන්නේ කියල …….නෙදකින් මේ බූරුවාට මේක ෆේක් කියල නොතේරෙන හැටියක්……

-කසුනි මට ඔයාව මීට් වෙන්න ඕනි…..

අප්පා මේ වගෙ එවුන් නම්..අර එදා මට මැසේජ් කරපු නංගි නම් හෙනම පිංකාරියෙක් මේ වගෙ එකෙක්ගෙන් අයින් වෙන්න…යකෝ චැට් කරලා දවස් තුන හතරයි..අනික කසුනි අකවුන්ට් එක හද්දා ෆේක් කියල ඕන ගොනෙක්ට තෙරෙනවා..

දැන් මුගෙන් ආතල් ගත්තා ඇති වගේ…

-සලිත් බැරිවෙලා හරි මං කෙල්ලෙක් නොවුණොත් ඔයා මොකද කරන්නේ….

තේ එක බොන ගමන්ම ඕනාවට එපාවට ටයිප් කරා..

-මොනවා..කසුනි ඔයා මාව මඟ අරින්න ඕන නිසා නේද දැන් ඔහොම කියන්නේ..ඔයා කෙල්ලෙක් කියල මං දන්නවා…

-කොහොමද අද කාලෙ එහෙම විශ්වාස කරන්නේ ..කවුද දන්නෙ ඔයා අංකල් කෙනෙක් ද කියල සලිත්..ෆොටෝස් නම් ඉන්දියන් අකවුන්ට් වලින් අරන් ඕන තරම් දා ගන්න පුළුවන් නේ…

මූ දැන් මොන තූතුකුඩියක ගියත් මට එකයි.මේ ටික දවසට කන බොන එකේ පටන් ඌට තියන ජීවන ගැටළු ඒ ටූ z මට කියලා තිබ්බේ…යාලු වුණා කියල මට මෙලෝ වාසියකුත් නෑ.

-මොකක්ද කසුනි…විහිලු නොකර මට ඔයාගෙ මූණ නැතුව හරි කමක් නෑ ෆොටෝ එකක් එවන්න කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියල කන්ෆර්ම් කර ගන්න… .මං ඔයාට මගෙ ID ෆොටෝ එකක් එවන්නම් ……..

-මේ ඕයි මට එච්චරකට රුදාවක් නෑ හරි ද තමුසෙට ලව් කරන්න …යන දිහාක යනව යන්න….

-ආහ්හ්හ් මැඩම්….දැන් කවුද එතකොට හායි හූයි ගාන් මැසේජ් කරන් ආවෙ මං ද…

මං තව තිතක්වත් සලිත්ට රිප්ලයි කරන්න ඉඩ නොතියා ඌව බ්ලොක් කරලාම දැම්මා…හම්මේ බලන් ගියාම හෙන පොශ් වගේ ඉන්න කොල්ලො පට්ට හිඟන්නොනේ…

මුන්ට කොහෙන්ද මන්දා ඔච්චර ලස්සන ඇඟවල්…..

දැන් රන්දිකයට යවන්න ෆොටෝස් ටිකක් හොයා ගන්න ඕනි…
ඒකට හොඳම ක්‍රමේ තමයි දවස ගාණෙ ෆොටෝස් අප්ලෝඩ් කරන ඉන්ස්ටා ඉන්න ඉන්දියන් හරි බංගලි හරි කෙල්ලෙක්ගෙන් ෆොටෝස් උස්සන එක…

නැත්තන් මේ මල යකා ඉල්ලන ගානට යවන්න ෆොටෝස් කොහෙන්ද….
හොඳ ෆැමිලි ෆොටෝත් දාන ඩයල් එකක් හොයා ගත්ත නම් ලේසී….

“ළමයෝ….මොනාද මේ අපි නැති ටිකකට ගේ වනසලා නේ…ෆෝන් එකයි ලැප් එකයි ඔබ ඔබ ඉන්නෙ නැතුව මේව ටිකක් අස් කරන්න එනවා……”

ශික් …….මේ ෆෝන් එක රිං වෙන වෙලාවටමයි අම්මත් කතා කරන්නෙ….දැන් ආයෙ පලයන්කො පහළ ඉඳලා උඩට…

අම්මේ…..කෝල් එකාක් මං ඒක අරන් එන්නම්ම්ම් කෑ ගහන්න එපා…

“හෙලෝ….අකිල….හම්මේ….”

“මොකද බන් හති ඇර ඇර කතා කරන්නේ…රොෂ්…. ..”

“මං පහළ ඉඳලා දුවන් ආවෙ බන්……ජිම් එන්න නම් කතා කරන්න එපා පුතෝ මගෙ ගාව සල්ලි නෑ…”

“ඒ මොකද ..දැන් ඉන්දීවර සල්ලි දෙන්නෙ නැද්ද……”

“අනේ මේ අකිල ඌ ගැන නම් කතා කරන්න එපා …දැන් මං එයත් එක්ක නෑ..”

“අන්න ඒක තමයි රොෂ් මට දැන ගන්න ඕන වුණේ ..අන්න අර නඩුකාර හාමුදුරුවන්ගේ පුතා උඹ ගැන කියවනවා අපිට කනක් ඇහිලා ඉන්න නෑ ..”

‘මොනවා කෙෂාන්?? සීරියස් ද……..

“ඔව් ඔව් කෙෂාන් තමයි …ඌ උඹෙ නම්බරේ ඉල්ලනව මං දෙනව ඈ…මං කෝල් කරේ උඹට ඌව බයිට් කරන්න එහෙම එපා කියන්න …………..”

“පිස්සුද බන්….එහෙම කරන් නෑ…..හරි හරි බලමුකෝ ආශ්‍රය කරලා මෑන්ව……..ඒ එහෙනම් දැන් ගනී නේද මට යකෝ කට් කරපිය……නම්බර් බිසී වෙයි….”

“මේකි බලහල්ලකෝ….එහෙනම් මං තියනව රොෂ්………බායී…සීයූ..”

“බායී….”

දෙන දෙයියෝ පන්න පන්න දෙනව කියන්නෙ මේවට තමයි ……කෙෂාන්ව සෙට් කරගත්තොත් මං මේ ගේම් ඔක්කොම නවත්තනව සිරාවටම …රන්දිකයගෙන් සල්ලි ගන්න ඕනත් නෑ නේ……

**************

“කෙෂාන්..ගෙදර ගාවට එන්න එපා..අම්මල දැක්කොත් අවුලක් වෙයි…..ඔව් ඔව් හන්දිය ගාවට එන්න…මං මේ එන ගමන් එතනට……….”

මං ඉන්දීවරට නම් ජීවිතේ ට කියල තිබ්බෙ නෑ ගෙවල් තියන පැත්ත පළාතක්වත්..මාව ගෙනත් බස්සන්න ඇහුවම මං මගෙ වයසෙ වගේ කෙල්ලෙක් ඉන්න ටිකක් ඈත තිබ්බ වෙන ගෙයක් පෙන්නනවා..පොර යන්න ගියාට පස්සෙ ත්‍රීවීල් එකක ගෙදර එනවා….

ඒත් කෙශාන් ගැන එහෙම බය වෙන්න දෙයක් නෑනේ…අනික අකිලයා මට බොරුවක් කරන්නෙත් නෑ කීයටවත් …

රන්දික කියන ගෝත කරුමේ ඒ අස්සෙ කෝල් කරොත් ඉවරම තමයි ..

මං ඒ සිම් එක ඕෆ් කරලා පේජ් මැනේජර් අනං මනං ඇප් ඔක්කොම අයින් කරා.fb අකවුන්ට් ඔක්කොගෙන්ම ලොගවුට් වුණා..දැන් අහු වෙන්න දෙයක් නෑ..

හන්දිය ගාවට යනකොට කළුපාට කා එකත් නවත්තන් කෙෂාන් ඉන්නවා…

“හායී රෝෂිණී…වෙලාවට ආව නේ යන්තන් …”

“අපි එහෙම තමයි කිව්වොත් කිව්වා…”

“පාර මැද ඉන්න බෑ නෙ …නඟින්න කා එකට………අපි කොහෙද යන්නේ..”

“කොහෙටද ඉතින් යන්නේ..මං නම් මෙහෙ යන්න තැනක් දන්නෙ නෑ…”

එහෙම කිව්වට ඉතින් රොෂ් මේ පළාතේ ගිහින් නැති තැනක් නෑ…මතක නැත්තේ ගියේ කාත් එක්කද කියල විතරයි ….

“අපේ රෙස්ටුරන්ට් එකට ඇරෙන්න කැමති වෙන ඕනි තැනකට යන්න පුළුවන් ………..අපි බීච් යමු ද…මට සෑහෙන්න කාලෙකින් යන්න වුණේ නෑ…”

“හා යමු…”

මාත් පැන්න ගමන් කිව්වට බැරිවෙලා හරි ඉන්දීවරගෙ යාලුවො ඉන්න පානදුර බීච් එක පැත්තට එහෙම ගියොත් මගෙ අවසානේ තමයි ……මොකක් හරි කියන්න ඕන..

“හැබැයි…ගෝල්ෆේස් යන්න තමයි කැමති මං …අපි එහෙ යමු…මං සරුංගල් යවනව බලන්න ආසයි…”

“අනේ පව් පොඩි එකා..හා හා යං කො…”

\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

^^^ මේ කතාව ටිකක් අමුතුයි වගේ නිසා රුවා වෙබ්සයිට් එකට කතාව දෙනකොට ඔයාලා මේකට කැමති වෙයිද නැද්ද කියලත් මට නොහිතුණා නෙවෙයි.මොකද හිතන්නේ ෆේස්බුක් වටා ගෙතුණ මේ කතාව ගැන ?

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *