විසේකාර අරුමැත්ති – හයවෙනි කොටස

ගෝල්ෆේස් ඇවිල්ලා කා එකෙන් බැස්ස ගමන් මෙන්න කෙෂාන් මගෙ අතෙන් අල්ල ගත්ත! මං හිතුවෙ නෑ එයා එකපාරටම එහෙම කරයි කියල .ඇයි යකෝ මූ ජිම් එකේදි කොච්චර ආඩම්බර ද .ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ….

ඒ පාර කොහෙදෝ තිබිලා ගිටාර් එකකුත් ඇදලා ගත්තා කා එකෙන්.

“මාවත් ඇඳන් දුවන්නේ…මොකෝ මේ මොනා වෙලාද කෙෂාන්…..”

“වෙලා තියන දේ කියන්න එනව මෙන්න මෙහාට රෝෂිණී…ජිම් යන කෙල්ලෙක් නේද පොඩ්ඩක් දිව්වම මොකද වෙන්නේ”

කෙෂාන් දුවන වේගෙට මට දුවා ගන්නත් බෑ. අන්තිම දණිස්ස ළඟට විතර වෙනකන් රැල්ල ගහන මැදටම මාව ඇදන් ආව මල කෙලියයි.මේකා මාව මරන්න එක්කන් ආවද මන්දා…

එකපාරටම ලොකු රැල්ලක් ආපු පාර හිතුනෙම මාව ගහගෙන යයි කියල .මං කෙෂාන්ගෙ බෙල්ලෙ එල්ලුණා.මේ වගේ දේවල් ඉන්දීවරත් එක්ක ඉඳලා නුපුරුදු දේවල් නොවුණත් මොකක්ද අමුත්තක් දැනෙනවා කෙෂාන් ළඟ ඉද්දි.

කොල්ලත් හෙන රොමෑන්ටික් විදියට මගෙ ඇස් දිහාම බලන් ඉන්නව .ඈතින් ඉර බැහැගෙන ගිය නිසා ඈත හිටිය කෙනෙක් ට නම් අපි දෙන්නව නිකන් චිත්‍රෙක ඉන්න හෙවණැලි ටයිප් එකට පේන්න ඇති ..හරියටම කියනව නම් ඉසුරුමුණි පෙම් යුවල වගේ ලයින් එකකින් තමයි දෙන්නම වැල්ල උඩ හිටගෙන හිටියෙ.

ඊළඟට කෙෂාන් එයාගෙ බෙල්ල වටේ තිබ්බ මගෙ අත් දෙක අයින් කරා.මොනා උනත් මට ඒකට අවුල් මේකාට මාව එපා වුණාද දන් නෑ. පැන්න ගමන් බදා ගන්න ගිහින් ඉල්ලන් කෑවද මන්දා..

“කෝ කෝ ඔහොම බෙල්ල බදාගෙන ඉද්දි මට ගිටාර් එක ප්ලේ කරන්න බෑ…වෙන කැමති ඕන තැනකින් අල්ලා ගන්න අත් දෙකෙනුයි බෙල්ලෙනුයි ඇරෙන්න….”

“ආස ඇති නේ වෙන ඕන තැනකින් අල්ල ගන්නවට ……”

“හා හා මේ මේ විසිල් ගහන පොලිස්කාරයන්ට දෙන්න මගෙ ගාව ID එකත් නෑ..අපෙ ඩැඩීට ආරංචි උනාම ඊටත් වඩා මරු..වෙන ඕන තැනකින් කිව්වෙ පුද්ගලික නොවන තැන් වලින්…”

“ආ එතකොට පුද්ගලික නොවන කියන්නේ සී ටී බී ද ඇයි ඔයා ඒවා ජනසතු කරාද…”

“අපෝ මේකිගෙ කට.. ජනසතු නෙවෙයි ඉක්මනටම අන්සතු කරන්න හිතන් ඉන්නේ……”

ඔහොම කයිවාරු ගගහා ඉද්දි තමයි මීටර් වුණේ කෙෂාන් පේජ් එකට එවපු සින්දුව..දැන් තමයි ඒක ගැන අහන්න මරුම වෙලාව..

“ඔයාට sing කරන්න පුළුවන් ද…”

“නෑ නෑ මට බෑ..ගිටාර් එක ගෙනාවෙ සිප්පිකටු ඇහිඳින්න….”

මොන හේතුවක් නිසාද මන්දා මට වෙන අයත් එක්ක ඉද්දිට වඩා කෙෂාන් එක්ක හුරතල් වෙවී ඉන්න හිතුණා..

“අහගන්නව මැට්ටි .දෙයක් කියන්න මං අද එක්කන් ආවෙ….”

ගිටාර් එකේ කේබල් එක එක කම්පනය වෙන්න පටන් ගත්තා…..

“විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
මගේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
නෙතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුනන්න
මගේ පුංචි හැඩකාරී……..”

ඒ වෙනකොට මං බෙල්ලෙන් අයින් කරපු අත් දෙක කෙෂාන්ගෙ ඉණ වටේ යවල අල්ලන් හිටියේ .එයා මගෙ අත්දෙක ආපහු අයින් කරලා ප්‍රපෝස් කරන විදියට වැල්ලෙම දණ ගහ ගත්තා…
ඊ ළඟට මගෙ අතෙන්… ඔව් අතෙන් අල්ල ගත්තා …

කොච්චරවත් කොල්ලොත් එක්ක යාලු වෙලා ඇති ..ඒත් අද වෙනකන් කවුරුත්ම මෙහෙම කරල නෑ… ජීවිතේට එක දවසක් විතරක් හම්බුණ කෙනෙක් මෙහෙම කරනකොට කාටද අදහගන්න පුළුවන් !

“රෝෂ් …….ඔයා කැමති ද ඔයාගෙ ෆේස්බුක් පේජ් එකට සින්දුවක් එව්ව කොල්ලා කෙෂාන්ගෙ වයිෆ් වෙන්න……..”

මොනවා…. මේ යකා ඔක්කොම මගේ ගැන දැනගෙන ගේම් එකක් සෙට් කරන්න ද ඇවිල්ලා ඉන්නේ……

කෙෂාන් ඒ පේජ් සිද්ධිය නොදැන ඇහුවා නම් වයිෆ් වෙන්න කැමති ද කියල මේ මොහොත කොච්චර නම් ලස්සන වෙන්න තිබ්බද….

බයට වෙව්ල වෙව්ල එයාගෙ ඇස් දෙක මඟ ඇර ගන්න බැරුව මං හිටියා.

“ඉස්සෙල්ල මේකට උත්තරේ කියල ඉන්නකෝ…. ඉතුරු ටික පස්සෙ කතා කරමු රොෂ් ……ඔය හැමදේකින්ම ඔයාව අයින් කරලා අලුත් ජීවිතයක් දෙන්න මං කැමති ……”

ඒ කියන්නෙ කෙෂාන් ඔක්කොම දන්නව?? ඒත් කොහොමද ……….

“මොකෝ….රන්දිකට කැමත්ත දීලා ඉවරයි කියන්න නම් එපා රෝෂිණී මං ඔයාට අවංකවම ආදරෙයි …………..කෝ කියන්න ඉතින්……….”

මං දැන් මොනා කියන්න ද දෙවියනේ …එක්කො කටෙන් අල්ලා ගන්නවත් ද.

කෙෂාන් කොහොමද ඒවා දැන ගත්තෙ කියල බලන්න හමුවෙමු තවත් කොටසකින් ……

facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “විසේකාර අරුමැත්ති – හයවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *